ජන්කුක් ජිමින්ව අරගෙන එයාගෙ අප්පා එක්කම apartment එකට ආවා..අලුත් තැන ජිමින්ට හරි නිශ්ශබ්ද නිස්කලංක තැනක් වගේ දැනුනා..ජිමින් ගෙදරට ආවත් හරි තාමත් අප්පාගේ අතේ එල්ලිලා ඉන්නවා හරියට පොඩි ලමයෙක් වගේ..ඒ දිහා බලාගෙන හිනා උන ජන්කුක් තමන්ගේ පුංචි නිවහනට ආරාධනා කරේ ගොඩක් සතුටින්.
" අප්පා එන්න ඇතුලට...ජිමින් හියුන් ඔයා කැමති නේද මෙහෙට... "
ජිමින් කිසිම දෙයක් නොකියා බිම බලාගෙන ඉන්නවා ..
" එන්නකෝ අපි ඔයාගෙ room එක බලන්න යමු..අප්පා ඔයාට මහන්සි ඇති නේද වාඩිවෙන්න."
ජන්කුක් ජිමින්ව එයා වෙනුවෙන්ම හදපු කාමරේට එක්කගෙන ගියා..පුංචි පුංචි ටෙඩි බෙයාස්ලව පුරවලා තිබුණ ඇඳ උඩට ජිමින් දුවගෙන ගිහින් පැනලා එයාලා එකින් එක අරන් හැම පැත්තටම හොඳින් හරවලා බලද්දී ඒ මූණේ පිරෙන ලස්සන හිනාව දිහා ජන්කුක් බලන් හිටියේ ලෝභ කමින්..
ජිමින්ට ඒ විදියට ඉන්න ඉඩ දෙන ගමන් දොර හෙමින් වහලා දාලා ජන්කුක් ආවේ එයාගෙ අප්පා ළඟට
" අප්පා.."
" ජන්කුක්...පුතේ මන් දැන් යන්න ඕනි....මන් ආයිමත් එන්නම් ඔයාලා දෙන්නව බලන්න... "
කුකීගේ මුණ අදුරු උනා..එයා බලාපොරොත්තුවෙන් හිටියා ආයිමත් අප්පා එක්ක පවුලක් වගේ සතුටින් ඉන්න..
" අප්පා.. ඔයා අපි එක්ක ඉන්නේ නැද්ද"
සැහැල්ලුවට හිනා වෙන ගමන් අප්පා ජන්කුක් දිහා බැලුවා.
" මට කරන්න වැඩ කීපයක් තියනවා දරුවෝ... මට නිතරම එන්න පුළුවන් නේ.."
" හ්ම්...අප්පා මට දෙයක් දැනගන්න ඕන..ඔයාට කොහොමද ජිමින් හියුන්ව හම්බුනේ..."
මේ තරම් වෙලාවක් තිබුණු සැහැල්ලු පෙනුම වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගත උනේ නෑ. අප්පාගේ ඇස් බිමට බර වෙලා..ටික වෙලාවකින් ආයිමත් ජන්කුක් දිහාට හැරුණා..
" මම එදා උදේ පාන්දර වැඩ ඉවර කරලා මන් ඉන්න තැනට එන ගමන් හිටියේ..පටු පාරක් නිසා මන් අඩිය ඉක්මන් කරලා ආවේ..ඒ එද්දි මට ඇහුනා..කෙඳිරි ගාන සද්දයක් මන් හිතුවේ අතරමං කරලා ගිය පූස් පැටියෙක් කියලා..සද්දෙ ඇහෙන දිහාට මන් හෙමින් සැරේ ගිහින් බැලුවා...පඳුරක් අස්සේ ඇඟේ නූල් පොටක් වත් නැතුව මේ දරුවා සීතලේ ඉද්දි මගේ පපුව පිච්චිලා ගියා.. මටත් මේ වගේම දරුවෝ දෙන්නෙක් නේද ඉන්නේ කියලා මට හිතුනා..ඒ පුංචි කොල්ලාගේ ඇග හැම තැනම තුවාල තිබුණා හරියට සත්තු කලා වගේ..අයිගෝ....මං කතා කරලා බැලුවා කෙඳිරිගාන එක ඇරෙන්න වචනයක් වත් කතා කරන්න බැරුව ඒ ලමයා හිටියේ..පුළුවන් ඉක්මණින් මන් hospital එකට අරන් ආවා..දවස් ගාණක් මේ දරුවා සිහි නැතුව ඉඳලා අන්තිමට සිහිය එද්දි තමයි මෙහෙම වෙලා තියෙන්නේ..ඩොක්ටර්ස්ලා නම් කිව්වේ කම්පනයක් නිසා කියලා..."
YOU ARE READING
Angel With Broken Wings | [ Completed ]
Roman d'amour상처받은 마음은 사랑으로 가득 찬 또 다른 마음으로만 꿰매고 아름답게 칠할 수 있습니다... ❤️❤️