A/N
උදේ දොර ඇරපු ටේහ්යුන්ග් හෙමීට ඔලුව දාලා බැලුවේ සූයෝන් පේන්න ඉන්නවද කියලා. මොකද උදේ වෙලා තිබ්බත් කෙල්ලගෙ සද්දයක්වත් ඇහුනේ නැති නිසා ටේහ්යුන්ග් හිටියේ ටිකක් පුදුමෙන් වගේ. රෑ හදිස්සියේ පටන්ගත්ත වැස්ස උදේ වෙනකලුත් අවසානයක් නොපෙන්වම වහින්න අරගෙන තිබුනා. සැරින් සැරේ එන හුලග නිසා ගේ ඇතුලේ හිටපු ටේහ්යුන්ග්ට දැනුනේ එයාව ගල් වෙලා යන හැගීමක්.
" මේ කෙල්ල ගියාද දන්නේ නෑ.... හහ්... මන් හිතුවේ නෑ මෙච්චර පොඩි දෙකින් පරාද වෙයි කියලා.... " සෝෆා එකට වැටුන ටේහ්යුන්ග් කට කොනේ හිනාවක් අරගෙන තමන්ටම කියාගත්තේ tv එක දාගන්න ගමන්.
පැයක් දෙකක් යනකලුත් සූයෝන් ආවේ නැති නිසා ටේහ්යුන්ග් කුඩයක් අරගෙන එලියට බහින්න ලෑස්ති උනේ කෝකටත් කියලා කෙල්ල කා පාර්ක් එකේවත් ඉන්නවද කියලා බලන්න යන්න. ඒත් එක්කම ටේහ්යුන්ග්ගේ ඇස් දෙක ලොකු උනේ වතුර පෙරාගෙන සුදුමැලි වෙලා ගාර්ඩ්න් එක පැත්තේ ඉදන් හුළගට වැනෙන ගහක් වගේ ඇවිදගෙන එන සුයෝන්ව දැකලා.සූයෝන් ඇදන් හිටපු ඇදුම තනිකරම ඇගට අලවලා වගේ තිබුනේ. ඒත් එක්කම වතුර වැක්කෙරෙන කොන්ඩේ කොටස් කොටස් වලට එකතු වෙලා.
" කොහෙද තමුසේ ඊයේ රෑ ගියේ.... " මුකුත් නොදන්න ගානට ටේහ්යුන්ග් දොර ළග හිටගෙන කටකොනේ හිනාවක් එක්ක ඇහුවේ වෙවුලන සූයෝන් දිහා බලාගෙන.
" ම.. මන්..න් ඉක්.. ම්..මනට කෑම ලෑස්ති කරන්නම් පොඩ්ඩක් ඉන්න... " ටේහ්යුන්ග්ට මුණ පොඩි වෙන්න එකක් ගහන්න හිතුනත් අහපු ප්‍රශ්නෙත් මග ඇරලා සූයෝන් කිව්වේ ගේ ඇතුලට යන්න හදන ගමන්.
" හෝව්.... හෝව්... දැන් ඔය ජරාව පිටින් ගිහින් මේ ගෙදර විනාස කරන්නද හදන්නේ..... " දොරට අතක් තියාගෙන පාර හරස් කරපු ටේහ්යුන්ග් ඇහුවේ කිසිම හිතක් පපුවක් නැති ගානට. ඒත් එක්කම සූයෝන් ටේහ්යුන්ග් දිහා බැලුවේ මේ මොකද මේ වගේ හැගීමකින්. සූයෝන් එතනින් එහාට මුකුත් නොකියා ඉස්සරහට තිබ්බ කකුලත් ආපහු පිටිපස්සට ගත්තේ කලින්ටත් වඩා වෙවුලන ගමන්.
" වෙන ඉතින් කරන්න දෙයක් නැනේ.... තමුසේ ගිහින් වොෂ් කරගෙන කෑම හදලා මේක ඉක්මනට සුද්ද කරලා දානවා.... " අනිත් පැත්ත හැරිලා යනගමන් ටේහ්යුන්ග් කිව්වේ සුයෝන්ට ඇතුලට එන්න ඉඩ දීලා. වචනයක්වත් නොකියපු සූයෝන් කෙලින්ම කාමරේට ගියේ කෙල්ලට එක දෙක වෙලා පෙනෙද්දී.
YOU ARE READING
Remember Me (Slow Update )
Fanfictionකාල වෙලා අමතකව මතක තුල නිදන් වෙද්දී..., පැටලුන සිතුවිලි ටිකෙන් ටික තවත් පැටලෙද්දී...., කතා සිනහා මුහුහකට දුටු පෙන්වද්දී...., කාන්තාර තනිවීම සිහියට නැගුනා කල් යද්දී..... පිටවෙන වචනයක් රන් හා වටිද්දී..., සිතිවිලි වලටම සැරිසරන්න ඉඩ දෙද්දී..., ගුප්ත චරි...