ජිමින් ජන්කුක් එක්ක එකම වහලක් යට ඉන්න පටන් අරන් මාස කීපයක කාලයක් උනත් ජන්කුක්ට නම් එහෙමම දැනුනේ නෑ...හිතුවට වඩා ජිමින් එක්ක ගත කරන කාලය කුකීට සුන්දර වගේම විනෝදජනක එකක් උනා..
මේ කාලේ ඇතුලත ජිමින්ගේ හැසිරීම් වල පැහැදිලි වෙනසක් දකින්න තිබුණා නිසා ජන්කුක් පුළුවන් හැම වෙලාවකම එයාව hospital එකට අරන් ගිහින් ටේට පෙන්වන්න කටයුතු කරා..
අදත් ඒ වගේම දවසක් ජිමින්ව පරික්ෂා කරන්න ඉඩ දීලා ජන්කුක් ටේ එනකන් එයාගෙ room එකට වෙලා බලාගෙන හිටියා..වැඩි කාලයක් ගත වෙන්න කලින් ටේහියුන් තමන්ගේ room එකට ඇවිත් ජන්කුක් ඉස්සරහින් වාඩි උනා...
" ටේ....ජිමින් හියුන්ගේ තත්වේ කොහොමද දැන්.."
"පැහැදිලි වෙනසක් තියනවා ජන්කුකා..මං හිතුවට වඩා හොඳට උඹ එයාව බලාගන්නවා වගේ. "
හැම සැරේකම වගේ මේ පාරත් හොඳ දෙයක් අහන බලාපොරොත්තුව නම් වැරදුනේ නෑ..ජිමින්ගේ තත්වේ හොඳ අතට හැරෙන්න පටන් ගද්දි ඒ ගැන හිත ඇතුලෙන් පිනුම් ගහන්න තරම් සතුටින් හිටියේ ජන්කුක් විතරක්ම නෙවෙයි...
" මට පුළුවන් උපරිම දෙයක් කරලා මං හියුන්ව බලාගන්නවා ටේ.."
" හ්ම්...ඉස්සරට වඩා ජිමින් දේවල් වලට කල්පනා කරලා උත්තර දෙන්න පටන් අරන්..මන් අහන හැම දේටම උත්තර දෙනවා...මෑතක උන දේවල් ගැනත් හොඳ මතකයක් තියනවා. ටිකෙන් ටික එයාව හිටපු තත්වෙට ඉක්මණින් ගන්න පුළුවන් වෙයි...මං හිතන්නේ නෑ ඒකට දැන් බෙහෙත් අවශ්‍යයයි කියලා...."
ජිමින්ට සුව අතට හැරෙන්න බෙහෙත් වලට වඩා බලපෑමක් ඇති කරේ ජන්කුක්ගේ කැපවීම කියලා ටේහියුන් විශ්වාස කරා..ඒත් ඊට එහා හැගීමක් ජන්කුක්ගෙ හිතේ ජිමින් හියුන් වෙනුවෙන් දළුලමින් වැඩෙනවා කියලා ටේ දැනගෙන හිටියේ නෑ..
" මට කියන්න බැරි උනා..හියුන් සමහර දවස් වලට නිදි නැතුව ඇහැරෙන්න ඉන්නව මං දැකල තියනවා..හිටපු ගමන් මගේ කාමරේ ළඟට ඇවිල්ලා හිටගෙන ඉන්නවා..එයාට නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් තියනවා වගේ ටේ..ඒකට මොකද කරන්නේ.."
" ම්...දැනට මන් දීලා තියන බෙහෙත් වලට අමතරව මං නින්ද එන්න තව බෙහෙත් දෙන්නම්..ටික දවසක් අපි බලමුකො වෙනසක් තියනවද කියලා..කොහොමත් වැඩි කල් යන්න කලින් මන් එයාගෙ බෙහෙත් නතර කරන්න ඉන්නේ.."
YOU ARE READING
Angel With Broken Wings | [ Completed ]
Romance상처받은 마음은 사랑으로 가득 찬 또 다른 마음으로만 꿰매고 아름답게 칠할 수 있습니다... ❤️❤️