Chapter 10 💜 End

305 45 23
                                    


යිබෝ කිව්ව නිසා බීච් එකට ආපු ශාන් හැමතැනම හෙව්වේ යිබෝව..
ශාන්ගේ ඇස් හැමතැනම යිබෝව හොයද්දි
පුංචි ළමයෙක් ශාන් ලගට ඇවිත් ඒයාගේ කෝට් එකෙන් ඇද්දෙ ඒයාට බිමට පහත් වෙන්න කියලා අතින් සංඥා කරන ගමන්
ඉතින් ශානුත් බිමට පහත් වේලා ඒ පොඩි ළමයගේ අතින් අල්ලගත්තේ

❤️ඇයි පැටියෝ ඔයාට මොනව හරි කියන්න තියෙනවද?

මොකුත් නොකියම පුංචි කොළයක් ශාන්ගේ අතට දිලා " ඒ අංකල් බලන් ඉන්නවා කිව්වා..." කියලා ශාන්ට රහසෙන් කියලා ඉක්මනට දුවලා එතනින් යන්න ගියා..

❤️ ඔහොම ඉන්න ඔය පරිස්සමෙන්...

පුංචි ළමයා එතන තිබුන රෙස්ටුරන්ට් එක ඇතුළට යනකල්ම ඒයා දිහා බලන් ඉදපු ශාන් ඒ ළමයා දුන්න පුංචි චිට් එක බැලුවා..

" ඔහොම දකුණු පැත්තට අඩි විසිපහක් ඇවිදගෙන එන්න..."

අත්අකුරු වලින්ම ශාන් අදුරගත්තා ඒ යිබෝ කියලා.. ඉතින් කියලා තියෙන විදියට කරනවා ඇරෙන්න ශාන්ට වෙන විසදුමක් නැ..
බිම බලාගෙනම අඩිය අඩිය ගැන ගැන ඉස්සරහට ශාන් ඇවිදන් යද්දි ඒයාගේ ඒ හුරතලේ පොඩි දරුවෙක්ටත් වඩා හපන්...

විසි පස්වෙනි අඩිය තියලා එහෙම්මම තමන්ගේ උළුව උස්සලා තමන්ගේ ඉදිරිය දිහා බලබු ශාන් පුදුම විදියට පුදුම උනේ..

ඒ බීච් එකේ කෙළවරම හරිය.. හැම තැනම බල්බ් වලින් සරසලා ඒ විතරක් නෙවෙයි රතු රෝස මල්වලින් වටේම සරසලා.. ශාන් හරියටම දැන් හිටගෙන ඉන්නේ රතු රෝසමල් පොකුරුවලින් හදපු heart ❤️ එකක හරි මැද්දේ..

ශාන්ට තාමත් හිතාගන්න බැ තම මේ වෙන්නේ මොකද්ද කියලා..

💚බනී....

යිබෝ ගේ කටහඩ ඇහෙනවත් එක්කම ශාන් පිටිපස්සට හැරුනේ යිබෝව ඉක්මනින්ම දකින්න ඕන නිසයි..
යිබෝව දැකපු ශාන් තවත් පුදුම උනා...

සුදුම දුසුපා ඇදුමින්ම සම්පුර්ණයෙන් සැරසුනු යිබෝ ලොකු රතු රෝස මල් පොකුරකුත් අරගෙන ශාන් ලගට අඩියෙන් අඩිය කිට්ටු වුනා.. ආලෝකයත් එක්ක යිබෝව ඒ විදියට දකිද්දිනම් හිතෙන් තනිකරම ඒයා සුරදුතයෙක් කියලයි....

💜We Meet Again 💙 (Yizhan Sinhala)✅Where stories live. Discover now