Chapter 5

5 4 0
                                    

A/N

පහුවදා උදේම සූයෝන් ආවේ කැෆේ එකට. සූයෝන් යද්දී කියා නම් හිටියේ වැඩ වගේකට මැදි වෙලා ඒ නිසා සූයෝන් කරදර කරන්නේ ගිහින් වාඩි වෙන්න හිතුවේ කියා එනකම් ටිකක් ඉවසලා ඉන්න වෙද්දී.

" යා.......... සූයෝනා............. " සූයෝන් කැෆේ එකේ වෙන් කරලා තියෙන කොටසට යනකොට කවුරු හරි බදාගත්ත පාරට කෙලින්ම දෙන්නත් එක්ක නතර උනේ බිම.

" oh.... My god..... අපිට ඔයාව ගොඩක් මතක් උනා....... බලන්නකෝ සූ ඔයා තවත් ලස්සන වෙලා...... " සුයෝන්ගේ ඇග උඩ ඉන්න කෙනා සුයෝන්ගේ මාස්ක් එකත් ගලවලා මුණ මිරිකන ගමන් කිව්වේ සූයෝන් මොකද්ද උනේ කියලා තේරුම් ගන්න හදනකොට.

" ජියා.... බහිනවා ඔය ළමයාගේ ඇගෙන්..... ඔලුවත් වැදුනද කොහෙද.... නැගිටිනවා ඉතින් එක පාරක් කිව්වහම...... " එක පාරටම කොල්ලෙක් කෑ ගහද්දි සූයෝන් ඔලුව උස්සලා බැලුවේ ඒ කව්ද කියලා බලන්න.සූයෝන් බලනකොට එතන තව කිහිප දෙනෙක්ම වාඩිවෙලා හිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි සුයෝන්ගේ ඉතුරු යාලුවෝ ටික. කොලේජ් එකේ හිටපු නසරානි සෙට් එක ආපහු එක තැනකට ඇවිත්. මේ කට්ටිය අන්තිමට හම්බුනේ සුයෝන්ගේ වෙඩින් එක දවසේ. එදායින් පස්සේ හම්බුන පලවෙනි දවස අද.

" බහින්න නෙවෙයි ඕනෙ... ඊයේ එනවා කිව්වනම් අපිත් එනවනේ කැෆේ එකට... තනියම කියා එක්ක ඇවිදින්න ගිහින්.... " ජියා සුයෝන්ගේ ඇග උඩින් නැගිටින ගමන් කිව්වේ රවාගෙන.

" හදිස්සියේ ආවේ ජියා... කාටවත් කිව්වේ නෑ.... අඩුම මම ආවට පස්සේ තමයි කියාත් දන්නේ.... " සූයෝන් ජියාට පොඩි හග් එකක් දෙන ගමන් කිව්වේ හිනා වේවි.

සූයෝන් ඒත් එක්කම ඇස් ගෙනිච්චේ වාඩි වෙලා ඉන්න අනිත් කට්ටිය දිහාවට. ඒ හැමෝම ඇවිත් සුයෝන්ව හග් කරේ සුයෝන්ව දකින අන්තිම දවස වගේ. සූයෝන් ආපිටට ඒ අයවත් හග් කරේ තමන්ට දැනෙන තනිකම ආයේ කවදාවත් දැනෙන්න එපා කියන ගමන්.

" සෝහා... ඔයා එන්නේ නැද්ද හග් එකට..... " චන්ග්හෝ එහෙම කියනකොට සූයෝන් දැක්කේ තාමත් සූයෝන් දිහා බලාගෙන ඉන්න සෝහාව.

" ඔයාලා සූව පොඩි කරලා ඉවර උනහම මන් එන්නම්..... " සෝහා කිව්වේ චන්ග්හෝට රවන ගමන්.

Remember Me (Slow Update )Where stories live. Discover now