Dinner එකත් අරගෙන ජන්ග්කුක් ටේ හියුන්ග් එක්ක සාලේ කතා කර කර ඉද්දි සෝහා කාමරයට ගියේ එයාගෙ phone එක ring වෙනවා ඇහුන නිසා.
" අප්පා !!!!" සෝහා හයියෙන් කෑ ගැහුවෙ ජන්ග්කුක්වත් කලබල කරමින්.
ජන්ග්කුක් ටේ හියුන්ග් දෙන්නම මුහුණට මුහුණ බලාගෙන කාමරයට දුවලා ගියේ මොකද උනේ කියලා බලන්න.
සෝහා කාමරේ බිම ඉඳගෙන phone එකත් බදාගෙන තමන්ගෙ තාත්තා ගැන කිය කිය කෑ මොර දෙන්න ගත්තෙ ජන්ග්කුක්ගෙ රතු කට්ට ජන්ග්කුක්ටත් නොදැනු පනින්න ලන් වෙද්දි.
" සෝහා.. මොකක්ද උනේ ? " ජන්ග්කුක් සෝහාගෙ උරහිස්වලින් තදින් අල්ලගෙන ඇහුවත් තවමත් කෙල්ල අඬන්නෙ මෙලෝ සිහියක් නැතුව.
" සෝහා !!!! උත්තර දෙනවා මට කව්ද කතා කලේ ? " ජන්ග්කුක්ගෙ ඇස් තරහවෙන් පිරිලා. ඒ ඇස් දරුණුයි බලන්න බැරි තරමටම.
" අප්.. අප්පාව.. කව්දෝ මරලා ජන්ග්කුක්... අනේ මගේ අප්පා... "
සෝහා ජන්ග්කුක්ගෙ අත්වලින් මිදිලා තවත් කෑ ගහන්න ගත්තෙ තමන්ගෙ හිත ඇතුලේ දුවන දුක තුනී කරගන්න උනත් ඒකෙන් වෙන්නේ තවත් ඒ හිත බර වෙන එක.
සෝහාගෙ අතේ තිබුන phone එක අරගත්තු ජන්ග්කුක් අන්තිමට ඇවිත් තිබුන number එකට redial කරත් ඒ number එක වැඩ කලේ නැහැ.
" ටේ හියුන්ග්.. පොඩ්ඩක් හොයලා බලන්න. " කියාගෙන හැරෙද්දිම ජන්ග්කුක් දැක්කෙ ඔලුව දෙපැත්තට වනන ටේ හියුන්ග්ව.
" අපේ උන්ව දම්මන්න. "
ජන්ග්කුක් සෝහාව පාලනය කරගන්න බැරිම තැන සෝහාට නිර්වින්දන බෙහෙතක් එන්නත් කලේ තවත් සෝහාගෙ හැසිරීම දිහා බලන් ඉන්න බැරි නිසා.
........
උදෙන්ම ජන්ග්කුක් සෝහා ඇහැරෙන්නත් කලින් පිටත් උනේ මර්ඩර් එක උන තැනට. කිසිම හෝඩුවක් නැතුව හරි ලස්සනට හැමදෙයක්ම සිද්ද වෙලා කියලා ජධ්ග්කුක්ට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
ජන්ග්කුක් මරණය වෙනුවෙන් වෙන්න ඕන හැමදෙයක්ම එයාගෙ ගෝලයන්ට පවරලා මැන්ශන් එකට ආවේ සෝහාගෙ තත්වෙ බලන්න.
YOU ARE READING
My Mafia Husband | ⭕️
Fanfiction#sinhala #jk #fanfiction Written by ලාචිමෝලාලා✨️ 20 / 11 / 2022