" එහෙනම් යකුනේ අපි දැන් පටන් ගමු. "
නම්ජූන් අණ කරද්දි එහාපැත්තෙන් ජැක්සනුත් අණ කලේ සටන එසේ පටන් ගැනුන වග ජන්ග්කුක්ට සංඥා ලැබෙද්දි.ජැක්සන් අමාරුවෙන් පුහුණු කරපු සටන්කරුවො එකින් එක ලේ පෙරැගෙන වැටෙන දිහා ජැක්සන් බලන් උන්නෙ වියරුවෙන්.
එකින් එකා මරා දමමින් ජැක්සන් ලඟට ළං වෙන ජන්ග්කුක්ගෙ සටන්කරුවන්ගෙ ඊළඟ ඉලක්කය උනේ ජැක්සන්.
ජැක්සන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙද්දි ජැක්සන් ගන් එකක් අතට අරගෙන අහුවෙන අහුවෙන දිහාවට වෙඩි තියන්න ගත්තෙ ජන්ග්කුක්ගෙ ගෝලයන් කිහිපදෙනෙක්ටත් ජීවිත අහිමි වෙද්දි.
ජැක්හන්ගෙ අතේ තියන ගන් එක නිසාම හැම සටන් කරුවෙක්ම නම්ජූන්ගෙ ආරක්ෂාවට පෙලගැහුනත් නම්ජූන් කලේ ඒ මාර්ගයෙන් ජැක්සන්ට ළං වෙලා ජැක්සන්ගෙ අතකට පහර දුන්න එක.
ජැක්සන්ගෙ අතින් ගන් එක ගිලිහෙනවත් එක්කම ජන්ග්කූක්ගෙ සටන්කරුවන් නම්ජූන් හා ජැක්සන් වටේ වළලල්ක් හැදුවේ ඒකට කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි විදිහට.
ජැක්සන් බය උනත් මේ වෙලාවේ එයා විශ්වාස කලා නම්ජූන්ව තමන්ට පරද්දන්න පුලුවන් වග. ඉතින් ජැක්සන් සටනට මුල පිරුවා නම්ජූන් සමග.
ටික වෙලාවක් යනකොට ජැක්සන්ට තේරුනා තමන් කරගත්තෙ වැරැද්දක් කියලා. නම්ජූන් ජැක්සන් හිතුවට වඩා ශක්තිමත්. ඉතින් ජැක්සන් මේ වෙලාවේත් මාෆියා නීති රීති වලින් පටහැනිව ක්‍රියාත්මක උනා.
ජැක්සන් තමන්ගෙ බූට් ඇතුලේ හන්ගගෙන උන්නු පිහි තුඩක් ඇදලා ගත්තෙ නම්ජූන්ට හිතන්නවත් වෙලාවක් ඉතුරු කරන්නැතුව.
පිහිතුඩ නම්ජූන්ගෙ පපුවට ඇතුල් වෙනවත් එක්කම අඩපණ වෙද්දි ජැක්සන් කලේ තවත් නම්ජූන්ව අඩපණ කරන පහරවල් කිහිපයක්ම එල්ල කරපු එක.
මොන දේ උනත් වළල්ලෙන් ඇතුලට එන එක සටන්කරුවන්ට තහනම් වෙලයි තිබුනේ. ලේ පෙරාගෙන බිමට වැටෙන නම්ජූන් දිහා බලාගෙන ජැක්සන් වියරුවෙන් හිනා වෙන්න ගත්තෙ තමන් සටනින් ජය ගත් බව හිතාගෙන උනත් සිද්ධ උනේ කොහෙත්ම වෙන්න හොඳ නැති දෙයක්.
YOU ARE READING
My Mafia Husband | ⭕️
Fanfiction#sinhala #jk #fanfiction Written by ලාචිමෝලාලා✨️ 20 / 11 / 2022