කාමරේ තිබුන සෝෆා එකෙන්ම zhanනුත් නිදාගත්තා..
රැ 12 පහුඋනා විතරයි Yibo නින්දෙන්ම කෙදිරිගාන සද්දේට zhan බයවෙලයි නැගිට්ටේ
ඉක්මනට Yibo ලගට කිට්ටු උන zhan Yiboගේ ඔලුව අතගැවේ ඒයාව සන්සුන් කරන්න❤️ඔයා හිනෙන්වත් බය උනාද?
💚වතුර... වතුර ඕන
නිදිමතේම Yibo තිබහට වතුර ඉල්ලද්දි zhan ඉක්මනටම වතුර බෝතලයක් ගෙනල්ලා ටික ටික Yiboට පෙව්වා
❤️දැන් හරි දැන් නිදාගන්න හෙට ඔයාට වැඩ තියෙනවනේ
ආයෙත් Yiboව නිගැරවලා තියලා zhanනුත් නිදාගන්නයි හැදුවේ ඒත් තාමත් අඩ නින්දේ ඉන්න Yiboටනම් ඒයාට යන්න දෙන්න ඕනවුනේ නැ
💚ඇයි මාව මෙහෙම බලාගන්නේ zhan?
මන් ඔයාගේ කවුද ඇයි මට ඔයා ලගින් ඉද්දි අමුත්තක් දැනෙන්නේ හරියට අපි කලින් ඉදන්ම දන්නවා වගේ
ඔයා මට මොනවද කරේ මන් මෙච්චර ඔයා ගැන හිතන්න
ආ?Yibo තමන්ගේ අත්දෙකෙන්ම zhanගේ ෂර්ට් කොලර්
එකෙන් ඇදලා අල්ලගත්තේ තව ටිකක් zhanව තමන් ලගට ලංකරගෙනයි❤️අහන්න ඔයා තාමත් හොද සිහියෙන් නෙවෙයි ඉන්නේ Yibo මාව අවුස්සන එක නවත්-
Zhanට තමන්ගේ වචන අවසන් කරන්නත් කලින් නොහිතපු විදියට Yibo Zhanගේ තොල්වලට ලන්වුනා
පුංචිම පුංචි වේලාවක් zhanගේ තොල් තමන්සතු කරගත්තු Yibo Zhanගෙන් ඈත්වුනාZhan තාමත් හිටපු විදියමයි හරියට ගල් ගැහිලා වගේ
💚මම ඔයාගෙන් සමාව ඉල්ලන්නෙ නැ මොකද ඔයාමයි මාව මේ තත්වෙට පත්කරේ
Zhanගෙන් කිසිම ප්රතිචාරයක් ලැබුනේ නැ ඒයා තාමත් පුදුමෙන්
ඒ නිසාම Yibo ත් තවත් එතන නොයිද තමන්ගේ ගෙදරට ඇවිත් කෑගහගෙනම ඇදට වැටුනා❤️ඒක ඇත්තක් නෙවෙයි.. කීයටවත් අතීතේ මතක නැතුව එයා මට ආදරේ කරන්නැ එක මත්ගතිය නිසා වුන දෙයක් විතරයි
Zhanගේ ඇස් රතුවෙලා එකමොහොතකට ලොකු සතුටක් දැනුනත් ඒක හරියට මිරිගුවක් වගේ කියලා ඒයාට තේරුම් ගියා
ඉළග දවස උදේ.....,
Yibo නැගිට්ටෙ ගොඩක් දවල් වෙලා
ඒයාටනම් රැ වුන කිසිම දෙයක් ගැන මතකයක් තිබුන්නැ
යන්තම් දැනෙන ඔලුවේ කැක්කුමක් ඇරෙන්න
වොෂ් එකක් දාගෙන ඇවිත් සුපුරුදු විදියට ඇදුමක් තෝරගෙන කණ්නාඩිය ඉස්සරහට ඇවිත් තමන් දිහාම දකිද්දි ඊයේ වුන දේවල් ටික ටික මතක් වෙන්න ගත්තේ
CZYTASZ
💜We Meet Again 💙 (Yizhan Sinhala)✅
Fanfictionසංසාරික ආදරයක නැවත හමු වීම.... 💚❤️ "වන්ජි මේ ඔයාමද? දෙවියනේ මට මගේ ඇස් අදහගන්න බැහැ" "ඔයා මොනවද කියවන්නේ manager xiao zhan ?" "ආ නැහැ Yibo මට ඔයාව දැක්කම වෙන කෙනෙක්ව මතක් උනා...." ඇත්තටම මේ මගේ වන්ජි වෙන්න පුළුවන්ද? ...