Chapter 06...

161 29 1
                                    

𝗠𝘆 𝗥𝗼𝗯𝗼𝘁 𝗟𝗼𝘃𝗲𝗿

𝓩𝓱𝓪𝓷𝓨𝓲_𝓢𝓱𝓸𝓻𝓽_𝓕𝓕

හවස වරුවෙ වෙනදා හමබවෙන තැනට යිබෝ යද්දිත් කුවාන්, ෂෞචෙන්ග් එක්ක එතනට ඇවිත් හිටියා.

Wang Yibo POV:

හයිකුවාන් හිටපු තැනට ගිහින් මන් එයාට කතා කලාම මන් දිහා බලපු ඒ ඇස්වල තිබුනෙ චකිතයක්.

මොකක්ද ප්‍රශ්නෙ කුවාන්? ඔයාට මොනවද මට කියන්න ඕන?

ඒක RL01 ගැන.

ජාන් ගැන මොකක්ද?

යිබෝ අපි ඔයාගෙන් රහසක් හැංගුවා. ඒත් මට ඒක ඔයාට කියන්න ඕනි. මන් හිතනවා ඔයා තරහ වෙන එකක් නෑ කියලා.

හරි මන් පොරොන්දු වෙනවා. දැන් කියන්න.

RL01ව හැදුවෙ ඔයාගෙ දෙමව්පියො. එයාව හැදුවෙ ඔයා වෙනුවෙන්මයි.

ආ.... මොකක්?

ඇත්තටම ඒ අහපු දෙයින් මන් ශොක් උනා. ජාන් ඇත්තටම හදලා තියෙන්නෙ මන් වෙනුවෙන්. ඒකත් මගෙ දෙමව්පියොම. මට ඇත්තටම සතුටුයි. ඒත් ඒක පෙන්නන්න ඕන නෑ. මට ඇත්ත කිව්වෙ නැති එකට මේකාව බය කරන්න ඕන පොඩ්ඩක්.

අපි ඒක හැංගුවට සමාවෙයන් යිබෝ. ඇත්තටම Robot L සමාගමේ අයිතිකාරයො තමා උඹේ අම්මයි තාත්තයි. උඹ Wang Empire එක බාරගන්න ඕන නිසා එයාලා මට තාවකාලිකව ඒක බාරදුන්නා. ඔයා අනිත් අයට ඕපන් කෙනෙක් නෙවෙයි නිසා ඔයාගේ අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් RL01 ව හැදුවෙ ඔයාගේ යාලුවා විදිහට වගේම ඔයාට සතුටක් ගේන්න හිතාගෙන. ඇත්තටම RL01 විශේෂ කෙනෙක් වෙන්නෙ එයා හැඟීම් දැනීම් තියන රොබෝකෙනෙක් නිසාම නෙවෙයි, එයාව හැදුවෙ ඔයාගෙ අම්මයි තාත්තයි නිසා.

ෂෞචෙන්ග් මට පැහැදිලි කරලා ඉවර වෙනකොටම ආයෙත් කුවාන් කතා කරන්න ගත්තා.

උ/ඹේ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වෙන්න කලින් දවසෙ තමයි අපිට කතා කරලා කිව්වෙ උ/ඹ/ට 25ක් වෙනකන් RL01 රහසක් විදිහටම තියාගන්න කියලා. ඒ උනාට උ/ඹ තනිකමෙන් ඉද්දි, ඕනවට වඩා වැඩ කරද්දි මට බැරි උනා තව ඒක රහසක් විදිහට තියාගන්න.එයා උ/ඹ කැමති විදිහෙ කෙනෙක් නිසා එයාව තෝරගන්නවා කියලා මන් දැනගෙන හිටියා. ඒ නිසා තමයි මම හිතලම සයිට් එක ගැන කිව්වෙ.
.
.
මේ දේවල් ඇත්තටම මට ගෙනාවෙ ශොක් එකක්. ජාන් කියන්නෙ මගෙ අම්මා, තාත්තා මට දීපු තෑග්ගක්. එයා විශේෂ රොබෝ කෙනෙක්. එයාගෙ වැඩසටහන් එයාගෙම ඒවා නෙවෙයි ඒවා ඔක්කොම හදලා තියෙන්නෙ මන් වෙනුවෙන්. ඇත්තටම ශොක් එකක්.

