°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°
සිව්වන නිම්හිම් සෙවුම
සෑහෙන වෙලාවක් ලසා එනකම් බලන් ඉදපු මමයි පීටූ යි බැරිම තැන අපේ room එකට ගියේ තවත් නම් අවදියෙන් ඉන්න බැරිම තැන.. අපේ සෙට් එකේ සමහරවුන් තාමත් බාර් එකේ තැන තැන වැටිලා නිදි.. උන් ටිකට එහෙම ඉන්න ඇරලා අපි දෙන්නත් wash එකක් දාගෙන නිදාගත්තා.. උදේ පාන්දරම මගේ ඇගේ පැත්තක් නෑ වගේ දැනුන වේදනාව එක්ක මම ඇස් ඇරලා බැලුවේ ඒ මොකද කියලා.. මම හිතුවා හරි.. අදත් මේ මෝඩයා මගේ ඇග උඩ නිදි.. අනේ මන්දා කොයිතරම් අයින් කලත් මේකා කොහොම හරි දගලලා මගේ ඇග උඩටම එනවා..
පීටූ... පීටූවෝ... නැගිටිපිය මුකලන් බස්සෝ.. තෝ නම් මහ සාපයක්.. බලපන් මගේ ඇගේ පැත්තක් නෑ වගේ...
අනේ වස්තුවේ තව ටිකක්....
පීටූ තව තව හොදට මට තුරුල් වුණා...
පීටුගේ ඔලුවට පාරක් දීපූ මම ඌව තල්ලු කරලා ඇදෙන් බැහැලා wash එකක් දාගන්න ගියා... මම bathroom එකෙන් එද්දිත් මූ නිදි..
පීටු නැගිටපන්... මේ wash එකක් දාගෙන වරෙන් ලසා බලන්න යන්න... අර කෙල්ල කවුද කියලා හොයාගන්න ඕන නැද්ද..
ඒක ඇහුණ ගමන් නිදාගෙන ඉදපු එකා ඉද්දගැහුවා වගේ නැගිට්ටා..
මට විනාඩියක් දීපන් මම wash එකක් දාගෙන එන්නම්..
අපි දෙන්නම ලෑස්ති වෙලා ලසාගේ කාමරේට ගියේ ඊයේ මොකද වුණේ කියලා දැනගන්න..
හිමීට ලසාගේ දොරට ගහපු මම ලසාගේ නම කියලා කතා කලා..
ලසා....ලසෝ... තාම නිදිද...
ආ...ආ..ෂහී... ෂහී දොර ඇරලා තියෙන්නේ එන්න .....
අපි දෙන්නා දොර ඇරන් ඇතුලට ගියත් ඒ දැකපු දෙයින් මගේ හිත ටිකක් ගැස්සුනා... සිහිනි ලසාගේ උකුලේ ඔලුව තියන් නිදි... ලසා headboard එකට හේතුවෙලා නිදි...
ලසා මොකද බම් මේ...
ෂූ..ෂූ.. සද්ද කරන්න එපා පම්කෝ... සිහිනි ඊයේ මුලු රෑම ඇඩුවා.. එලියට වෙන පාන්දර තමයි නිදාගත්තේ.. මටත් එහෙමම නින්ද ගියා.. මේ ෂහී මෙයාව ටිකක් අල්ලන්කෝ ඇදෙන් තියන්න..