☆ Chapter 08 ☆

420 41 6
                                    


මුහුණට වැටුනු හිරු එළියත් එක්ක සෝහා නැගිට්ටෙ කම්මැලිකමෙන්. ඇහැරුණ ගමන් ම සෝහාට මතක් උනේ ඊයේ රැය.

" ආශ්... ජන්ග්කුක්ගෙ මූණ බලන්නෙ කොහොමද දෙයියනේ මම ? "

සෝහා කොන්ඩෙත් අතේන අවුල් කරගන්න ගමන් ඇඳෙන් ඉඳගත්තෙ තනියම කියව කියව.

තමන්ටම කියව කියව හිටිය සෝහා ඔලුව උස්සද්දි තමයි දැක්කෙ දොරත් වහගෙන තමන් දිහාම එක එල්ලෙ බලාගෙන ඉන්න ජන්ග්කුක්ව.

" යාහ්... "

දැනුයි සෝහාට මතක් උනේ තවමත් සෝහා ඉන්නෙ එක නුල් පොටක්වත් ඇඅඟේ නැතුව කියලා.  සෝහා කෑ ගහනවත් එක්කම ජන්ග්කුක්ට හිනා ගියේ මේ පිස්සු වැඩ දැකලා.

" ඇයි මොකෝ දැන් ලැජ්ජද මගේ හා පැටියට ? ම්ම්ම්ම් හැබැයි ඊයේ රෑ නම් daddy i want it ගාගා බ්බ්බ්බබ් .. "

ජන්ග්කුක් කියන්න යන දේ ඉවෙන් වගේ දැනුන සෝහා ජන්ග්කුක්ගෙ කට තදින් වැහුවෙ ඇඟ වැහෙන්න අල්ලගෙන හිටිය බ්ලැන්කට් එකත් බිම දාලා.

ජන්ග්කුක්ගෙ ඇස් දෙක තදින් ඇලිලා තිබුන දිහා බලපු සෝහා ජන්ග්කුක්වත් තල්ලු කරගෙන බ්ලැන්කට් එක ඔතාගෙන ඇඳෙන් බැහලා වොෂ්රූම් එකට දිව්වෙ ජන්ග්කුක් කාලෙකට පස්සෙ හිනාවෙවී ඒ දිහා බලන් ඉද්දි.

ජන්ග්කුක් හරි ආඩම්බරෙන් බෙඩ්ශීට් එක අයින් කරලා කාමරෙන් එලියට ගියේ සෝහාට බොන්න කිරි එකකුත් කාමරයෙන් තියලා.

සෝහා යන්තම් ලැජ්ජාව පැත්තකින් තියලා පහලට ආවේ පැය හතරකට විතර පස්සෙ. සෝහා එනකොට ජන්ග්කුක් ටේහියුන් දෙන්නම හිටියේ බර කතාවක. ඒත් ජන්ග්කුක්ට ඕන වුනේ නැහැ මේ මැන්ෂන් එක ඇතුලෙ වගේම පිටත වෙන හැමදෙයක්ම සෝහා දැනගන්නවට.

ඒ නිසාම ජන්ග්කුක්එයාගේ අතේ තිබුන ලැප් එකත් දීලා ටේහියුන්ව එය්ගෙ කාමරයට යැව්වෙ අජුම්මට සෝහාගෙ උදේ කෑම එක ගේන්න කියන ගමන්.

" අනේ අනේ මේ ජියෝන් ජන්ග් කුක්ගෙ වයිෆ් නේද ? උදේට කන වෙලාව බලන්න . "

ජන්ග්කුක් සෝහාගෙ ස්ට්‍රේට් කොන්ඩ කූරු එහා මෙහා කරන ගමන් කතා කලේ සෝහාව පොඩි දරුවෙක් වගේ හුරතල් කරන ගමන් .

 My Mafia Husband | ⭕️Where stories live. Discover now