☆ Chapter 14 ☆

332 42 34
                                    


" හහ් හහ් හා ජන්ග්කුක්... ඉතින් කොහොමද මගේ යාලුවා... මන් මේ වීඩියෝ එක එවන්නෙ ඔයාට සතුටු හිතෙන ආරාංචියක් අරගෙන එන්න...

ගෙනෙන් ඕකිව මෙහාට.... "

ඒත් එක්කම වීඩියෝ එකට පෙනී හිටියේ වෙන කවුරුත් නෙවෙයි සෝහා. ඒ ජන්ග්කුක් ළඟ හිටපු සෝහා නම් නෙවෙයි. හොඳටම හෙම්බත් උන ඔලුව උස්සගෙන ඉන්නවත් පන නැති උන සෝහා කෙනෙක්.

" සෝහා "  ජන්ග්කුක්ට ඉබේටම කෑ ගැහුනේ ජන්ග්කුක්ගෙ ඇඟ පුරාම නහරවල් එකින් එක ඉස්මතුවෙද්දි.

" උඹ මගේ හැම බිස්නස් එකක්ම විනාශ කරද්දි උඹේ වටිනම වස්තුව මගේ වෙලා. උඹට මොකද දැනෙන්නෙ ජන්ගකුක් ඒ ගැන. හහ් හහ් හා.... "

ජැක්සන් සෝහාගෙ කම්මුල තදින් තද කලේ කෙල්ලට රිදෙන්න. ඒත් කෙල්ලට සිහිය නැහැ.  කෙල්ලගෙ ඔලුව තාමත් බිමට කඩන් වැටෙනවා.

ජන්ග්කුක් වීඩියෝ එකේ ඉතුරු ටික බලන්නෙවත් නැතුව ජැක්සන්ට රීඩයල් කලා.

"ජැක්සන්....චෙබල්... මම ඔයා කියන ඕන දෙයක් කරන්නම්... අනේ කෙල්ලට මොකුත් කරන්න එපා... මම මගේ බිස්නස් හැම එකක්ම උඹට දෙන්නම්... චේබා.....

හහ් ......

උඹ හිතුවද මම එහෙම කියයි කියලා... කවදාවත් නැහැ. මම ඕකීව අතෑරලා දාලා ගොඩක් කල්. ඉතින් උඹ හිතනවද මම මගේ සතුට ඔය කොහෙවත් ඉන්න කෙල්ලෙක් හින්දා නැති කරගනී කියලා. කවදාවත් නැහැ... මේ ජන්ග්කුක්ට කිසිම දුර්වලකමක් නැහැ උඹලාට පාවිච්චි කරන්න පුලුවන් වෙන විදිහේ. අන්න ඒක මතක තියාගනින්. උඹ කැමති දෙයක් ඕකිට කරපන්. මට ප්‍රශ්නයක් නෙවෙයි ඒක. "

ජැක්සන්ට වචනයක්වත් කියන්න නොදී ජන්ග්කුක් කෝල් එක කට් කලා . ඒ ජන්ග්කුක්ගෙ හැටි. මුල් ටික අහලා සතුධු උන ජැක්සන් ඇත්තටම අතරමන් උනා ජන්ග්කුක්ගෙ අන්තිම වචන ටිකට.

" ජන්ග්කුක් ? " ජැක්සන් විතරක් නෙවෙයි ටේහියුන්ග් පවා.

ජන්ග්කුක් මොකුත්ම නොකියා යන්න හැරුනෙ රකුසු මුහුණක් එක්ක.

" ජන්ග්කුක් ඒ ඔයාගෙ වයිෆ්. "

" ඒ හැමදෙයක්ම ඉවර වෙලා ගොඩක් කල් ටේහියුන්ග් මන් දන්න තරමින්. අපේ ප්ලෑන් එකක්වත් වෙනස් වෙන්නැහැ. හෙට කරන්න තියෙන වැඩ ගැන අවධානය දෙන්න. "

 My Mafia Husband | ⭕️Where stories live. Discover now