𝗠𝘆 𝗥𝗼𝗯𝗼𝘁 𝗟𝗼𝘃𝗲𝗿
𝓩𝓱𝓪𝓷𝓨𝓲_𝓢𝓱𝓸𝓻𝓽_𝓕𝓕
Wang Yibo POV :
මම ජාන්ව මිලදී අරන් මේ වෙනකොට මාසයක්ම ගෙවිලා ගිහින්. මේ හුරුබුහුටි කෙනා නිසා මට තනිකමක් දැනුනෙම නෑ. ඒ උනාට මම කවදාවත් වැඩ නතර කලේ නෑ. ඒ නිසා මන් කලේ මටම වෙලාවක් හොයාගන්න හේතු හොයපු එක . ඉතින් මම අතිකාල වැඩ කරන එක නැවැත්තුවා.
ජාන් ... මම දැන් වැඩට යන්න ඕන. මම එනකන් ඔයා මෙතනම ඉන්න හරිද..
හරි යිබෝගෙ . මන් ඉන්නම්.
මම වැඩට යන්න කලින් හිනාවෙලා ඒ තොල්වලට හාදුවක් දුන්නා. මට හිතාගන්න බෑ මන් ඇයි එයාව සිපගන්න ඇබ්බැහි උනේ කියලා . ඒත් එදා ඉරිසියා කරපු දවසෙ ඉඳන්ම මට එයාව සිපගන්න එක නවත්තගන්න බැරි උනා . මන් එන්න එන්නම මේ පුංචි රොබෝට බැඳුනා.
එයා නිකම්ම රොබෝ කෙනෙක් වෙන්නැති. ඒත් මට ඒක වැඩක් නෑ. මොකද මගේ සතුටට හේතුව උනේ එයා. එදා හයිකුවාන්ව හම්බුන දවසට ස්තූතිවන්ත වෙන්න තමයි මට දැනගන්න පුලුවන් උනේ හයිකුවාන්ගේ පෙම්වතා උන ෂෞව්චෙන් කියන්නෙ මන් ජාන්ව මිලදී ගත්ත සමාගමේ අයිතිකාරයා කියලා .
අද නම් මට වැඩිය වැඩක් නෑ. පේපර්ස් වගයක් චෙක් කරන්න විතරයි තියෙන්නෙ. ඒ ටිකත් ඉක්මනට ඉවර කරලා දාන්න ඕන . මට ජාන් නැතුව පාලුයි .
පැය කිහිපයකින් මගේ වැඩ ඉවර කරපු මම ඉක්මනට ඒක මගේ සෙකට්‍රිට දීලා පිටත් වෙලා ආවා.
ගෙදරට ගිය මම ජාන්ව හොයද්දි දැක්කෙ ඇඳ උඩට වෙලා මොනා හරි ලිය ලිය ඉන්න ජාන්ව. එයා ගාවින් වාඩි උන මම ජාන්ව බදාගෙන කතා කලා.
ඔයාට මන් නැතුව පාලු හිතුනද ජාන් .
ඔව් යිබෝගෙ. මට පාලුයි.
එහෙනම් ඇයි ඔයා මට කිස් එකක් දෙන්නෙ නැත්තෙ. මටත් පාලුයි ඔයා නැතුව.
ඒ එක්කම ජාන්ගෙ එක අතක් මගෙ ඉන වටේ යද්දි අනිත් අත මගෙ බෙල්ල වටේ දාපු ජාන් මාව හාදුවකට ඇදලා ගත්තා. විනාඩි දෙකක් වගේ අපේ සිපගැනීම දීර්ඝ වෙනකොට හුස්ම ගන්න අමාරු උන මම හාදුව නැවැත්තුවා .
එයාගෙ නළලෙන් නළල තියාගත්ත මම කතා කලා.
ඔයා මොකක්ද කර කර හිටියෙ ජාන් ...
මන් චිත්‍රයක් අඳින ගමන් හිටියෙ ගගා.
මට උත්තර දීපු එයා ඒ චිත්‍රෙ මට පෙන්නුවා. ඒ හිටියෙ මන් .. එයා ඇඳලා තිබුනෙ වැඩ කරන ගමන් උන්න මාව. ඒක දැක්ක ගමන් මට දැනුන සතුටට මන් ජාන්ගෙ මූනම හාදුවලින් පිරෙව්වා. ආයිශ් ... මන් ඇත්තටම මෙයාට ආදරෙයි.අනේ ඒකට තෑන්ක්ස් ජාන් .. මන් ගොඩක් කැමතියි .
යිබෝගෙ දැන් ඔයාගෙ ඇඳුම් මාරු කරගන්න ඔයාට බෑ දිගටම ඕක ඇඳන් ඉන්න.
අනේ සමාවෙන්න ජාන්. මන් තාම ව්‍යාපාරික ඇඳුමෙන් කියලා මට අමතක උනා. තෑන්ක්ස් මතක් කලාට.
මම ඇඳුම් මාරු කරගන්න කාමරයට යන්න හැදුවත් ඊට කලින් මන් ආයෙත් ජාන්ගෙ ලිප්ස්වලට කිස් එකක් තිබ්බා.
මට ජාන් එක්ක දවස ගත කරන්න ඕන නිසාම මම පහුවෙනිදා නිවාඩුවක් ගත්තා.ලෑස්ති උන එයාවත් එක්කන් මන් ගියේ පාක් එකට.
යිබෝ මට මේක ඕන .. ජාන් කිව්වෙ එතන තිබුන සිංහයෙක් වගේ සෙල්ලම් බඩුවකට අත දික් කරන ගමන්.
ඇයි ඒ ජාන්
ඒක හරියට ඔයා වගේ යිබෝගෙ. ඔයා වැඩ කරන වෙලාවට මට ඔයා නැතුව පාලුයි. ඒ නිසා මට ඒක ඕන.
ජාන්ගේ කම්මුල් මිරිකපු මම ඒක එයාට අරන් දුන්නා.
එක අතකින් එයා පොඩි ලමෙක් වගේ ඒ බෝනික්කව අල්ලගනිද්දි අනිත් අත මගෙ අතත් එක්ක පැටලිලා තිබුනා.
ඒ මුලු දවසම අපි දෙන්නා එකට ගෙවද්දි ආස හිතෙන හැමදෙයක්ම අපි කලා ....
#My_Robot_Lover
Translate By : ✍️ චෙනා ( Nash ) 💜🌷✨
YOU ARE READING
My Robot Lover
Fanfictionතමන්ගෙ ලවර් රොබෝ කෙනෙක් නම් ... අපි බලමු ඉස්සරහට ... Start : 2022/11/11 End : 2022/ 12/10