Chapter 10

5 2 0
                                    

" එහෙනම් Mr. Kim අපි කැමතියි ඔයාට මේ ප්‍රොජෙක්ට් එක දෙන්න කැමතියි.... කොහොමත් මේ වැඩේ හොදටම කරන්න පුළුවන් කෙනා ඔයා කියලා දන්නවා... එහෙනම් අපි ආයේ ඉක්මනට හම්බෙමු..... " පොඩි හිනාවක් එක්ක අතට අත දීපු ටේහ්යුන්ග් මිටින් එක අන්තිමට ඉවර කරේ ප්‍රොජෙක්ට් එක අරගෙන.

උදේම කම්පැනි එකට ආපු ටේහ්යුන්ග් දවල් වරුව වෙනකල්ම කරේ මිටින්ස් එහෙමත් නැත්නම් ෆයිල් වල ඔලුව ඔබාගෙන හිටපු එක. මේ අස්සෙන් ෆයිල් වල පුංචි පුංචි වැරදි වලට ඔෆිස් එකේ මිනිස්සු එළවලා දාලපු එකත් නොකරම නෙවෙයි.

" සර්... සර්ට ලන්ච් එක.... " ටේහ්යුන්ග්ගෙ මැනේජර් ඇවිත් ඇහුවේ ටේට ලන්ච් එක අරගෙන එන්න.

" එපා... මන් තව ටිකකින් ගෙදර යනවා..... "  ටේහ්යුන්ග්  ෆයිල් එකක් දිහා බලාගෙන ම කියලා දැම්මේ ආපු මනුස්සයා දිහා නොබලාමයි.

ටික වෙලාවකින් වැඩ ටික ඉවර කරලා තමන්ගේ කැබින් එකෙන් නැගිටලා ටේහ්යුන්ග් ගෙදර යන්න ගියේ පුංචි අදහස් කියහිපයක් එක්කමයි.
.
.
.
.
.
.
.
.
.
.

තවමත් උණ ගතිය තිබ්බ සූයෝන් කරේ පුටුවට වෙලා tv බලපු එක. කරන්න තරම් ලොකු වැඩක් නොතිබුන නිසාත් ටේහ්යුන්ග් ගෙදර නැති නිසාත් තමන්ගේ පාඩුවේ හිටපු සූයෝන් එක පාරටම නැගිට්ටේ ටේහ්යුන්ග්ගෙ වාහනේ සද්දේ ඇහුන නිසා.

" මේ මනුස්සයා මොකද මේ වෙලාවේ..... " කලින් දවසේ වෙච්ච හැමදේම අමතක කරලා දාපු සූයෝන් තමන්ටම කියාගෙන කොන්ඩෙත් හදාගෙන නැගිටලා ගියේ දොර ලගට. සූයෝන් දොර ලගට ගිහින් බලනකොට දැක්කේ කිසිම හදිස්සියක්‌ නැතුව හරි සන්සුන් විදිහට සූයෝන් දිහා එක එල්ලේ බලාගෙන ඇවිදගෙන එන ටේහ්යුන්ග්ව.

" ඇයි... හදිස්සියේ මේ වෙලාවේ ගෙදර ආවේ... මොකක් හරි ප්‍රශ්නයක්ද.... " සූයෝන් කෙලින්ම ගිහින් සෝෆා එකට වැටුන ටේහ්යුන්ග්ගෙන් ඇහුවේ හිතේ තිබුන ප්‍රශ්නයක්.

" මගේ ගෙදරට එන්න දැන් එක එක්කෙනාගෙන් අවසර ගන්න ඕනෙද.... ඇයි මන් නැති වෙලාවට මොකෙක් හරි මේ ගෙදර අස්සට රින්ගනවද..... " ටේහ්යුන්ග් සූයෝන් ගැස්සිලා යන තරමේ සද්දෙන් කෑ ගැහුවේ සුයෝන්ගේ ඇස් දෙක ලොකු වෙද්දී.

You've reached the end of published parts.

⏰ Last updated: Feb 19, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Remember Me (Slow Update )Where stories live. Discover now