A/N
" එහෙනම් පැටියෝ මන් ගිහින් එනකම් පරිස්සමින් ඉන්න ඕනෙ තේරුනාද..." ජින් කිව්වේ එයාපෝර්ට් එකට ආව වෙලාවේ ඉදන් කිසිම සද්දයක් නැතුව ඉන්න සුයෝන්ට.
" හරි ඔප්පා.... " සූයෝන් කෙටියෙන් උත්තර දුන්නේ පපුවෙන් කරන්ට් එකක් යනවා වගේ වේදනාවක් දැනෙද්දී.
" ජූනී හ්යුන්ග් එහෙනම් පරිස්සමින් යන්න... ඕනෙ දෙයක් තිබුනොත් අනිවාරෙන්ම කෝල් එකක් දෙන්න..... " ටේහ්යුන්ග් කිව්වේ ජින් එක්ක පැරිස් වලට යන Dr. නැම්ජුන්ට.
" හරි ටේ බය වෙන්න එපා ඔයාගේ හ්යුන්ග්ව මන් පරිස්සමින් බලාගන්නම්.... " නැම්ජුන් ඇස් හීනි කරලා හිනාවක් එක්ක කිව්වේ ටේහ්යුන්ග්ව හග් කරන ගමන්.
" ඔය ඩබල.... පරිස්සමින් ඉන්න ඕනෙ තේරුනාද.... පොඩි ළමයි වගේ හැසිරෙන එක වහාම නවත්තන්න ඕනෙ... එතකොට මන් ඔය දෙන්නටම ලොකු වගකීමක් දීලා යන්නෙ අනිවාරෙන්ම ඒක හරියට කෙරෙන්න ඕනෙ තේරුනාද.... " ජින් කිව්වේ ජිමින්ටයි කුකීටයි.
" තේරුණා වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් උතුමාණෙනි... " ජිකුක් ඩබල ඔලුව පාත් කරලා කිව්වේ අනිත් කට්ටියට හිනාවක් යද්දී.
" එහෙනම් ටේ අපි යන්නම්... දැන් වෙලාව හරිනේ.... " නැම්ජුන් ජින්වත් එක්කගෙන එයාපෝර්ට් එක ඇතුලට යන්න ගියේ සුයෝන්ගේ ඇස් වල කදුළු පිරෙද්දි.
" පරිස්සමින් ඉන්න ඔප්පා.. මන් බලාගෙන ඉන්නවා ඔයා එනකම්.... " සූයෝන් වචන වලට හරවන්නේ නැතුව හිතින් හිතුවේ පිට අල්ලෙන් කදුළු පිහිදාන ගන්න ගමන්.
" හපෝ.... මේ බලන්නකෝ... හොටුත් එනවා.... දැන් ඇඩුවා ඇති හ්යුන්ග් ඉක්මනට එනවා..... " කුකී පැත්තක් කාපු ටිෂූ එකක් දික් කරලා කිව්වේ සුයෝන්ට.
" ඊයා... ඕක අල්ලන්න එපා සූයෝන්... මේකා ඕක කෑවා.... " ජිමින් මුණත් ඇබුල් කරලා කිව්වේ සූයෝන් ඒක අතට ගත්ත හින්දා. එහෙම්මම ඒක අතෑරපු සූයෝන් කරේ කට ඇද කරපු එක.
" ඇයි ඒක බිම දැම්මේ.... අනේ බලන්න ටෙයියෝ... මෙයාලා මට වෙනස්කම් කරනවා...... " කුකී බිම තියෙන ටිෂූ එක දිහා බලාගෙන ටේහ්යුන්ග් ගේ ලොකු හුඩියෙන් අදින්න ගත්තේ ටේ රවද්දී.
YOU ARE READING
Remember Me (Slow Update )
Fanfictionකාල වෙලා අමතකව මතක තුල නිදන් වෙද්දී..., පැටලුන සිතුවිලි ටිකෙන් ටික තවත් පැටලෙද්දී...., කතා සිනහා මුහුහකට දුටු පෙන්වද්දී...., කාන්තාර තනිවීම සිහියට නැගුනා කල් යද්දී..... පිටවෙන වචනයක් රන් හා වටිද්දී..., සිතිවිලි වලටම සැරිසරන්න ඉඩ දෙද්දී..., ගුප්ත චරි...