Chapter 08....

155 23 2
                                    

𝗠𝘆 𝗥𝗼𝗯𝗼𝘁 𝗟𝗼𝘃𝗲𝗿

𝓩𝓱𝓪𝓷𝓨𝓲_𝓢𝓱𝓸𝓻𝓽_𝓕𝓕

පහුවෙනිදා උදේ යිබෝ ඇහැරුනේ සිරුරට දැනෙන වේදනාවත් එක්ක. ඇඳෙන් නැගිටලා යන්න හැදුවත් දැනුන වේදනාවට යිබෝ ඇදගෙන වැටෙද්දි ඒ සද්දෙට කාමරේට දුවන් ආව ජාන් දැක්කෙ බිම වැටිලා ඉන්න යිබෝව.

යිබෝ ... ඔයා හොඳින්ද? ඇයි මැනික දැන්ම නැගිට්ටෙ?

ජාන්... මට ඇවිදින්න බෑනේ.. අනේ රිදෙනවනේ.

යිබෝව උස්සලා අරන් ඇඳෙන් තියපු ජාන් Painkillers එක්ක වතුර එකක් ගෙනත් යිබෝට පෙව්වෙ දැනුන ආදරෙත් එක්ක.

යිබෝගේ වේදනාව අඩුකරන්න හිතන් ජාන් යිබෝව මසාජ් කරද්දි යිබෝට ආයෙත් නින්ද ගිහින් තිබුනා.
නින්ද ගිය බෝ දිහා බලන් හිටපු ජාන් ඒ නළල උඩ තමන්ගෙ දෙතොල් තැවරුවේ කියන්න බැරි තරම් ආදරෙන්.

මන් ආදරෙයි මගේ බෝ ....

එහෙමම ටික වෙලාවක් හිටපු ජාන් යිබෝට නෝට් එකකුත් තියලා කාමරෙන් එලියට ආවෙ ඔෆිස් එකට යන්න හිතාගෙන.

යිබෝ ඇහැරෙනකොට ජාන් නැති නිසා කලබල උනත් නෝට් එක දැකපු යිබෝ ඒක කියෙව්වෙ සිහින් හිනා රැල්ලකුත් ඒ මූනේ රඳවගෙන.

“ඔයාව තනියම දාලා ආවට සොරි යිබෝ. ඒත් මන් ඔයාට ඇවිදින්න බැරි නිසා මන් ඔයාගේ Personal Office එකට යනවා වැඩ ටික කරන්න. නැගිට්ටට පස්සෙ මේ නෝට් එක දැක්කොත් ආයෙ නිදාගන්න... හරිද බෝදි? විහිලුවට ඈහ් ... ඔයා එන්න කැමති නම්, ඇවිදින්න පුලුවන් නම් ඔෆිස් එකට එන්න...

මම ඔයාගෙ ජාන්”

ලොකු වේදනාවක් දැනුන්නැති උනත් තාමත් කොර ගමන් යිබෝ බාතෲම් එකට ගියේ පහල තට්ටුවෙ තිබුන ඔෆිස් එකට යන්න කලින් වොශ් එකක් දාගන්න හිතාගෙන.

වොශ් දාගෙන ඔෆිස් එකට ගිය යිබෝ මුලින්ම කලේ ජාන්ගේ කම්මුලක හාදුවක් තවරපු එක.

දැන් ඔයාට කොහොමද යිබෝ?

දැන් මට සනීපයි ජාන්. අනේ තෑන්ක්ස් මේ වැඩ ටිකට මට උදව් කලාට.

මට තෑන්ක්ස් කරන්න ඕන නෑ යිබෝ. අනික ඉතින් වැඩ කරන්න බැරි උන එකටත් හේතුව මමනෙ..

My Robot LoverWhere stories live. Discover now