" මහලොකුවට කිව්වේ නම් කොහොමද ඕන දෙයක් කියන්න මැඩම් මන් කරලා දෙන්නම්.... මෙතන ගෙදර පිටින් උස්සගෙන ගියත් සිකුරුටියා දන්නෙ නෑ.. ශිට්... අයිතිකාරයා වගේම නැතැයි වැඩ කරන මිනිස්සුත්.... " සූයෝන් සිකියුරිටිටත් බැන බැනම තනියම බඩු මලු ටිකත් උස්සගෙන ගේට් එකෙන් ඇතුලට ආවේ සිකියුරිටි කකුල් දෙකත් උඩ දාගෙන නිදාගෙන ඉන්න විදිහ දැකලා.
" ම්ම්හුම්.... අජ්ජුසි නැගිට්ටනම්..... මේ ටික ඔයාට ගෙනාවේ...... " සූයෝන් ඩෝනට් වගයක් තිබුන බෑග් එකක් සිකියුරිටිට දුන්නේ බොරුවට රවන ගමන්.
" අහ්.... කම්සහම්නිද මැඩම්.... මට ටිකක් ඇහැ පිය වුනා.... " සිකියුරිටි ඔලුවත් පාත් කරලා ඒ කියපු කතාවට සූයෝන්ට හිනා ගියේ පොඩි ඇහැ පියවිල්ලේ තරම දැකපු හින්දා.
" ඒකට කමන්නෑ අජ්ජුසි.... සර්ලා කවුරුහරි මන් කොහෙහරි ගියාද ඇහුවොත් නෑ කියලා කියන්න අජ්ජුසි හරිද... කොහෙවත්ම ගියේ නැද්ද ඇහුවොත් ගෙදරට ඕනෙ කරන දේවල් ගේන්න ගියා කියලා කියන්න..... " සූයෝන් සිකියුරිට එහෙම කිව්වේ අනිවාරෙන්ම ජින් සූයෝන් ගැන අහනවා කියලා දන්න නිසාමයි.
" හරි මැඩම් මන් එහෙම කියන්නම්.... " සිකියුරිටි ලස්සන හිනාවක් දාලා කිව්වේ සුයෝන්ගේ මුණ දිහා බලාගෙන. සූයෝන්ට බය වෙන්න දෙයක් තිබ්බේ නෑ මොකද සිකියුරිටි අජ්ජුසියි සුයෝනුයි කියන්නේ හොදම යාලුවෝ වගේ හිටපු නිසා.
"මන් යනවා ගෙදර ටිකක් අස් කරලා දාලා එන්නම්කෝ ඊටපස්සේ අපි දෙන්නා කයියක් දාගෙන ඉමු.... " සූයෝන් බඩුමලු ටිකත් උස්සගෙන ගියේ පහුගිය දවස් ටිකේ ගෙදර හිටියා වගේ පේන්න තත්වෙකට ගෙදර හදන්න ඕනෙ නිසා.
" කොතනින්ද පටන් ගන්නෙහ්.... කිචන් එකෙන් පටන් ගමු.... " සූයෝන් තනියම කියව කියව හැරුනේ කුස්සියෙන් ම වැඩේ පටන් ගන්න. ලොකුවට හැඩි වෙලා තිබ්බේ නැති සූයෝන් ඔක්කොම ටික අස් කරන්න ගත්තා. කම්මැලිකම යන්නත් එක්ක සින්දුවක් කිය කිය හිටපු සූයෝන් සින්දුව මගින් නැවැත්තුවේ එදා කුකී වගේ කවුරුහරි ආවොත් නම්බුව නැත්තටම නැති වෙලා යන නිසා. කුස්සියේ තිබුන බාජන ටික හෝදලා කරලා ඉවර කරලා හැරුනේ ෆ්රිජ් එකට. ගෙනාව බඩු ටිකත් එකින් එක පිළිවෙලට අහුරන්න ගත්තේ හොද හුස්මක් පල්ලෙහට දාන ගමන්.
YOU ARE READING
Remember Me (Slow Update )
Fanfictionකාල වෙලා අමතකව මතක තුල නිදන් වෙද්දී..., පැටලුන සිතුවිලි ටිකෙන් ටික තවත් පැටලෙද්දී...., කතා සිනහා මුහුහකට දුටු පෙන්වද්දී...., කාන්තාර තනිවීම සිහියට නැගුනා කල් යද්දී..... පිටවෙන වචනයක් රන් හා වටිද්දී..., සිතිවිලි වලටම සැරිසරන්න ඉඩ දෙද්දී..., ගුප්ත චරි...