Chapter 7 💜

210 38 0
                                    


යිබෝ ශාන්ට ගෙදර ඉන්න කියලා දවල් වෙන්න ඒයා කම්පැනි එකට ගියේ නිවාඩු ගන්න කියලයි

🖤යිබෝ... ඔයිට වඩා හොදයි මගේ ඔළුවට මොකෙකින් හරි දමලා ගැහුවනම්

💚ම් මේ මල් පොච්චියෙන් ගහන්නද එහෙනම්

🖤වැඩක් නැ මේ පිස්සා එක්ක කතා කරලා
දැන් මොකද්ද මම ප්‍රධානියට කියන්නේ

💚කියන්න තියෙන්නේ මගේ වැඩ කල්දාන්න මට නිවාඩුවක් ඕන මාසෙක

🖤මාසයක්?? එච්චර ඇයි මිට කලින් අඩුම දවස් තුනක්වත් නිවාඩු නොගන්න කෙනාට එකපාරටම මෙච්චර කාලයක් ඇයි?
අනික xiao ත් නිවාඩු දාලා ඒකත් මාසයක්
ඇත්ත කියනවා යිබෝ මට මොකද්ද ඔය දෙන්න අතර වෙන්නේ?

යුබින් එහෙම එක පාරටම අහද්දි යිබෝට බිබි හිටපු වතුර එකත් හිරවුනා

💚විකාර කියවන්න එපා
මම ගෙදර යනවා අම්මවයි තාත්තවයි බලන්න ඕන
මම ගිහින් කතා කරන්නම්කෝ එහෙනම් වැඩ ටික බලාගන්න කොල්ලෝ

යුබින්ගේ උරහිසට තට්ටුවක් දාලා කට කොණකින් හිනාවක් දාලා යිබෝ යන්න ගියා

🖤මාවම කාපිය.....

යිබෝ ගමනට ඕනකරන බඩුවගයකුත් අරගෙන ඉක්මනටම ගෙදරට ආවේ ශාන් තනියෙන් නිසයි
ඒත් ආයෙම පාරක් යිබෝට සැකසහිත මිනිස්සු තුන් හතරදෙනෙක් කලු කාර් එකකින් apartment එක ඉස්සරහා කැරකෙනවා නෙත ගැටුනා

ඉක්මනටම සිකුරිටි එකට කතා කරලා ඒ මිනිස්සු ගැන බලන්න කිව්ව යිබෝ කලබලෙන්ම ගියේ ශාන්ව බලන්නයි
කලබලේ වැඩි කමට යිබෝට පාස්වඩ් එකත් පැටලෙනවා
බැරිම තැන එකදිගට බෙල් කරන්න ගත්ත නිසා

ශානුත් ඉක්මනට කැම් එකෙන් බලලා යිබෝ නිසා දොර ඇරියා

❤️බෝ මොකද මේ බයවෙලා ??

💚ඔයා හොදින්

ගෙනාපු බඩු බැග් එකත් පැත්තකට විසිකරලා පැනපුගමන් යිබෝ ශාන්ව බදාගත්තේ දැනුන සතුටට

❤️මොකද ළමයෝ මේ?
හරි හරි මේ බලන්න මම හොදින් ඉන්නවනේ බෝ
මහන්සිත් ඇතිනේ මම ඉක්මනට බොන්න මොකුත් හදන් එන්නම්

යිබෝත් පොඩි ළමයෙක් වගේ හා කියන්න ඔළුව වැනුවා
කූල්ඩ්‍රින්ක්ස් දෙකකුත් හදන් ආපු ශානුත් යිබොගේ එහා පැත්තෙන්ම වාඩි වෙලා එක වීදුරුවක් යිබෝගෙ අතට දුන්නා

💜We Meet Again 💙 (Yizhan Sinhala)✅Unde poveștirile trăiesc. Descoperă acum