A/N
" හරි.... ඒ ටික මන් ලෑස්ති කරලා දෙන්නම්. මන් කියපු ටික හරියට බලාගන්න.... "
"නෑ නෑ හදිස්සියේ නෙවෙයි මට ඉක්මනට වෙන්නයි ඕනෙ..... "
" දේ..... සති දෙකකින් විතර.... "
" ටේ.....හ්යුන්ග් කොල්ලෝ........." ජිමින් කෑ ගහගෙන එද්දි ටේහ්යුන්ග් හිටියේ කෝල් එකක.
" දේ.... මන් පස්සේ ගන්නම්...." ටේ කෝල් එක කට් කරලා හැරුනේ ජිමින් කෑ ගහන්නේ මොකද බලන්න.
" මොකද මනුස්සයෝ මේ හොටෙල් එක දෙකක් වෙන්න කෑ ගහන්නේ ඔහොම.... " ටේ ඒ වෙලාවේ හිටියේ හොටෙල් එකේ ගාර්ඩ්න් එකේ මිනිස්සුත් වැඩිපුර කිහිප දෙනෙක් හිටපු නිසා ටේ ජිමින්ගෙන් ඇහුවේ වටපිට බලන ගමන්.
" අහ්.... ඉන්නවද කියලා බැලුවේ ඉතින්.... " ජිමින් මෝඩ හිනාවක් දාගෙන කිව්වේ ටේ රවන්න ගනිද්දී.
" මොකද මහත්තයා මෙතන තනියම කරන්නේ.... " කුකී එක්ක ආව ජින් ඇහුවේ ටේ ගෙන්.
" අනිවාරෙන්ම ලස්සන කෙල්ලෙක් පස්සෙන් මෙතනට එන්න ඇති හ්යුන්ග්.... " කුකී කිව්වේ ටේ දිහා රබර් ඇහැ දාලා බලන ගමන්.
" කට වහනවා කුකී.... මන් මොකටද කෙල්ලෝ පස්සේ යන්නේ... කෙල්ලෝ තමයි මගෙ පස්සෙන් එන්නේ...." ටේ කිව්වේ කට කොනේ හිනාවක් එක්ක.
" ටේ කිව්ව කතාව හරි කූ.... ටේ මොකටද කෙල්ලෝ පස්සේ යන්නේ අච්චර ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දි..... " ජින් හිනා වේවි කිව්වේ කිව්වේ ඒ වෙලාවේ සූයෝන්ව මතක් උන නිසා.
" අනේ හ්යුන්ග්.... අපි ඔය කතාව ඔතනින් නවත්තමු.... මට ඔය කෙල්ල ගැන කතා කරන්න දේවල් නෑ..... " ටේ කිව්වේ ජින් දිහා බලන්නේ නැතුව.
" මේ කටවහන්න කිව්වේ දෙන්නටම.... මට දෙයක් කියන්න තියෙනවා...." කුකී කිව්වේ ජිමින් දිහා හොරාට බලන ගමන්.
" මොකද්ද කරපු මෝඩ වැඩේ කුකියෝ..... " කුකීගේ බැල්ම අල්ලපු නැති ජිමින් කෑ ගැහුවේ කුකී කතාව කියන්නත් කලින්.
" බනින්නේ නැතුව ඉස්සෙල්ලම කියන එක අහන්න ජිමින්....." ජින් කියනවත් එක්කම ජිමින් ගිහින් ටේගේ ඇගේ එල්ලුනේ ජින්ට ගස්සගෙන යන ගමන්.
YOU ARE READING
Remember Me (Slow Update )
Fanfictionකාල වෙලා අමතකව මතක තුල නිදන් වෙද්දී..., පැටලුන සිතුවිලි ටිකෙන් ටික තවත් පැටලෙද්දී...., කතා සිනහා මුහුහකට දුටු පෙන්වද්දී...., කාන්තාර තනිවීම සිහියට නැගුනා කල් යද්දී..... පිටවෙන වචනයක් රන් හා වටිද්දී..., සිතිවිලි වලටම සැරිසරන්න ඉඩ දෙද්දී..., ගුප්ත චරි...