Thank You for granting me permission to translate the original story "The Robot Lover" by flowerlover10102004 and the story credit should go to the original auther....
පරිවර්තන අයිතිය මා BlackLotus_Cheng සතුවේ.
කවර් එක මගෙ ගගාගෙන් 😘 @BlackPrince_Wuxi
යිබෝ.. උඹ උඹ වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕන. උඹට තේරෙනවනෙ මන් කියන දේ.
මම හොඳින් බන්. මන් වෙනුවෙන් කරදර උනාට තෑන්ක්ස් හයිකුවාන්.
යිබෝ මේහ්.. මන් දන්නවා උඹට Empire එක වැදගත් කියලා. හැබැයි මේ වැඩ වෙනුවෙන්ම මහන්සි වෙන්න එපා. ඇයි උඹට බැරි ලවර් කෙනෙක් හොයාගන්න. පාට්නර් කෙනෙක් හොයාගන්න. එතකොටවත් උඹට පුලුවන්නේ මේ වැඩවලම ගිලිලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් එයා වෙනුවෙන් අවදානය දෙන්න.
තෑන්ක්ස් හයිකුවාන්. ඒත් මචං මට වෙලාවක් නෑ.
ඔව් ඉතින් උඹට වෙලාවක් තියෙයියෑ මේ වැඩ අස්සෙ ගිලිලා ඉන්නකොට. අනික උඹ ආදරේ කරන මෙහෙම වෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙන දේවල්.
ඒක ඇත්ත ඉතින්.
ඕහ්... ඉන්නඔයාට ගැලපෙන Ideal Lover හොයාගන්න පුලුවන් සයිට් එකක් තියනවා මට දැන් මතක් උනේ.
මොකක්...කොහෙද
තමන්ගෙ ෆෝන් එක ගත්ත හයිකුවා වෙබ් එකේ නමක් ඇතුල් කරලා ඒක යිබෝට පෙන්නුවා.
ඒ මොකක්ද? ROBOT L …?
ඔව් මේක වෙබ්සයිට් එකක් මේකෙන් ඔයාට පුලුවන් තමන් ආදරේ කරන්න කැමති කෙනෙක් සල්ලි දීලා ගන්න. රොබෝ ලවර් කෙනෙක් ... ආ අනික තමන්ට ඕන කොහොමද ඒ විදිහට එයාව හදාගන්නත් පුලුවන්
මොකක්.. ඉතින් ඔයා කියන්නෙ මට රොබෝ පෙම්වතෙක්..
කෑගහන්න එපා යිබෝ. ඔයාට කෙනෙක්ව හොයාගන්න උවමනාවකුත් නෑ වෙලාවකුත් නෑ. ඒකයි මන් කිව්වෙ රොබෝ ලවර් කෙනෙක් හොඳයි කියල.
ඒ..ඒත් ඇයි රොබෝ කෙනෙක්...?
ඇයි...ඇයි කියලද අහන්නෙ ? මොකද මේ වැඩ නිසා ඔයා කරදරෙන් ඉන්න වෙලාවට එයාට පුලුවන් ඔයා වෙනුවෙන් උදව් කරන්න.
හ්ම්. හරි කුවාන්. මම ඒ ගැන හිතලා බලන්නම්.
හයිකුවාන් සහ යිබෝ එකිනෙකාගෙන් සමුගනිද්දි යිබෝ ඉක්මනින් ගෙදර යන්න තීරනය කලේ වෙහෙසට පත් වෙලා හිටපු නිසාමයි. යිබෝ තාමත් දුර්වල නිසා යිබෝව ගෙදර ගෙනියන්න කුවාන්ට ඕන උනත් යිබෝ එක ප්‍රතික්ශේප කරපු නිසා කුවාන්ට යිබෝව තනියම යවන්න සිද්ද උනා. ගෙදර යන අතරදිත් යිබෝගේ හිත පුරාවටම තිබ්බෙ අද කුවාන් කියපු දේ.
රොබෝ පෙම්වතෙක් ...හහ්... ඉතින් ඇයි මන් ට්‍රයි කරන්නෙ නැත්තෙ.
යීබෝ තමන්ටම මුමුන ගත්තා.
.
.
.
එකතු වෙන්න මාත් එක්ක .. කොහොම වෙයිද දන්නෑ... මීට කලින් ට්‍රාන්ස්ලේට් එකක් කරලම නැති නිසා සාර්ථක වෙයිද නැති වෙයිද කියලා විශ්වාසයක් නෑ ..
කතාවෙ අන්තිමේදි ඔයාලම කියන්නකෝ ...✍️Nash
YOU ARE READING
My Robot Lover
Fanfictionතමන්ගෙ ලවර් රොබෝ කෙනෙක් නම් ... අපි බලමු ඉස්සරහට ... Start : 2022/11/11 End : 2022/ 12/10