☆ Chapter 10 ☆

335 41 8
                                    


කලු ඇඳුමින් සැරසුනු සෝහා වගේම ජන්ග්කුක් මේ ලෑස්ති වෙන්නේ සෝහාගෙ අප්පව සතුටින් පිටත් කරන්න යන්න.

කලින් තිබුන ඒ රෝසපාට වලගැහුන කම්මුල්වලට මොකක්ද ඇස්වහක් වැදිලා වගේ. සෝහා දවස් ගානකින් හරි හැටි කෑමක්වත් අරගෙන නැහැ. ඒ නිසාමද කොහෙද කෙල්ල සුදුමැලි වෙලා ගිහින්.

ජන්ග්කුක්ට මේ කිසිදෙයක් නොපෙනෙනවා නෙවෙයි. ජන්ග්කුක් පලවෙනි වතාවට ඉවසන්න පුරුදු වෙලා සෝහා වෙනුවෙන්.

📱📱📱

එන කට්ටියට ආචාර කරමින් ඉන්න සෝහාගෙන් තත්පරයකට ඇහ් අහකට ගත්තු ජන්ග්කුක් තමන්ගෙ මුලු අවධානය ලබා දුන්නෙ තමන්ට එන කෝල් එකට.

" කියන්න යුන්ගි. "

" බොස් ... ඒ number එකේ විස්තර මීට අවුරුදු දෙකකට කලින් මැරුණ කෙනෙක්ගෙ. ඒ කියන්නෙ number එක අයිති කෙනා මේ වෙනකොටත් මැරිලා. ඒක සැක සහිත නිසා මම number track කරන්න උත්සහ කරත් ඒක track කරන්න බැහැ. හැම මිනිත්තු යකටම සැරයක් location වෙනස්වෙන විදිහෙ system එකක් එතන තියන්නෙ. "

" ඉතින් ඒක කඩපන්. උඹට ඒක මහා දෙයක් නෙවෙයිනේ යුන්ගියා. "

" මන් හිතන්නෙ මට බොස්ගෙ උදව් ඕන වෙයි ඒකට. "

" වෙන්න ඕන දේවල් කියන්න. මම arrange කරන්නම්. "

ජන්ග්කුක් phone එක කට් කරලා හැරුනේ සෝහා දිහාවට යන්න. ඒත් ජන්ග්කුක් දැක්ක දෙයින් උනේ හිතුවටත් වඩා ඉක්මනට සෝහා ලඟට යන එක.

නිකන්ම නිකන් ජන්ග්කුක් නම් නෙවෙයි සෝහා ලඟට ගියේ ලෝකයක් බය උනු ඒ දෑස්වව අයිතිකාරයා.

" තමුසේ මොනවද මෙතන කරන්නෙ ? " ජන්ග්කුක් ඇහුවෙ පුලුවන් තරම් තමන්ගෙ වචන පාලනය කරගෙන.

" ඇයි මේ මිස්ට ජංඅග්කුක්ට තරහ ගිහින්... "

" ජැක්සන් තමුසේ මගෙන් මැරුම් කන්න ලෑස්ති වෙන්න එපා. "

ජන්ග්කුක් සෝහාට නෑසෙන ගානට ජැක්ස්න්ට කිව්වෙ තවත් සෝහාව බය කරන්න ජන්ග්කුක්ට වුවමනාවක් නොතිබුන නිසා.

" තරහ ගන්නෙපා ජන්ග්කුක්.. අපි කොහොමත් හොඳ යාලුවොනේ... එහෙනම් මම දැනට ගිහින් එන්නම්. සෝහා මැණික එහෙනම් ඔයත් පරිහ්සමින් ඉන්න ඔප්පා ගිහින් එන්නම්."

 My Mafia Husband | ⭕️Where stories live. Discover now