6 . සිත් රිදුම්

209 56 4
                                    

"ෆියුචර් හස්බන්ඩ්....!!"

ජන්කුක්ගේ කතාවට මැද්දෙන් පැනලා සෝහුන් කියද්දි ජිමින් ඇස් නලලෙ තියන්  ජන්කුක් දිහායි ඒ කොල්ලා දිහායි මාරුවෙන් මාරුවට බැලුවා...

"අහ්..ඔව් ඔව්..."

ජන්කුක් සෝහුන්ගෙ වචන සනාථ කරද්දි ජිමින්ගෙ හිත කෑලි කෑලි වලට කුඩු වෙලා යන්න ගියේ හරිම ටික වෙලාවයි...

ජිමින්ගෙ ඇස් වලට කදුලු උනනවා වගේ තෙරෙද්දි ජිමින් බිම බලාගත්තා...

"හ්..හ්‍යුන්ග් ම..මං පස්සෙ එ..න්නම්..ඔයාලා කතා ක..කරන්න..."

"ජ්..ජිමින්....!!"

ජන්කුක් ජිමින් එක්ක කතා කරන්න හැදුවත් ජිමින් හදිස්සියෙන් වගේ ආපහු යන්න හැරුනා...

"ආපහු නාවට කමක් නෑ....!"

සෝහුන් ජිමින්ට ඇහෙන්නම කියද්දි ජන්කුක් සෝහුන් අල්ලන් හිටපු එයාගෙ අත ගසා දාලා එතනින් යන්න ගියා....

ජිමින් ගලන කදුලු වලට ඔහේ ගලන්න දීලා හෝල් එකෙන් එලියට දුවද්දි ඒක දැකපු ටේත් කලබලෙන් ජිමින් පස්සෙන්ම දිව්වා....

>>>>>>>>>>>>

සෝහුන්ගෙ අප්පා තමා PS Company එකේ බොස්...එයා මීට සති දෙකකට කලින් නැතිවුනාමයි මිස්ට ජියොන් ජන්කුක්ට සෝහුන්ව ප්‍රපෝස් කරා...

තමන්ගෙ හොදම යාලුවාගෙ මරණෙන් පස්සෙ එයාගෙ පුතාව බලාගන්න එක තමන්ගේ වගකීමක් කියලා හිතපු නිසයි මිස්ට ජියොන් එහෙම දෙයක් කරේ...ජන්කුක්ගේ තීරණේ මොකක් උනත් මිස්ට ජියොන් නම් හැමදේම ප්ලෑන් කරලා ඉවරයි...

ජන්කුක් අකමැති උනත් අනිවාරෙන් මේ මැරෙජ් එක වෙනවා කියලා ජන්කුක් උනත් හොදාකාරවම දැනන් හිටියා...

ජන්කුක් තව මාසෙකින් ග්‍රැජුවේට් උනාම එයාලගෙ එන්ජේග්මන්ට් එකට හැමදේම මිස්ට ජියොන් දැනටමත් ලෑස්ති කරලා තිබුනා.....









:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now