A/N
ටේහ්යුන්ග් මේ වෙනකොට හොටෙල් රූම් එකේ බැල්කනි එකට වෙලා බලාගෙන හිටියේ ඈතින් හරි ලස්සනට පේන මුහුද දිහා. සැරින් සැරේ වදින හුලග මහන්සිය අරගෙන යනවා වගේ හැගීමක් දැනෙද්දී ටේහ්යුන්ග් ඇස් දෙක වහගෙන ඒ හැගීම විදගත්තා. කිසිම සද්දයක් නැතුව වැටට අත්දෙක තියාගෙන සාමන්ය විදිහට ඉන්නවා වගේ පෙනුනත් ටේහ්යුන්ග් හිටියේ ප්රශ්න ගොඩක් එක්ක ලොකු යුද්දෙක පැටලිලා.
" ආශ් ...... ඇයි මේ සේරම මටම වෙන්නේ..... " ටේහ්යුන්ග් එක පාරටම බැල්කනි එකේ වැටට පයින් පාරක් ගැහුවේ කෑ ගහගෙනමයි.
" ඒපාර මොකාද...... " ටේහ්යුන්ග් කාමරේ දොර දිහාවට තරහින් පුපුරන ගමන් ඇවිදගෙන ගියේ හදිසියේම දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා.
" මොකද මෙච්චර වෙලා ගියේ දොර අරින්න ආ... කෙල්ලෙක්වත් මේක අස්සේ දාගත්තද...... " ජිමින් ටේහ්යුන්ග්වත් තල්ලු කරගෙන කාමරේට ඇවිත් කවුච් එකෙන් ඉදගත්තේ ටේත් දොර වහලා ආපහු එද්දි.
" මොකද හදිස්සියේ කඩාගෙන පැන්නේ.... " ඇදෙන් ඉදගත්ත ටේ ජිමින්ගෙන් ඇහුවේ යක්ෂ මුණත් එක්කමයි.
" අපි දෙන්නට හම්බෙන්න හේතුවක් ඕනෙද ඩැඩී ම්ම්ම්..... " ජිමින් තොලකුත් හපාගෙන ටේහ්යුන්ග් දිහාට ඇවිදින්න ගත්තේ ටේ හොල්මනක් දැකලා වගේ බය වෙද්දී.
" ඉතින් ඔයාට මාව මිස් උනා නේද ඩැඩී.... " ජිමින් ටේහ්යුන්ග් ලගට ගිහින් ෂර්ට් එකේ බොත්තමක් ගැලෙව්වේ ටේගේ කටේ කෙලත් හිදිලා යද්දී.
" ජිමින්... මන් කොල්ලොන්ට කැමති නෑ අහකට යනවා.... " ටේ ඇදේ පිටිපස්සට වෙන ගමන් කිව්වේ ටිකක් සද්දෙන්.
" මොකද අනේ ඔයා බය වෙලා.... ඔයා වෙනදට ඔහොම නැනේ බබා ආ..... " ජිමින් ඇදට දනිසක් තියන ගමන් කිව්වේ හිනාව පාලනය කරගෙන.
" ජිමින් .... යා... ජිමිනී.... අහකට යනවා. මට හිතුනා ඉස්සරහ ඉදන් තමුසේ මගෙ ඇගේ එල්ලී එල්ලී ඉද්දි මොකක් හරි මගුලක් වෙයි කියලා.... අහකට යනවා.... " ටේ හයියෙන් බෙරිහන් දෙන්න ගත්තේ ඒක විහිළුවක් කියලා තේරුම් නොගෙන.
ඒත් එක්කම ජිමින් ඇදෙන් බිමට වැටිලා හිනා වෙන්න ගත්තේ බඩත් අල්ලගෙන. ටේගේ මුණ දෙක වෙලා ගියේ ජිමින්ගේ විහිලුව ඕනවට වඩා සීරියස් ගත්ත නිසා.ඇදේ අවසානෙට ඇවිත් ටේ එබිලා බැලුවේ හිනාවෙන ජිමින් දිහා.
YOU ARE READING
Remember Me (Slow Update )
Fanfictionකාල වෙලා අමතකව මතක තුල නිදන් වෙද්දී..., පැටලුන සිතුවිලි ටිකෙන් ටික තවත් පැටලෙද්දී...., කතා සිනහා මුහුහකට දුටු පෙන්වද්දී...., කාන්තාර තනිවීම සිහියට නැගුනා කල් යද්දී..... පිටවෙන වචනයක් රන් හා වටිද්දී..., සිතිවිලි වලටම සැරිසරන්න ඉඩ දෙද්දී..., ගුප්ත චරි...