Chapter 07....

174 23 2
                                    

𝗠𝘆 𝗥𝗼𝗯𝗼𝘁 𝗟𝗼𝘃𝗲𝗿

𝓩𝓱𝓪𝓷𝓨𝓲_𝓢𝓱𝓸𝓻𝓽_𝓕𝓕

මම ඇහැරුනේ ජාන් මගේ දෙතොල් සිපගන්නවා දැනෙනකොට මමත් එයා එක්ක සිපගැනීමට හව්ල් උනා. ඒ දත්වලට මගෙ යටිතොල හිරවෙද්දි එයාගේ දිව මගේ මුව ඇතුලෙ දඟ කරන්න ගන්නකොට මට කෙඳිරිගෑවුනා.

යිබෝ අපි කමු. රෑ කෑම ලෑස්තියි.
හාදුව මගින් නවත්තන ගමන් එයා මට කන්න කතා කලා.

මම හිටියෙ තාමත් හුස්ම අල්ලන ගමන් ඒත් මන් එයාට ඔලුව වැනුවා. එයා මට ඉඳගන්න උදව් කලාට පස්සෙ අපි දෙන්නම ගියේ කෑම මේසෙට.

රෑ කෑමෙන් පස්සෙ අපි දෙන්නම සෝෆා එකෙන් වාඩි වෙලා ඉන්නකොට ජාන් කතා කරන්න ගත්තා.

ඔයා දැනටමත් ඒ ගැන දන්නවා නේද යිබෝ?

ඔයාත් දන්නවා කියලා නම් කියන්න එපා.

මම රොබොකෙනෙක් තමයි ඒ වගේම මනුස්සයෙක්. මට හැඟීම් තියනවා. මට කැමති දෙයක් කියන්න, කරන්න පුලුවන්. මම ඉස්සර මනුස්සයෙක් ඒ උනාට මන් හාටටෑක් එකකින් නැති උනා. ඒ උනාට ඔයාගෙ දෙමව්පියෝ මාව පණ ගන්වලා මගේ අවයව කීපයක් යාන්ත්‍රිකව ක්‍රියාකරන්න හැදුවා. ඒ යාන්ත්‍රික අවයවවලට පින් සිද්ධ වෙන්න මන් ජීවත් වෙනවා වගේම මම මනුස්සයෙක් වගේම හැඟීම් දැනීම් තියන රොබෝ කෙනෙක් උනා. මාව පන ගන්වපු එකට ගෙවිමක් විදිහට ඔයා පොඩි කාලෙම ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව ආරක්ශා කරන වගකීම මට මෙහෙයුමක් විදිහට දුන්නා.

ජාන් දිගටම කතා කරද්දි මන් ඒක නැවැත්තුවා.

එතකොට මේ කියන්නෙ ඔයාව හදලා තියෙන්නෙ මන් පොඩි කාලෙම, ඒ වගේම අපි කලින් හම්බවෙලා තියනවා කියලද?

ඔව් අපි කලින් හම්බවෙලා තියනවා. ඒත් ඔයාට මතක නැතුව ඇති ඔයා ඒ කාලෙ පොඩි ලමෙක් නිසා. ඔයාව දැකපු මුල් කාලෙම මම පොරොන්දු උනා ඔයාව අඬවන්නෙ , රිද්දන්නෙ නෑ කියලා ඒ මට බාරදීපු දේ නිසාම නෙවෙයි මන් ඔයාට ආදරේ කරපු නිසා. මම ඒ කාලෙ ඔයාගේ ආරක්ශකයා වෙලා හිටියා. ඒත් ඔයාගේ දෙමව්පියෝ දවසක් කිව්වා මාව ඔයාගෙන් අයින් කරලා ආයෙ ඔයාට 25ක් උනාම මාව ඔයා ගාවට එවන්නම් කියලා. එයාලා මාව ක්‍රියාවිරහිත කරලා ලැබ් එකේ විශේෂ රූම් එකක මාව තිව්වා.

My Robot LoverWhere stories live. Discover now