°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°
දහසයවන නිම්හිම් සෙවුම
පීටු restaurant එකෙන් පිටවෙලා දවසක් වෙනවා.. ඒත් තාමත් එයාගේ 4n එක වැඩ නෑ.. ඊයේ ඉදන් restaurant එක open නොකලේ වැඩ කරන්න තරම් මානසිකත්වයක් කාටවත් තිබුනේ නැති නිසා.. සේවකයෝ හැමෝටම නිවාඩු දීලා තුන්දෙනාම සාකච්ඡා කලේ ඊලගට මොකක්ද කරන්නේ කියලා.. සිහිනි ඊයේ ඉදන්ම නොනවත්වා කියවයි.. රෑ හීනෙනුත් කියෙව්වද මන්දා..
මම කිව්වා.. එකපාරක් නෙමි සිය දහස් වතාවක් කිව්වා.. අපි මීට වඩා පරිස්සම් වෙන්න ඕන කියලා.. ඒත් ඇහුවේ නෑ.. දැන් බලන්න වෙච්ච දේ..ෂහී ඔයාම කියන්න දැන් මම මොකද කරන්නේ.. ඔයාව විශ්වාස කරලයි මම මේ සම්බන්ධයට කැමති වුණේ.. අන්තිමට බලන්න වුණ දේ..
ආ... මේ මේ... මගෙන් මොනවත් අහගන්න එපා හරිද... දැන් මම ඔයාට කිව්වද pregnant වෙන්න කියලා.. අනික තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ සිහිනි.. මේවා ඔයාගෙත් වැරදී...
ඔවු ඔවු මම තමයි දැන් වැරදී....
සිහිනි පිස්සුවෙන් වගේ කියවද්දී ෂහීටත් තව දුරටත් නිහඩව ඉන්න බැරිවුණා.. ෂහී හීනයකින්වත් හිතුවේ නෑ මේවා මේ විදිහට වෙයි කියලා... මේ හැමදේම අතරේ ලසා තාමත් කම්පනයෙන් බලාගත්ත අත බලාගෙන ඉන්නවා.. එතකොටම වගේ සිහිනිගේ 4n එකට msg එකක් ආවා... තරහින් 4n එක අතට ගත්ත සිහිනිගේ මූණේ ඉරියව් වෙනස් වෙන්න වැඩි වෙලාවක ගියේ නෑ.. තරහින් පුපුරමින් හිටිය සිහිනිගේ ඇස්වලින් කදුලු බේරෙන්න ගත්තේ පාලනයෙන් නැතුවයි... එකපාරටම වෙනස් වුණ සිහිනි දිහා බලන් ඉදපු ෂහී සිහිනිගේ 4n එක උදුරාගෙන බැලුවේ එයා අඩන්න තරම් මොනවද එයා බැලුවේ කියලා... ඒත් 4n එකේ තිබුණ දේ දැකපු ෂහී ඊටත් වඩා නොසන්සුන් වෙලා..
පීටූ:- සිහිනි මට සමාවෙන්න උදේ මම හැසිරුණ විදිහ ගැන.. මට මාව පාලනය කරගන්න බැරිවුණා.. මම තීරණය කලා මම සැලසුම් කල විදිහටම surgery එක කරන්න.. හෙට ඒකේ පලවෙනි step එක තියනවා.. මට සමාවෙන්න කලින් ඔයාලට නොකිව්ව එකට.. ෂහීව පරිස්සමට බලාගන්න.. එයා පොඩි එකෙක් වගේ වෙලාවකට.. හැමෝම පරිස්සමට ඉන්න...
ෂහී එසැනිම්ම පීටුට call කලත් ආයෙම එයා 4n එක off කරලා තිබුනා.. තරහා දුක දෙකම මුසුවූ හැගීමක් එක්ක එතනින් නැගිටපු ෂහී ලසාගෙන් car එකේ යතුර ඉල්ලුවේ පීටුව හොයන්න යන්න කියලා..