01 ....

213 34 1
                                    

Wang Yibo POV :

මම Wang Yibo. ලෝකයේ විශාලම සමාගමක් උන Wang Empire එකේ CEO. මට යන්තන් අවුරුදු 24ක් උනත් හදිසි අනතුරකින් මගෙ දෙමව්පියන් නැති උන නිසා මට මේ තනතුර භාරගන්න උනා.

මම මේ තනතුර බාරගත්ත දවසෙ ඉඳන් මේ වෙනුවෙන්ම කැපවෙනකොට මට මන් ගැනවත් බලන්න වෙලාවක් නැති උනා. ඇත්තටම මට වෙලාවකට ලොකු වගකීම්, ලොකු බරක් කර උඩ නැතුව ජීවත් වෙන පොඩි කොල්ලො ගැන ඉරිසියයි.

ඒ මොනා උනත් මගෙ දෙමව්පියො කැප උනේ මේක වෙනුවෙන්, මේ සමාගම වෙනුවෙන්. ඒ නිසා මන් කැමතියි මේ රස්සාවට.

ඉතින් මේවා තමයි මගෙ විස්තර,
ඒ වගේම මගේ යාලුවා හයිකුවාන්. පොඩි කාලේ ඉඳන් මගෙ එකම යාලුවා තමා ඌ.  මම සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ට ඕපන්, ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් නෙවෙයි. මන් කෙනෙක්ව විශ්වාස කරන්න කාලය ගන්නවා. ඒත් හයිකුවාන් කියන්නෙ මගේ පොඩි කාලේ ඉඳන්ම මේ වෙනකන්ම යාලුවා.

ආ.... කුවාන්ට පෙම්වතෙක් ඉන්නවා. ෂෞචෙන්ග් කියලා. පොඩි සමාගමක අයිතිකාරයෙක්. සමාගම ගැන නම් මන් මොකුත් දන්නෑ. ඒක රහසිගත සමාගමක්. හැබැයි මුන් දෙන්නා හරියට කිරි හොදියි බෝල්ට් ඇනයි වගේ.කුවාන් කියන්නෙ මිත්‍රශීලී කරුණාවන්ත කෙනෙක් උනාට චෙනාට නම් තියෙන්නෙ මහ කුකුල් කේන්තියක්.

අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්ත නිසා මන් අමතර වෙලාවක් වැඩ කරන්න තීරනය කලා. එතකොටත් මට ඔෆිස් එකේ වැඩ නිසා දවස් හතරකින් විතර හරියකට නින්දක් තිබුනෙ නෑ. ගෙදරදි පවා මන් කරන්නෙ වැඩ කරන එක.

එක පාරටම මට කරකැවිල්ලක් එක්කම දුර්වලකමක් දැනෙද්දි හැමදේම අඳුරින් වැහිලා මට සිහි නැති උන නිසා එතනින් එහා දෙයක් මට මතක තිබුනෙ නෑ.

හොස්පිට්ල් එකේදි ආයෙ ඇහැරෙනකොට තමයි මන් දැනගත්තෙ මන් දවස් දෙකක්ම සිහි නැතුව ඉඳලා කියලා. මන් නැගිටිනකොටත් කේන්ති අරන් හිටපු කුවාන් එතන හිටියා.

ඔයා අන්තිමට ඇහැරුනා.

ඇයි ඔයා මෙතන ඉන්නෙ හයිකුවාන්.

ඇයි උ/ඹ හිතුවද මගෙ යාලුවා රැයක දවාලක් නොබලා වැඩ කරලා මහන්සිය නිසා අන්තිමට සිහි නැති වෙලා දවස් දෙකක් ඉන්නකොට මන් මෙතන ඉන්න එකක් නෑ කියලා.

හරි හරි කෑගහන්න එපා ඉතින්. මට සමාවෙයන් කුවාන්. අලුත් ප්‍රොජෙක්ට් එකට මහන්සි උන නිසා මට හරි නින්දක් තිබුන්නෑ ඒකයි මේ.

