දවසම කාමරේට වෙලා පාඩම් කරපු ජන්කුක්ට අකැමැත්තෙන් උනත් කෑම බීම හැම දේම ළඟට ගිහින් දුන්නෙ ජිමින්...ඒත් ජන්කුක් කැමති උනේ නෑ ගෙදර හැම වැඩක්ම තනියම කරන ගමන් ජිමින් හියුන් මේ දේවලුත් කරන එකට. ගෙදර හැමොටම එයාව පේන්නේ servant කෙනෙක් වගේ..උදේ ඉඳන් හවස් වෙනකන් එක දිගට වැඩ කරලා,නිතරම ඔම්මගේ හිත බිඳෙන වචන අහගෙන, මහා රෑ එළි වෙනකන් යුන්ගිගේ ඇඟ යට වේදනා විඳින ජිමින්ට අඩුම හොඳ නින්දක් තරම් වත් විවේකයක් ලැබුණේ නෑ...මේ ජීවිතේ ගොඩක් මහන්සි එකක් උනත් ආදරේ වෙනුවෙන් හැම දේම විඳ දරාගෙන ඉන්න ජිමින්ට මහා අමුතු ශක්තිය තිබුණා...
හවස් වරුවේ ජන්කුක් කාමරයෙන් පිටව එළියට ආවේ එයාගෙ යාළුවෝ එක්ක club එකට එකතු වෙන්න..නිතරම නොගියත් ජන්කුක්ගේ හොඳම යාළුවෝ ටික එකතු වෙන වෙලාවට එයාව නැතිවම බැරි වෙන නිසා ජන්කුක් ගොඩක් වෙලාවට club එකට ගියේ ටේහියුන් එක්ක...
ඒ එක්කම එයා දැක්කේ දොර ළඟට වෙලා bag එකකුත් උරහිසේ එල්ලගෙන ගෙදරින් එලියට යන්න හදන ජිමින් හියුන්ව. ජන්කුක් ඉක්මනට එතනට දුවගෙන ගියා..
" හියුන්.. මේ වෙලාවේ කොහේ යන්නද "
" කුකී... මන් මේ කඩේට යන්න හදන්නේ. ඔයා එළියට යනවද.."
" ආ ... ඔව් යාළුවෝ හම්බෙන්න..යමු මමත් ඒ පැත්තෙන් යන්නේ..."
" හ්ම්..."
ජිමින්ගේ ඇස් ගිලෙන ලස්සන හිනාව ළඟ ජන්කුක්ට ඇති උනේ අනුකම්පාවක්..ජන්කුක් එයාව ඉස්සර කරගෙන යන දිහා ඔම්මා බලාගෙන හිටියේ ඇස් හීනි කරගෙන...
ජිමින් හරිම නිශ්ශබ්දයි...හිතේ තියෙන ප්‍රශ්න ටික ජිමින්ගෙන් අහන්න හොඳම වෙලාව දැන් ඇවිත් කියලා කුකීට හිතුනා....
" මේ... හියුන් .... මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා...මගෙත් එක්ක තරහ ගන්නේ නැ නේද..."
" කුකී ඕනි දෙයක් අහන්න... මන් තරහ ගන්න ඇයි "
" ඇයි හියුන් මෙච්චර අහින්සක.....මන් කියන්නේ...අපේ ඔම්මා එක්ක ඔයා කොහොම ද හියුන් මෙහෙම ඉන්නේ....ඒ මදිවට හියුන්... ඔයා ඇයි මේ දේවල් ඉවසගෙන තාමත් ඉන්නේ... ඇත්තමයි මන් ඔයා උනා නම් එක විනාඩියක් වත් මට ඉන්න බැරි වෙයි..."
YOU ARE READING
Angel With Broken Wings | [ Completed ]
Romance상처받은 마음은 사랑으로 가득 찬 또 다른 마음으로만 꿰매고 아름답게 칠할 수 있습니다... ❤️❤️