☆ Chapter 01 ☆

2.5K 92 24
                                    


" අප්පා... "

කෙල්ල තමන්ගෙ අත පටලවගෙන ඉන්න එයාගේ අප්පට කතා කලේ " මේක කරන්නම ඕනද ? " වගේ බැල්මක් එක්ක.

" විකාර කරන්නැතුව මෙහෙට එනවා චූටි දුව. "

අල්ලන් හිටිය අත තවත් තදින් අල්ලගත්ත සෝහාගෙ අප්පා කෙල්ලත් එක්කම සුවිසල් හෝටලයට ඇතුල් උනේ හැමෝගෙම අවධානය ඒ දිහාවට ගන්න ගමන්.

රාජකීය උත්සවයක් වගේ අති උත්කර්ෂවත් විදිහට සන්විදානය කරලා තියන මේ වෙඩින් එකට අද මුලු කොරියාවෙම අවධානය යොමු උනේ කෙල්ලො පිස්සු වට්ටපු ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික ජියෝන් ජන්ග් කුක්ගෙ අත ගන්න තරම් වාසනාවන්ත උන කෙල්ලව අද වෙනකන් කවුරුත් දැකලා නැති නිසා.

නිව්ස් පේපර්ස් වලින් වගේම එක එක කම්පැනි ගොඩකින් මේ වෙඩින් එකට ඇවිත් තිබුනේ දෙන්නගෙ ලස්සනම පින්තූරය තමන්ගෙ පත්තරයේ, ටීවී එකේ පෙන්නන්න.

ඒත් ඒක වගේම මේ මුලු වෙඩින් එකම සෝහාට දැනුනෙ අපහසුවක්. මොකද මුලු ලෝකයක්ම නොදන්න ඇත්තම ජන්ග් කුක්ව දන්නෙ සෝහාම විතරයි.

ලෝකයට පේන්න සාර්ථක ව්‍යාපාරිකයෙක් විතරක්ම උන ජියෝන් ජන්ග් කුක් කියන්නෙ jk එහෙමත් නැත්තම් underworld king කියන විරුද්ධාවලි වලින් පිදුම් ලබන චරිතයක්.

( විනීත වැඩීද මන්දා මම )

අප්පාගෙ බල කිරිල්ල නිසාම සෝහාට සිද්ද උනා අකමැත්තෙන් උනත් මේ අපාය නායකයගේ අපාය දූතිකාව වෙන්න.

අප්පාගෙ අත්වලින් තමන්ගෙ අත් දෙක අරගෙන සීරුවෙන් පඩිපෙල නගින ජන්ග් කුක් දිහා සෝහා බලන් හිටියේ හිස් බැල්මකින්.

සෝහාගෙ හිතේ කැරකුනේ එකම එක ප්‍රශ්නයයි. ඒ " මම කොහොමද මේ රකුස් කුක්කා එක්ක මගේ මුලු ජීවිත කාලෙම ඉන්නෙ ? "

විවාහ පොරොන්දු දෙන්න වෙලාවත් ලන් වෙලා. පියතුමා දෙවෙනි වතාවටත් සෝහාගෙන් ඇහුවේ ,

" ජියෝන් ජන්ග් කුක් ඔබේ ස්වාමිපුරුෂයා ලෙස පිලිගන්නෙද ? " කියලා.

කෙල්ල නම් හිටියේම බිම බලාගෙන වෙන කල්පනාවක. ටික ටික ඔලුව උස්සද්දි තමයි සෝහා දැක්කෙ ඇස් දෙකත් ලෝකු කරගෙන තමන් දිහා බලන් ඉන්න ජන්ග් කුක් වගේම පියතුමාවත්.

 My Mafia Husband | ⭕️Where stories live. Discover now