°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°
දොලොස්වන නිම්හිම් සෙවුම
2010. 10 28 දින ස්ත්‍රි අනන්‍යතාවක් සහිතව උපන් ෂහිනි නිම්නෙතු සේනානායක යන අය 2035. 12. 31 එනම් අද දින පටන් පුරුෂ අනන්‍යතාවය සහිතව ෂහීන් නිම්නෙත් සේනානායක ලෙස නම් දරණ බව මෙයින් ප්‍රකාශ කර සිටී..
ජීවිතේ පහසුවෙන් ලැබෙන දේට වඩා උත්සාහයෙන් ලබාගන්න දේ වටිනාකමින් වැඩියි කියලයි මම හිතන්නේ.. උපතින් ද්විලිංගිකයකු විදිහට ඉපදිලා දෙමාපියන්ගේ උවමනාවට ස්ත්‍රි අනන්‍යතාවය අරගත්තත් ඇත්තටම මම කවුද කියන එක හරියටම තේරුම් අරන් බාධක ගොඩක් මැදින් මම අද මගේ අරමුණට ලගාවෙලා තියනවා.. විදින්න පුලුවන් උපරිම වේදනාවන් වින්දත් අද දවසේ ඒ හැම වේදනාවකටම වටිනාකමක් ලැබුනා.. උසාවියෙන් එලියට ආපු ගමන්ම මාව වටකරගත්ත ලසා පීටු සිහිනි මට හදවතින්ම සුභ පැතුවා..
ඕ..... මගේ කොල්ලා.... ඔන්න එහෙනම් අද ඉදන් මුලු ලෝකයම සැකයකින් තොරව ඔයාව පිලිගන්නවා... ලසා මාව තද කරලා බදාගෙන කියද්දී ඇත්තටම මට සතුටු හිතුනා..
Thanks මචං...
හා හා thanks කියලා බෑ.. අද අපට හොදට සලකන්න ඕන. මම සෙට් එකටම කිව්වා අද restaurant එකට සෙට් වෙන්න කියලා.. අපි අද රෑට... party party oh yeah party party ...
ඒ ලසා ගේ හැටි... ඌට party නම් වෙන මොනවත් ඕන නෑ...
මේ මෝඩ...යා අපි තාම මේ උසාවිය ඉස්සරහ ඉන්නේ.. තමු...සෙට ඕන අපි සේරම හිරේ යවන්නද... මෙන්න මෙහෙ එනවා යන්න...
ලසාගේ පිටට පහරක් දුන්න පීටූ ලසාවත් ඇදගෙන car එක ලගට ගියා... car එකට නැගපු අපි කෙලින්ම ආවේ restaurant එකට.. දැන් ක්‍රිෂ් ඉන්න නිසා බය නැතුව අපි හතර දෙනා restaurant එක ක්‍රිෂ් ට බාරදීලා කැමති තැනක යනවා.. අපි restaurant එක ඇතුලට යද්දී 31 St night එකේ party එකට ක්‍රිෂ් වැඩ පටන් අරන්.. foreigners ලා ගොඩක් ඉන්න නිසා අපි හැම අවුරුද්දකම 31st party එක ලොකුවට ගන්නවා.. මේ වතාවේ ඒක වෙනදට වඩා විශේෂ වෙනවා.. මොකද මට හරියට මගේ 25 birthday එකත් සමරන්න බැරිවුණ එකේ අද මට විශේෂ දවසකුත් වෙන එකේ... අද හැමෝටම spacial party එකක් මම ගානේ...
ක්‍රිෂ්... කොහොම party එකේ වැඩ හොදට යනවා නේද... අනික drinks oder එක ආවා නේද... ක්‍රිෂ් ලගට ගියම මම ඇහුවේ party එක කිසිම අඩුපාඩුවක් නැතුව කෙරෙන්න ඕන නිසා...