9 . සහෝදරයෝ...?

196 59 4
                                    

Next Day Morning

ඊයෙ එච්චර හොදින් නොහිටපු නිසා වගේම ඇගට දැනුන තෙහෙට්ටුව නිසා ජිමින් අද යුනි නොයා ඉන්න තීරණේ කරා....

වොශ් එකක් දාගෙන පහලට ආපු ජිමින්ට ලිවින් රූම් එක පැත්තෙන් කවුරු හරි හිනාවෙවී කතා කරන සද්දයක් ඇහුනත් එයා ඒක ගැන ගනන් නොගෙන කෙලින්ම ගියේ කිචන් එක පැත්තට...

ෆ්‍රිජ් එක ඇරලා ඇපල් ගෙඩියක් අරන් කන්න ගත්ත ජිමින් ලිවින් රූම් එක පැත්තට ආවේ කව්ද උදෙන්ම ඇවිත් ඉන්නෙ කියලා බලන්න...ඒත් ඇවිත් හිටපු කෙනා දැකලා ජිමින්ට කකා හිටපු ඇපල් කෑල්ලත් හිර වෙන්න ආවා...

"ස්..සෝහුන්.....!!"

ඔව් මිස්ට පාර්කුයි මිසිස් පාර්කුයි එක්ක කතා කර කර හිටියේ සෝහුන්....!!

"ආ ජිමින්...ඔහ් මං එදා පාර්ටි එක දවසේ දැනන් හිටියේ නෑ පාර්ක් අන්කල්ගේ සන් ඔයා කියලා...."

"ම්..මොනාද ඔයා මෙහෙ කරන්නෙ..."

ජිමින් පුදුමෙන් අහද්දි මිස්ට පාර්ක් සෝහුන්ව හදුන්වලා දුන්නා...

"පුතා මේ සෝහුන් පුතා මගෙ ලොකු අයියාගෙ පුතා...ඔයාලා කලින් හම්බවෙලා නැත්තෙ සෝහුන් හිටියේ කැනඩා වල නිසා...අපෙ අයියා නැතිවුනාම පුතා මෙහෙ ඇවිත් එයාගෙ මැරෙජ් එකට....ඔයා දන්නවත් ඇති ඔයාලගෙ යුනි එකේ අර මිස්ට ජියොන්ගේ සන් ජන්කුක් ඉන්නෙ එයාව තමා මැරි කරන්නෙ....ලබන සතියේලු මැරෙජ් එක... ඒක කියලා යන්න ඇවිත් ඉන්නෙ...."

'ඈ එතකොට මේ යකා මගෙ සහෝදරයෙක්ද...?' ජිමින් එහෙම හිතන ගමන් ආපහු පඩිපෙල නගින්න ගත්තේ එයාගෙ උත්තරේ විදිහට ,

"හ්ම්ම්...." කියලා විතරක් කියලා...

ජිමින් යන දිහා සෝහුන් බලන් හිටියේ තේරුම් ගන්න බැරි කට කොනේ හිනාවකින්....








BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now