°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°° 01

1.1K 51 2
                                    

°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°

ජීවිතේ කියන්නේ කටු ඉඹුලක්... ආදරේ කියන්නේම මහ වේදනාවක්.. ජීවිතේ කවමදාවත් ආදරේ නොකරපු කෙනෙක් ඉන්න පුලුවන්ද.. ඔවු එහෙම අය ඉන්නවා.. මමත් ඒ වගේ කෙනෙක්... ආදරේ කියන්නේ වේදනාවක් නිසාම කවදාවත්ම ආදරේ නොකර ආදරෙන් පලාගිය ජීවිතයක්.. ඒත් ආදරේ හොයන හදවතක්..

මුහුදු වෙරළේ කොනක වාඩිවෙලා නිමක් නැති මහ සාගරේ දිහා බලාගෙන මම මම ගැනම කල්පනා.. මට මම ගැනම මහ ආත්මානුකම්පාවක් දැනුනා..

ෂහී....ෂහී..... මුගේ කන් පොට්ට වෙලාද.. යකෞ... බම්ලෞ තෝ මොනවද මෙතනට වෙලා කරන්නේ.. අන්න අරහේ සෙට් එකම තෝ හොයනවා.. යමන්...

පීටූ... ඒතමයි මගේ බොක්ක.. මූ බෙලි කටු මල්ල හොල්ලනවා ඉවරයක් නෑ...

අපෝ... තෝ නම් මහ සාපයක් ඔත්තෞ... මම මැරෙන්න ගියත් තෝ මගේ පස්සෙන් එයි.. යකෞ මට කියලත් පොඩි නිදහසක් දීපන්... බලපන් දැන් තෞ මගේ කිරි දත් හැලෙන කාලේ ඉදන්ම මගේ පස්සෙන්මයි..

එහෙම තමයි ඔත්තෞ පතාගෙන ඔතාගෙන යන්නේ මම උබව.. හා හා යමන් දැන උබේ සිංදුවක් නැතුව පාටිය වේලෙනවා..

මම පීටූ එක්ක ආපහු වෙරල අයිනේ තිබුන restaurant එකට ආවා...අපේ සෙට් එක කාලෙකින් එකතු වෙලා අද පාටියක් දානවා.. මොන ප්‍රීතිය නිමිත්තෙන් ද දන්නේ නෑ.. ඒත් ඉතින් කට්ටිය කුඩු වෙන්න ගහනවා... ගෙදර යන්නේ පසුව දා හවස තමයි..

අඩේ බොක්ක... ෂහී... වෙරම් මයේ අම්මා උබේ සිංදුවක් නැතුව මොන පාටිද බම්...ආ මෙන්න මේක ගනිම්..

ලසා... මගේ අතට ගිටාර් එකකුත් දෙන ගමන් මාව ඌ ලගින් වාඩි කරව ගත්තා... හෙමින් තාලෙ අල්ලපු මම... මගේ ජාතික ගීය වගේ මම මුමුණන සිංදුව කියන්න පටන් ගත්තා...

සේපාලිකා මලයි... සුදු පාට මීදුමයි...
හරි ලස්සනයි සුදුයි. ඇත්තටම නුබ වගෙයි..

මාව වෙනම ලෝකෙකට ගියා වගේ මම සමවැදිලා සිංදුව කියද්දී හැමදාමත් වගේ සෙට් එකම හ්ම්... නැතුව ඒ මිහිර වින්දා.. සිංදුව ඉවර වෙනවත් එක්කම මගේ ඇගට පැන්න පීටූ...

අනේ... මගේ වස්තුව... කියලා මගේ මුණ ඉබින්න ගත්තා...

ඊයා බල්ලෞ තෝ ලග ගද... පලයන් යන්න..

මම පීටුව තල්ලු කරලා දාලා බාර් එක ලගට ගිහින් වාඩි වුණා... හැමදාමත් මගේ favorite mix strong... දෙක දානකොට පීටුට නම් වදිනවා... මට නම් අනේ මන්දා ෂොට් දහයක් වත් යන්න ඕන යන්තම් වදින්න...

මේ ලසා බඩු නැද්ද... dunhill switch එකක් අතට ගන්න ගමන් මම ලසාගෙන් ඇහුවා...

මේ ඔත්තෞ... තොට මම කියලා තියනවා.. මල් ඔතන්න ගහන්න එපා යකෞ.. අඩියක් ගැහුවා වගේ නෙමී.. මාමා කෙනෙක්ට අහුවුණොත් ඇතුලේ...

තොට ඒ මගුලක් වැඩක් නෑනේ.. තියනම් දීපන් නැත්නම් පලයන්...

හරි හරි ඉතිම් මම නෑ කිව්වේ නෑනේ.. උබට ඕන නම් මම දෙන්නම්.. ආ.. ඉදා...

ලසා දීපු පොඩි පැකට් එක කඩලා dunhill එකත් කඩලා දෙකම කලවන් කරලා කොලයක් අරන් ඔතාගෙන ලයිටරෙන් පත්තුකරන් මම හෙමින් මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගිහින් මට පුරුදු තැන වාඩිවුණා... කොයිතරම් බිව්වත් වදින්නේ නැති මට මේකනම් ලෙසට වදිනවා..මට ඉබේටම පොඩි හිනාවක් ගියා.. ජීවිතේ හැමදේම අමතක කරන දිව්‍යමය සැප.. ටික ටික මට දැනුනේ මම පාවෙනවා වගේ.. මට හැමදේම පෙනුනේ හරිම ලස්සනට.. මට ටිකක් එහායි මුහුදට ඇතුලට වෙන්න හදපු පාලමක් තිබුනා.. ඒක හරියට බෝට්ටු නවත්තන තැනක් වගේ.. ඒ පාලම උඩ හරිම ලස්සන සුරන්ගනාවියක්... සුදුපාට දිග ගවුමක්... උකුලෙන් පහලට කඩා වැටුන දිග කොන්ඩය අකීකරු විදිහට හැම අතටම විසිරුනා... පාලම අයිනට වෙන්න හිටගෙන මුහුදට බරවෙලා ඔලුව බිමට හරවන් ඉද්දී එයාව පේන්නේ අහසින් බහින සුරන්ගනාවියක් වගේ...

ඒයී...ඒයී.. මොකක්ද ඔය කරන්නේ පනින්න නේද හදන්නේ.. යමන් බන් ඉක්මනට..

හිනා වෙවී එයා දිහා බලන් ඉදපු මාවත් ඇදගෙන පීටූ පාලම දිහාට දුවන්න ගත්තා...

මතුසම්බන්ධයි .....

#UNIනිම්හිම්

 නිම්හිම් GL CompleteWhere stories live. Discover now