°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°° 19

148 22 1
                                    

°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°

දහනවවන නිම්හිම් සෙවුම

ෂහින් නිම්නෙත් සේනානායක යන ඔබ මෙහි සිටින පිනුදි ටෙහන්යා දිසානායක යන අයව විවාහ කර ගැනීමට කැමතීද...

"ජීවිතේ ආදරය බැදීම් වේදනාවක් විදිහක දැකපු මම අද වෙද්දී  ඒ වේදනාවට ආදරේ කරන්න අරගෙන... අපි මොන තරම් බැදීම් වලින් ඈත්වෙලා ඉන්න හැදුවත් බැදීම් නැති ජීවිතේ හරියට මහ සාගරය මැද තනිවුණ පුංචි බෝට්ටුවක් වගේ.. බලන බලන තැන තියෙන්නේ හිස්බව විතරයි.. අද මෙතන මගේ ඉස්සරහ ලස්සන පීච් පාට ඇදුමක් ඇදලා angel කෙනෙක් වගේ ඉන්නේ අවුරුදු ගානක් මම පරිස්සම් කල මගේ කරගන්න බලන් ඉදපු ඒ ආදරේ.. තනියම  නෙමි එයා එක්කම අපි දෙන්නගේ වටිනාම වස්සතුවත් එයා තුල වැඩෙනවා... ඉතින් ඇයි මම අකමැති වෙන්නේ"

පුඡකතුමා අහපු ප්‍රශ්නය එක්ක සිතුවිලි අතර අතරමන් වුණ ෂහී පුජකතුමා ටිකක් සද්දෙට උගුර පාදද්දී පියවි සියට ආවේ..  හරි ආදරෙන් පීටූ දිහා බලපු ෂහී පීටුගේ අත් දෙකෙන් අල්ල ගත්තා...

ඔවු මම කැමතී... දරාගන්න බැරි තරමට ආදරයක් හිතේ පුරවන් ෂහී උත්තර දුන්නා...

පිනුදි ටෙහන්යා දිසානායක යන ඔබ මෙහි සිටින ෂහින් නිම්නෙත් සේනානායක යන අයව විවාහ කරගැනීමට කැමතීද....

පුජකතුමා පීටුගෙනුත් ඒ ප්‍රශ්නයම  අහද්දී ෂහීගේ අත අතෑරපු පීටූ එයාගේ කුසට අත තියාගෙන කතා කරන්න ගත්තා...

පැටියෝ... මොකද කියන්නේ තාත්තීව marry කරන්න බෑ කියමුද... එයා තාම අපට ආදරේ වත් කියලා නෑ..

ඒක ඇහුණ ෂහීගේ ඇස්වල කදුලු පිරුනේ ඉබේටමයි... ඇත්ත .... කොයිතරම් ආදරයක් හිතේ තිබුනත් එයා තාමත් ඒ ආදරේ පීටුට  කියලා නෑ... පීටු ලග දනගහපු ෂහී හරි පරිස්සමට පිටුගේ කුස දෝතින් පිරිමැද්දා...

පැටියෝ... දන්නවද... ඔයාලගේ අම්මිට මම පණටත් වඩා ආදරෙයි.. තාත්තී වැරදී තමයි.. ඒක තාමත් අම්මිට කියුවේ නෑනේ මම..

එහෙමම ඉදගෙන පීටු දිහා බලපු ෂහී පීටුගේ අත්වලින් අල්ල ගත්තා...

මැණික... මගේ angel මම ඔයාට ආදරේ කරන්නේ මුලින්ම ඔයාව angel කෙනෙක් වගේ දැකපු දවසේ ඉදන්මයි... මම වරදක් කලා.. ඒත් මගේ angel ට මම  පණට වඩා ආදරෙයි... ඉතින් මට සමාව දීලා මාව marry කරනවද...

 නිම්හිම් GL CompleteOnde histórias criam vida. Descubra agora