Chapter 09...

149 21 4
                                    

𝗠𝘆 𝗥𝗼𝗯𝗼𝘁 𝗟𝗼𝘃𝗲𝗿

𝓩𝓱𝓪𝓷𝓨𝓲_𝓢𝓱𝓸𝓻𝓽_𝓕𝓕

එදා රෑ යිබෝ තද නින්දක ඉද්දි ගාඩ්න් එකට ගිය ජාන් කාටහරි කෝල් කලේ බැරෑරුම් මූනකින්.

" Hello .. යූචෙන් ... උන් ආයෙත් අඩියක් තියන්න පටන් ගත්තා"

" මොකක් .. ඔයා මොනවද කියන්නෙ Xian"

"අද උදේ උගෙ දුව Empire එකට ඇවිත් යිබෝව කිස් කරන්න හැදුවා. වාසනාවට මන් වෙලාවට ආවත් ඒකි ට්‍රැකර් එකක් සෙට් කරලා යිබෝගේ ශර්ට් එකට. මන් ඒක අයින් කලා"

" ශිට් … ඒ මිනිහට බැරිද මගෙ දරුවට ඉන්න දෙන්න"

"බය වෙන්න එපා යූචෙන් ගගා.මන් මොන දේ කරලා හරි යිබෝව ආරක්ශා කරනවා."

"උඹ මගෙ දරුවව ආරක්ශා කරනව කියලා මට විශ්වාසයි Wei Wuxian "

"ගගා .. මම දැන් Xiao Zhan . ඒක තමයි යිබෝ මට දුන්නු නම" ජාන් කිව්වෙ සතුටින් හිනාවෙන ගමන්.

"හහ් .. එහෙනම් මගෙ කොල්ලා නමකුත් දාලා. මොනා උනත් උඹ අපිට Wei Wuxian . මගෙ මස්සිනා වගේම මගෙ වයිෆ්ගෙ සහෝදරයා. "

“ඒක හරි ගගා. යැන්ලි ෂිජීට කොහොමද. මට පාලුයි ෂිජී නැතුව”

“එයා හොඳින් ඉන්නවා Wuxian. එයාත් ඔයා නැතුව පාලුවෙන්. ඔයාගෙයි යිබෝගෙයි සම්බන්ධෙ කොහොමද?”

“ඒක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑනෙ යූචෙන් ගගා. අපි දෙන්නගෙ බැඳීම දවසෙන් දවස ශක්තිමත් වෙනවා.”

“එහෙනම් Wuxian. මන් මගේ දරුවගේ සම්පූර්ණ ආරක්ෂාව ඔයාට බාරදෙනවා”

“ඒ ගැන බය වෙන්න එපා ගගා. මන් මොන දේ කරලා හරි එයාව ආරක්ෂා කරනවා”

කෝල් එක කට් කරපු ජාන් සැනසුම් සුසුමක් හෙලුවා.
ජාන් කාමරයට ඇවිත් තාමත් සැප නින්දක ඉන්න යිබෝ ගාවින් ඇලවෙනකොට යිබෝ නින්දෙන්ම ජාන්ගෙ පපුව උඩින් ඔලුව තියාගෙන ඒ උනුහුමට තුරුල් උනා.

මම පොරොන්දු වෙනවා කොහොමහරි ඔයාව ආරක්ශා කරනවා කියලා . මන් ආදරෙයි යිබෝ ...

යිබෝගේ නලලට හාදුවක් තවරපු ජාන් ඇස් පියාගෙන කල්පනා කරන්න උනේ රොබෝ කෙනෙක් වෙන්නත් කලින් තමන්ගෙ අතීතෙ ගැන.

My Robot LoverWhere stories live. Discover now