☆ Chapter 13 ☆

321 43 13
                                    


තමන්ට තමන් ගැනම ඇති උන පිළිකුලත් එක්ක සෝහා ටේහියුන්ගේ කාමරයේ තියෙන පුංචි වීදුරුවෙන් ටේහියුන්ග් දිහා බලන් හිටියේ ඇස්වලින් කඳුලු කැට එක දෙක වැටෙද්දි.

" ටේහියුන්ග් ඔප්පා... " ඉකිගහමින් ඉන්න සෝහා දිහාවට ටේහියුන්ගෙ ඇස් යොමු උනේ අහම්බෙන් වගේ.

" සෝහා ? "  ටේහියුන්ග් සෝහාට කතා කලත් සෝහා ඉක්මනින්ම වීදුරුව ලඟින් අයින් උනේ ජන්ග්කුක්ව තමන්ව දකී කියන බයෙන්.

" ටේහියුන්ග්ආ ? "

" ජන්ග්කුක් සෝහා දැන් එළියේ හිටියා. මම දැක්කා අර වීදුරුවෙන්. "

ජන්ග්කුක් තමන්ගෙ එහාපැත්තෙ උන්නු පීටර්ට ඇඟෙව්වෙ එළියට ගිහින් සෝහා ඉන්නවද කියලා තහවුරු කරගන්න.

" එළියේ කවුරුත් නැහැ බොස්. "

ඇත්තටම ඒ නපුරු හිත මොහොතකට සතුටු වෙන්න ඇති සෝහා තමන්ගෙ වැරැද්ද තේරුම් අරගෙන ටේහියුන්ගෙන් සමාව ඉල්ලන්න ආවා කියලා. ජන්ග්කුක් යටිහිතින් දස දහස් වාරයක් ඒක පතන්න ඇති. ඒත් මොන අවාසනාවකට ද මන්දා ඒ වෙලාවේ සෝහා කලේ ජන්ග්කුක්ගෙන් ඈතට ගිහින් හැන්ගුන එක. සමහර විට සෝහා තීරණයක් ගන්න ඇති. අපි කවුරුත් නොහිතන තීරණයක් ......

........

මාස 3ක්ම ඔහේ ගෙවිලා ගියේ ජන්ග්කුක් තමන්ට ඕන ආයුධ එකින් එක තව තවත් රැස් කරගද්දි. තමන්ගෙ යටතේ හිටපු හැම සටන්කරුවෙක්වම ජන්ග්කුක් විසින්ම විශේෂ පුහුණුවකට ලක් කලා. මොකද ජන්ග්කුක්ගෙ ඔලුවේ මේ කාලය පුරාවටම තිබුනේ එක දෙයයි.

ජැක්සන්ගෙ මරණය
ජන්ගුක්ට විතරක්ම නෙවෙයි ජැක්සන්ව මරන්න වුවමනා උනේ. මුලු රටටම ලෝකයටම ජැක්සන්ව තිත්ත වෙලයි තිබුනේ.

මීට මාස දෙකකට උඩදි ඉතාලි මාෆියා කණ්ඩායමකට අයත් ඩීල් කිහිපයක ප්‍රධාන සහකාර නියෝජනය උනේ දකුණු කොරියාව.

රහසිගත සැලසුමක යෙදුනු ජන්ග්කුක් මේකට කිසිම විදිහකට දායක නොවුනේ බාරගන්න වැඩක් මගදි අත හරින සිරිතක් ජන්ග්කුක් ලඟ නොතිබුන නිසා.

ඒ නිසාම ඒ ඩීල් එකේ සම්පුර්ණ බලය ජැක්සන්ට ගන්න වැඩි වෙහෙසක් දරන්න උනේ නැහැ. මොකද අනිත් මාෆියා ටීම් අතරින් ජැක්සන්ගෙ ටීම් එකටත් යම් ස්ථානයක් නොතිබුනා නොවන නිසා.

 My Mafia Husband | ⭕️Where stories live. Discover now