යිබෝ.. උ/ඹ උ/ඹ වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕන. උ/ඹ/ට තේරෙනවනෙ මන් කියන දේ.

මම හොඳින් බන්. මන් වෙනුවෙන් කරදර උනාට තෑන්ක්ස් හයිකුවාන්.

යිබෝ මේහ්.. මන් දන්නවා උඹට Empire එක වැදගත් කියලා. හැබැයි මේ වැඩ වෙනුවෙන්ම මහන්සි වෙන්න එපා. ඇයි උ/ඹ/ට බැරි ලවර් කෙනෙක් හොයාගන්න. පාට්නර් කෙනෙක් හොයාගන්න. එතකොටවත් උ/ඹ/ට  පුලුවන්නේ මේ වැඩවලම ගිලිලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් එයා වෙනුවෙන් අවදානය දෙන්න.

තෑන්ක්ස් හයිකුවාන්. ඒත් මචං මට වෙලාවක් නෑ.

ඔව් ඉතින් උ/ඹ/ට වෙලාවක් තියෙයියෑ මේ වැඩ අස්සෙ ගිලිලා ඉන්නකොට. අනික උ/ඹ ආදරේ කරන මෙහෙම වෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙන දේවල්.

ඒක ඇත්ත ඉතින්.

ඕහ්... ඉන්නඔයාට ගැලපෙන Ideal Lover හොයාගන්න පුලුවන් සයිට් එකක් තියනවා මට දැන් මතක් උනේ.

මොකක්...කොහෙද

තමන්ගෙ ෆෝන් එක ගත්ත හයිකුවා වෙබ් එකේ නමක් ඇතුල් කරලා ඒක යිබෝට පෙන්නුවා.

ඒ මොකක්ද?  ROBOT L …?

ඔව් මේක වෙබ්සයිට් එකක් මේකෙන් ඔයාට පුලුවන් තමන් ආදරේ කරන්න කැමති කෙනෙක් සල්ලි දීලා ගන්න. රොබෝ ලවර් කෙනෙක් ... ආ අනික තමන්ට ඕන කොහොමද ඒ විදිහට එයාව හදාගන්නත් පුලුවන්

මොකක්.. ඉතින් ඔයා කියන්නෙ මට රොබෝ පෙම්වතෙක්..

කෑගහන්න එපා යිබෝ. ඔයාට කෙනෙක්ව හොයාගන්න උවමනාවකුත් නෑ වෙලාවකුත් නෑ. ඒකයි මන් කිව්වෙ රොබෝ ලවර් කෙනෙක් හොඳයි කියල.

ඒ..ඒත් ඇයි රොබෝ කෙනෙක්...?

ඇයි...ඇයි කියලද අහන්නෙ ? මොකද මේ වැඩ නිසා ඔයා කරදරෙන් ඉන්න වෙලාවට එයාට පුලුවන් ඔයා වෙනුවෙන් උදව් කරන්න.

හ්ම්. හරි කුවාන්. මම ඒ ගැන හිතලා බලන්නම්.

හයිකුවාන් සහ යිබෝ එකිනෙකාගෙන් සමුගනිද්දි යිබෝ ඉක්මනින් ගෙදර යන්න තීරනය කලේ වෙහෙසට පත් වෙලා හිටපු නිසාමයි. යිබෝ තාමත් දුර්වල නිසා යිබෝව ගෙදර ගෙනියන්න කුවාන්ට ඕන උනත් යිබෝ එක ප්‍රතික්ශේප කරපු නිසා කුවාන්ට යිබෝව තනියම යවන්න සිද්ද උනා. ගෙදර යන අතරදිත් යිබෝගේ හිත පුරාවටම තිබ්බෙ අද කුවාන් කියපු දේ.

රොබෝ පෙම්වතෙක් ...හහ්... ඉතින් ඇයි මන් ට්‍රයි කරන්නෙ නැත්තෙ... පෙම්වතා විදිහට රොබෝ කෙනෙක් ඒකත් නරක නෑ...

My Robot LoverWhere stories live. Discover now