19 . වැරැද්ද...?

204 54 6
                                    

At a Mountain

හතර වටින්ම කලුවරෙන් වහගෙන තිබුණු වෙලාවෙ ජිමින් හිතේ ඇති වුන අමුතු බයෙන්ම ඉස්සරහටම ඇවිද්දා...වේලුන කොල පෑගෙන සද්දෙයි බකමූණු සද්දයි ඇර වෙන කිසිම සද්දයක් ඒ ඝන කෑලෑව ඇතුලෙන් ඇහුනේ නැහැ...

යන්න පුලුවන් අවසානෙටම ගිහින් ජිමින් නැවතුනේ හෙලක් ගාවින්....කිලෝමීටර් ගානක් උසට විහිදුන ඒ කන්දෙන් පහලට වැටුන කෙනෙක්ගෙ නම් කැල්ලක්වත් හොයාගන්න බැරිවෙන බව ජිමින්ට තේරෙද්දි ජිමින් තඩි කෙල ගුලියක් ගිලලා වටපිට බැලුවා...

"මාවද හොයන්නෙ ජිමින් බබා....!!"

කැලය පැත්තෙන් ඇහුන කටහඩ අදුරගත්ත ජිමින් ඒ දිහා බලන් හිටියේ එයා බලාපොරොත්තු වුන කෙනා දැන් එයි දැන් එයි කියලා හිතන ගමන්...

( සතර කන්මන්ත්‍රණය මතක් වුන අය කොනට...🙂😂 )

ඒ එක්කම කට කොනේ හිනාවක් රදවන් ජිමින්ගෙ ඉස්සරහට ආවේ එයා බලාපොරොත්තු වුන කෙනා...

"සෝහුන්...."

"ඕහ්.... පොඩි එකා තනියමද ආවේ...ම්ම්...නැත්තන් මාව කාටහරි අල්ලලා දෙන්න ඔය පුන්චි ඔලුවෙන් ප්ලෑන් ගහනවද....?"

සෝහුන් ජිමින් දිහාවට එනගමන් ඇහුවා....ඒ එක්කම කලු ඇදගත්ත බොඩිගාඩ්ස්ලා වගයක් සෝහුන්ගෙ පිටිපස්සෙන් හිටගත්තෙ ජිමින්ගෙ හිතේ චකිතයක් ඉතුරුකරලා...

"මොකද බය වෙලා වගේ ම්ම්ම්..."

"ක්...කොහෙද...ම්..මගෙ ඔ..ම්මායි අප්පායි...සෝහුන්...."

"ඔහ් බේබි..එයාලා දැනටමත් ඔයා දිහා බලන් ඇති...."

"ම්..මොකක්ද...කියන්නෙ...!"

"ඇයි...මං කීවෙ ඇත්තනෙ...දැනටමත් එයාලා ඔයා එනකම් බලන් ඇති බය වෙන්න එපා...මං ඔයාවත් ඉක්මනට එයාලා ගාවට යවන්නම්...."

"එයාලාට මොකද කරේ කියනවා....!!"

ජිමින්ගෙ ඇස් වල කදුලු පිරෙද්දි එයා කෑ ගැහුවා...මොනා උනත් ඒ එයාගෙ පවුල...ජිමින්ට ඕනෙ වුනේ නෑ එයාගෙ පවුලේ අයට සිරීමකින්වත් කරදරයක් වෙනවා බලන්න....

"ලොකු දෙයක් නෑ...එයාලගෙ ජිවිත ගමන කෙටි කරා විතරයි ස්විටි...."

"ඇයි....ඇයි...තමුසේ මෙහෙම කරන්නෙ සෝහුන්...ඇයි...තමුසෙට මොකක්ද අපි කරපු වැරැද්ද....?"

ජිමින් කෑ ගහද්දි සෝහුන් පිස්සෙක් වගේ හිනාවෙන්න ගත්තම ජිමින් පුදුමෙන් ඒ දිහා බලන් හිටියා...

"හහාහා...වැරැද්ද...?"










:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now