Chapter 1

14 2 0
                                    

Sooyeon's Pov

" Good morning ජිනී ඔප්පා.... ඉන්න මන් ඉක්මනට කෝපි එක හදලා දෙන්න....... "

" Good morning සූයා... හදිස්සියක් නෑ පැටියෝ... මමත් දැන් නැගිටලා එලියට ආවේ... " ජින් ඔප්පා උත්තර දුන්නේ වෙනද වගේම හරි ලස්සන හිනාවකින් සංග්‍රහ කරලා.

මන් උදේ නැගිටලා පල්ලෙහට ආවේ තාම කවුරුත් නැගිටලා නැතුව ඇති කියලා හිතලා හැමෝටම උදේ කෝපි ටික හදලා දීලා බ්‍රෙක්ෆස්ට් ලෑස්ති කරන්න.

ඒත් බලනකොට ජින් ඔප්පා නැගිටලා. මේ ගෙදර මන් එක්ක කතා කරන එකම මනුස්සයා ජින් ඔප්පා. ජින් ඔප්පා නැත්නම් මෙලහකට මට පිස්සු හැදිලා මේ තඩි බූතබංගලාවේ තනියම ඉදලා.

එතකොට මේ ගෙදර ඉන්න අනිත් කෙනා ටේහ්යුන්ග්. මගෙ හස්බන්ඩ්... එහෙම කියනවට වැඩිය මන් හිතන්නේ නමට හස්බන්ඩ් කියන එක හොදයි . එහෙම කියන්න හේතුව අපේ මැරේජ් එක වුනේ පවුලේ අයගේ උවමනාවට මිසක් අපි දෙන්නගේ කැමැත්තකටවත් උවමනාවකටවත් නෙවෙයි. අපි අතරේ වැඩි ඇයි හොදයියක් නෑ. ටේහ්යුන්ග්ට මාව පෙන්නන්න බැ එයා හිතාගෙන ඉන්නේ මේක මගෙ ඕනකමකට කරපු කසාදයක් කියලා. මට ඕනෙත් නෑ එයාගේ වැරදි අදහස් වෙනස් කරන්න. එයා ඕනේ විදිහකට හිතාගෙන හිටපුදෙන් කියලා මමත් මගෙන් මේ ගෙදරට වෙන්න ඕනේ වැඩ කරගෙන ගෙදර අස්සට වෙලා ඉන්නවා. ටේහ්යුන්ග් මේ ගෙදර කතා කරන්නේ එයාගේ හ්යුන්ග් ජින් ඔප්පා එක්ක විතරයි. ඒ ඇරුනම එයාගේ හොදම යාලුවෝ දෙන්නා එහෙම නැත්නම් එයාගේ අනිත් සහෝදරයෝ දෙන්නා Park jimin, Jeon jungkook. ජින් ඔප්පා කියලා තියෙන විස්තර වල හැටියට මම දන්නේ එයාලා පොඩි කාලේ ඉදන්ම එකට හිටපු අය කියලා. එයාලත් නිතරම මෙහෙට එනවා එයාලත් ටේ වගේම තමයි මගෙත් එක්ක කතා බහක් නෑ .මම නිකන් මේ ගෙදර ඉන්න නොපෙනෙන ආත්මයක් වගේ.

" ඔප්පා ඔන්න ඔයාගේ කෝපි එක. " මන් ජින් ඔප්පා ලගට ගිහින් එයාගේ කෝපි එක අතටම දුන්නේ ජින් ඔප්පට ඇවිදින්න බැරි නිසා. එයා ඉන්නේ wheelchair එකක.

ජින් ඔප්පාට උන හදිසි ඇක්සිඩන්ට් එකක් නිසා කකුල් දෙක පණ නෑ. ඩොක්ටර් කෙනෙක් ගෙදරට ම ඇවිත් ට්‍රිට්මන්ට්ස් කරනවා. Dr. Namjoon. මන් මේ ලෝකේ දැන් වැඩියෙන් ම ආදරේ කරන්නේ මගෙ ජිනී ඔප්පට. හරියට මන් එක්ක ජිනී ඔප්පා මගෙ අප්පා වගේ.  මන් Dr.නැම්ජුන්ගෙන් ඇහුවා ජින් ඔප්පාව සනීප කරන්න ආයේ බැරිවෙයි ද කියලා. එයා කිව්වේ දිගටම එක්සසයිසස් ටික කරලා ටික ටික ඇවිදින්න උත්සහ කරොත් අනිවාරෙන්ම ආයේ ඇවිදින්න පුළුවන් වෙයි කියලා. ඒත් මන් කොහොමද තනියම එච්චර ලොකු වැඩක්‌ කරන්නේ. ටේහ්යුන්ග් කොහොමත් මන් එක්ක එකට වැඩ කරන්න වෙලාවක් වෙන් කරන්නේ නෑ ඒක ජිනී ඔප්පගේ වැඩක්‌ උනත්. එයා ගෙදර ඉන්නෙත් හරිම කලාතුරකින්. Office යනවා රෑට රෑ වෙලා ගෙදර එනවා. ඒ සමහර දාටත් සිහියෙන් එන්නේ නෑ. මට කාගෙන්වත් උදව් ඕනෙ නෑ මන් ජින් ඔප්පාව කොහොමහරි සනීප කරගන්නවා. Dr. Namjoon ගෙනුත් උදව් ඉල්ලගෙන.මන් දැන් ඒ වැඩේ පටන් අරගෙන සැහෙන කල්.

Remember Me (Slow Update )Where stories live. Discover now