°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°
පහලොස්වන නිම්හිම් සෙවුම
අපි ගොඩක් විශ්වාස කරලා ලංකර ගන්න අය ඒ විශ්වාස බැදලා දැම්මම ලොකු අසරණකමක් වගේම ලැජ්ජාවකුත් දැනෙනවා.. ක්‍රිෂ්ව විශ්වාස කරලා ලසා කරගත්තෙත් ඒ වගේම දෙයක්.. මේ වෙනකම් වාඩි දුර හොයලා නොබැලුව නිසා අතපසු වුණ ගොඩක් අක්‍රමිකතා ක්‍රිෂ් ගේ හොර අහුවෙනවා එක්කම එලි වෙන්න ගත්තා.. සිදුවුණ පාඩුව කෙසේ වුණත් තව තව දුර දිග යන්න කලින් ක්‍රිෂ් ව අහුකරගන්න පුලුවන් වුණ එක ගැන නම් හැමෝම සතුටු වුණා.. කලින් දවසේ national day එකට නිවාඩු ගිය ගොඩක් සේවකයෝ තාමත් වැඩට ඇවිත් නැති නිසා ඉතුරු හැමෝම සුපුරුදු පරිදි restaurant එකේ වැඩ පටන් ගත්තා.. vacation එකේ තිබුණ තරම් තදබදයක් නැතත් තාමත් foreigners ලා ගෙන් නම් අඩු වක් තිබුනේ නෑ.. වෙලාව දහවල් 12 පහුවෙලා බව දැකපු පීටූ restaurant එකේ කොනක තිබුන TV එක on කලේ news බලන්න කියලා... විවිධාකාර පුවත් අතරින් ඇහුන එක පුවතක් නිසා හැමෝම TV එක ලගට කිට්ටු වුණා...
දින කිහිපයකට පෙර මිය ගොස් ඇතයි සැක කෙරෙන පිරිමි මළසිරුරක් සොයා ගැනේ....
මීට දින කීපයකට පෙර මිය ගියා යැයි සැකකෙරෙන පිරිමි මළසිරුරක් හික්කඩුව පිරිමි නේවාසිකාගාරයක තිබී සොයාගෙන ඇත.. ක්‍රිෂාන් නැමති මොහු වයස අවුරුදු 23ක් පමණ වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් හික්කඩුව සංචාරක නිකේතනයක සේවය කර ඇති බවත් සොයාගෙන ඇත.. තවද මෙම මරණයට හේතුව සියදිවි නසාගැනීමක් බව ද සදහන් වේ..
ක්‍රිෂ්ට මොනවද වුණේ කියලා නොදන්නවා වුනත් පීටු හීනෙකින්වත් හිතුවේ නෑ ක්‍රිෂ් මැරිලා ඇති කියලා. ඒ news එක නිසා කම්පනය වුණ පීටූ ෂහීව හොයන්න ගියේ ඇත්තටම එදා මොකද වුණේ කියලා දැනගන්න ඕන නිසයි..
ෂහී... ෂහී.... ඔයා ඇතුලේ ඉන්නවද... මම ඇතුලට එන්නද...
ආ... පීටු... එන්න .... මැණික මට විනාඩියක් දෙන්න මම wash එකක් දාගෙන එන්නම්..
ආ..පෝ තාම මූණ හේදුවේ නැද්ද... යනවා යනවා ඉක්මනට...
ෂහීව bathroom එකට තල්ලු කරලා දොර වහපු පීටූ එයාගේ පරණ මතක අලුත් කලා... ටික කලෙකට කලින් මේක පීටුගෙත් කාමරය වුණා.. ඒත් ෂහීගේ operation එකෙන් පස්සේ පීටූ සිහිනිගේ කාමරයට ගියේ තව දුරටත් වෙනදා වගේ ෂහී එක්ක එකට ඉන්න බෑ කියලා හිතුන නිසා.. ඒත් එදා ඉදන් අද වෙනකම් ඒ උණුහුම නැතුව පීටූට නින්දක් නම් ලැබුනේ නෑ... ටික වෙලාවක් යද්දී bathroom එකෙන් එලියට ආපු ෂහී පීටූ ඉන්නවා කියලා ගානකවත් නැතුව සැහැල්ලූ ඇදුමක් අරන් ඇදගත්තා..