" three... two... one... doom "
ජන්ග්කුක් කට කොනින් හිනා උනත ටේහියුන්ග් වගේම සුගාත් කා' වලට පිටිපස්සෙන් පේන ලොකු දුම දිහා පුදුමෙන් බලද්දි.
" ජන්ග්කුක් ? "
සුගාත් ටේහියුන්ග්ත් ජන්ග්කුක් දිහා බැලුවා ප්‍රශ්නාර්ථ මුහුණකින් උනත් ජන්ග්කුක් ඒ කිසිම දේකට උත්තර නොදි ඇස් පියාගත්තෙ එයාගෙ උරහිසෙන් දැනෙන වේදනාවට.
පුලුවන් ඉක්මනට මැන්ෂන් එකට ආවත් තාමත් ටේ, සුගා දෙන්නගෙන්වකාටවත්ම ජින්ව කන්ටැක්ට් කරගන්න බැරි උනා.
ජන්ග්කුක්ගෙන් හිතුවටත් වඩා ලේ ගිහින් නිසාම ජන්ග්කුක්ගෙ හැඩිදැඩි සිරුර අඩපණ වෙලා.
ටේහියුන්ග් ගෙත් සුගාගෙත් උදව් ඇතුව මැන්ශන් අකට ආව ජන්ග්කුක් එයාගෙ කාමරයට නොයා ගෙස්ට් රූම් එකකට ගියේ සෝහාට තාම භේවා පුරුදු නැති නිසා වගේම සෝහා කලබල වෙයි කියලා හිතලා.
ඒත් ජන්ග්කුක්ට එයාගෙ සිහිය පවත්ව ගන්න බැරි තරම් ජන්ග්කුක් මේ වෙලාවේ දුර්වල වෙලා.
" ටේහියුන්ග් , සුගා හ්යොන්ග් කෝ ජන්ග්කුක් ? "
" අ... අ... ඔ- ඇයි තාම ඇහැරිලා දැන් 2ත් පහුවෙලානෙ. '
" ආ.. මන් ජන්ග්කුක් එනකන් හිටියේ නිදාගන්න ."
තවත් සොහාට බොරු කරන්න බැරි නිසාම ටේහියන්ග් හිතුවේ ජන්ග්කුක් ගෙන් මැරුම් කන්න හරි කමක් නැහැ මේ වෙලාවේ සෝහාට ජන්ග්කුක්ව පෙන්නන එක හොඳයි කියලා.
" සෝහා මේ..මේකයි... "
" අද මිශන් එකේදී ජන්ග්කුක්ට ටිකක් විතර තුවාල... "
ටේහියුන් ගොත ගහන නිසා සුගා කියන්න ගියත් සුගා විස්තරේ කියන්නත් කලින් සුගාවයි ටේහියුන්ග්වත් තල්ලු කරගෙන සෝහා ජන්ග්කුක් උන්නු කාමරයට ගියා.
ලේ පෙරාගෙන ඇඳ උඩ වැටිලා ඉන්න ජන්ග්කුක්ට දැකපු සෝහාගෙන් පුංචි ඉකේයෑඅ පිට උනේ ඇයිද කියන්න සෝහාවත් දන්නැහැ
" අපි ජින් හ්යොන්ග්ව කන්ටැක් කරගන්න කිහිපසැරයක්ම try කලා සෝහා... ඒත් ජින් හ්යොන්ග්ව කන්ටැක්ට් කරගන්න බැරි උනා අපිට. "
YOU ARE READING
My Mafia Husband | ⭕️
Fanfiction#sinhala #jk #fanfiction Written by ලාචිමෝලාලා✨️ 20 / 11 / 2022