සූයෝන් ටිකක් වෙලා ඉදලා ඇතුලට ආවේ බඩට මොනවහරි දාගන්න හිතාගෙන. සූයෝන් ටේහ්යුන්ග් කාලා තිබ්බ පිගානටම දාගෙන කෑවේ තව පිගානක ඉදුල් ගාන්න කම්මැලිකමට.
කෑම කාලා කිචන් එකත් අස් කරපු සූයෝන් කාමරේට ගියේ වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් ඇවිදින්න යන්න.
" ආශ්..... කොහෙ යන වැස්සක්ද මෙහ්.... " බාත්රූම් එකෙන් එලියට ආපු සූයෝන් දැක්කේ කාමරේ ජනේලෙන් වහින දර්ශනයක්. සූයෝන් ඔලුවත් කස කස ගෙදරට අදින ඇදුමක් දාගෙන ඇවිත් ඇදට පැන්නේ වැස්ස පායනකම් නිදාගන්න කියලා හිතාගෙන.
.
.
.
.
.
.
.
.
." ඔහ්....කව්ද....කොහෙද....මොකද.... දෙන්නේ පයින්...කෝ... කොහෙද..." සූයෝන් කොන්ඩෙත් කඩාගෙන අත් දෙකත් ඉස්සරහට දික් කරගෙන එක පාරටම නැගිට්ටේ සද්දයක් ඇහුන නිසා. ඒ සද්දේ වෙන මොකක්වත් නෙවෙයි සුයෝන්ගේ ෆෝන් එක. නිදි විකාරෙන් නැගිටපු සූයෝන් තාමත් අත් දෙක ඉස්සරහට දික් කරගෙන හිටපු විදිහට ම ඉන්නවා.
" අහ්... අපරාදේ මගෙ හීනෙ.... මොකාද මේ මාව අවේලාවේ මතක් වෙච්ච එකා..... " හරි සිහියට ආපු සූයෝන් බැන බැනම ෆෝන් එකේ ස්ක්රීන් එක දිහා බැලුවේ එක අතකින් කොන්ඩෙත් දෙපැත්ත කරන ගමන්.
" ඔහ්! ජිනී ඔප්පා.... " සූයෝන් මහ ගොන් හිනාවක් දාලා කෝල් එක answer කරා.
" හෙලෝ ඔප්පා.... ඔයාලා කොහෙද ඉන්නේ... හොටෙල් එකට ගියාද....තාම යන ගමන් ද..."
" හෙලෝ සූයෝන් මොකද කරන්නේ පැටියෝ....අපි මේ දැන් හොටෙල් එකට ආවා විතරයි.. " ජින් එහෙම කියනවත් එක්ක සූයෝන් අනිත් පැත්තට වෙලාව බැලුවා. හවස 4.13 ඒ වෙනකොට වැස්ස හොදටම පායලා.
" ආනි.... ඔප්පා මන් ටිකක් නිදාගත්තා... කරන්න වැඩකුත් නැති එකේ... ඔප්පා වොෂ් එකක් දාලා රෙස්ට් කරන්න ටිකක්..... " සූයෝන් එලියට යන කතාවක් කිව්වේ නැත්තේ කොහෙද යන්නේ කීයටද එන්නේ වගේ ප්රශ්න ගොඩකට උත්තර දෙන්න වෙන නිසා.
" සූයෝන් රෑට හොදට දොරවල් ජනෙල් වහගන්න හරිද.... අමතක නම් ජනෙල් වහලද කියලා බලන්න.... හවසට ම දොරවල් ජනෙල් වැහුවනම් හරි... මේ ටිකේ ජනෙල් ඇරියේ නැතත්කමක්නැහැ... මහ රෑට දොර අරින්න යන්න එපා... "
YOU ARE READING
Remember Me (Slow Update )
Fanfictionකාල වෙලා අමතකව මතක තුල නිදන් වෙද්දී..., පැටලුන සිතුවිලි ටිකෙන් ටික තවත් පැටලෙද්දී...., කතා සිනහා මුහුහකට දුටු පෙන්වද්දී...., කාන්තාර තනිවීම සිහියට නැගුනා කල් යද්දී..... පිටවෙන වචනයක් රන් හා වටිද්දී..., සිතිවිලි වලටම සැරිසරන්න ඉඩ දෙද්දී..., ගුප්ත චරි...