යිබෝ අහපන්කෝ... ප්ලීස්ස්... අපිත් එක්ක අව්ල් ගන්න එපා..
හයිකුවාන් කිව්වෙ ඇඬෙන්න ඔන්න මෙන්න වොයිස් එකකින්.

හම්මෝහ්.... තව නම් මට මේක නවත්තන් ඉන්න බෑ. මේකගේ මේ අඬන මූන හෙන කලාතුරකින් බලන්න තියෙන්නෙ. තව නම් හිනාව නවත්තන් ඉන්න බෑ.

මන් හිනාවෙනකොට නම් ඒ ඩබල මටත් වඩා ශොක් උනාද කොහෙද.

ඇයි උ/ඹ හිනාවෙන්නෙ යිබෝ? මොකක්ද ඔච්චර හිනාවෙන්න විහිලුව?

දැන් උ/ඹේ මූන... මම උ/ඹේ ඔය අඬන මූන දකින්නෙ හෙන කලාතුරකින්..

උ/ඹ/ට මම....

ඒකගේ කෑගැහිල්ලට මට තව හිනාගියා.

හයිකුවාන් මම උ/ඹ එක්ක කවදාවත් තරහ වෙන්නෙ නෑ. ඇත්තටම මට සතුටුයි අඩුම ගානෙ උ/ඹ මට ඒක තව පරක්කු කරන්නැතුව ඉක්මනට කිව්ව එක ගැන  සතුටුයි.

ඉවරයක් නැතුවම තෑන්ක්ස් කියන අස්සෙ කුවාන් මාව බදාගත්තා.

පැය ගානකට පස්සෙ ඒ දෙන්නට සමුදුන්න මම ගෙදර ගියේ ජාන්ව බලන්න ඉවසිල්ලක් නැතුව. මන් දැන් දන්නවා එයාව හදලා තියෙන්නෙ මගේ දෙමව්පියෝ කියලා, මනුස්සයෙක් වගේම හැඟීම දැනීම් තියනවා වගේම එයාව සම්පූර්ණයෙන්ම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නෙ මන් වෙනුවෙන් කියලා මන් දැන් දන්නවා. ඇත්තටම මට දැන් ඕන එයාව සිපගෙන හයියෙන් බදාගන්න.

ගෙදරට එනකොටම මම දැක්කෙ සෝෆා එකේ ඉඳන් ටීවී බලන ජාන්ව. එයා ගාවට දුවලා ගිය මම එයාව හයියෙන් බදාගත්තා.

සාදරයෙන් පිලිගන්නවා ගගා. මොකක් හරි ප්‍රශ්නයක්ද?

මොකුත් නෑ ජාන්. මට ඔයා නැතුව පාලුයි.

මටත් ඔයා නැතුව පාලුයි ගගා.
එහෙම කියපු එයා මගේ ලිප්ස් මිරිකුව.

දැන් පහසු ඇඳුමක් දාන් එන්න ගගා. මම දන්නවා ඔයාට මහන්සියි කියලා. මන් ටිකක් මසාජ් කරන්නම්.

කාමරයට ගිහින් ලේසි ඇඳුමකට මාරු උන මම ආයෙත් සාලෙට ගියාම ජාන් මට කිව්වා සෝෆා එකෙන් හාන්සි වෙන්න කියලා. එයා මසාජ් කරනකොට දැනුන සනීපෙට මට එහෙමම නින්ද ගියා.

#My_Robot_Lover
Translate By : ✍️ චෙනා ( Nash ) 💜🌷✨

My Robot LoverМесто, где живут истории. Откройте их для себя