ජින් ඇරුණ ජනේලයෙන් පිටත බලද්දී දැක්කේ ගේ ඇතුලේ ඉන්න යුන්ගී මුහුදු වෙරලේ පොඩි එකෙක් වගේ රැල්ල ලගට එනකොට වෙරලට දුවනවයි .. ආයි රැල්ල මුහුදට යද්දී ආපහු ඒ දිහාවට දුව දුව සෙල්ලම් කරන හැටියි ..." මූ නම් තාමත් පොඩි එකෙක් වගේ " ජින් තමන්ටම කියා ගන්න ගමන් සිනාසී නැවතත් ජනේලය වසා දමා පහල තට්ටුවට ගොස් මිදුලේ තිබූ bench එක මත හිදගෙන ඈත පේන ක්ෂිතිජය දිහා බලන් ඉද්දී ඔහුට නොදැනීම හවස් වී තිබුණා ...
ජින් ලගට ගිය යුන්ගී ටිකක් සද්දෙන් " ඒයි ජිනා මං හිතන්නේ දැන් hotel එකට ගියොත් හොදයි ... " එවිටම වගේ ජින් " මට තව ටිකක් ඉන්න ඕනි " එලෙස කියද්දී ටිකක් වෙලා කල්පනා කරපු යුන්ගී..
" ආ එහෙනම් උඹ ඔතනට වෙලා ඉදපන් .. මං ඉක්මනටම එන්නම් .." යුන්ගී එලෙස කියමින් පිටතට යද්දී ජින් " යුන්ගී ඔයාගේ ඇදුම ටිකක් තෙමිලා "
" ආ .. මං මේ පොඩ්ඩක් රැල්ල පෑගුවනේ ඒකයි මේ .. හැබැයි ඒක එච්චරම අවුලක් නෑ .. මං ඉක්මනින් එන්නම් .. කොහෙවත් යන්නේ එහෙම නැ " කියලා යුන්ගී දුවන් යන දිහා බලන් හිටපු ජින් " උඹ ඇත්තටම හොද යාලුවෙක් ... මට උඹව කවදාවත් අමතක වෙන් නැති වෙයි ..."
ටික වෙලාවක් යද්දී ඈත අහසේ පියාඹන මුහුදු ලිහිණියෝ දිහා බලන් හිටපු ජින් " මටත් ආසයි පියාඹන්න .. ඒත් මගේ අත්තටු කපලා දාලා වගේ දැනෙන්නේ .. මාවත් ඔයාලා යන තැනකට අරන් යන්න පුලුවන්ද ... මට මහන්සී ගොඩක් .. මටත් ඔයාලා වගේ සැහැල්ලුවෙන් ඉන්න ඕනි ..."
ජින් අහස දිහා බලන් කියද්දී පියඹා යමින් සිටි කුරුල්ලෙකුගේ පිහාටුවක් හිමින් සැරේ කැරකෙන ගමන් ජින් ගේ උකුල මතට පතිත වූයේ ජින් ඒ දිහා බලන් ඉද්දීමයි ....
" ඔයාලට මං කියපු දේ ඇහුණා නේද .. ඒකනේ මට ඔයාගේ පිහාටුවක් දුන්නේ .." ජින් එලෙස කියන ගමන් ඒ පිහාටුව තමන් ඇදන් හිටපු කෝට් එකේ සාක්කුවට ප්රවේශමෙන් දමා නැවතත් ඈත ක්ෂිතිජය දිහා බලද්දී දැක්කේ ..
රෝස පාට තැඹිලි පාට වැනි විවිධ වර්ණයන්ගෙන් හැඩවෙලා තියෙන අයුරුයි ... එය තවත් විචිත්රවත් කිරීමට වගේ ඈත අහසේ ගිනි බෝලයක් වගේ දිලිසෙමින් හුන් සූර්යයා ටික ටික මුහුද විසින් ගිල ගන්නා අයුරු දිහා බලන් හිටිය ජින් තම කෝට් එක ඇතුලට දාලා තිබුණ පොඩි පොතක් අරන් ඒ සමගම තිබූ පැන්සලත් රැගෙන මේ අපූරු සුන්දරත්වය තම හස්තයෙන් සිතුවම් කරන්න පටන් ගත්තා ....
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanficමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]