14 . අහඹු වදන්

179 53 4
                                    

විනාඩි විස්සකින් විතර ගේ ලගට ආපු ජිමින් ගෙදර වත්තට කාර් එක නොදා ටේට කාර් එකේම ඉන්න කියලා එයාගෙ විශාල ගෙදර දිහාට දිව්වා...

.

.

ටේ විනාඩි පහලවක් විතර ජිමින් එනකම් කාර් එකට වෙලා බලන් ඉද්දි එයා දැක්කා ගේට් එකත් ඇරගෙන අඩ අඩ කාර් එක පැත්තට දුවන් එන ජිමින්ව...

"ජ්..ජිමිනා මොකද මේ...ඇයි අඩන්නේ..."

කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකෙන් නැගලා අත් දෙකෙන් මූණ වහන් අඩන ජිමින්ගෙන් ටේ ඇහුවේ පුදුමෙන්...

"ට්..ටේ අ..ප්පා...එයාත් මේවාට සම්බන්දයි ට්..ටේ....!"

"ඇහ්...ම්..මොනාද...මොනාටද සම්බන්ද මට තේරුන්නෑ....."

ටේ අන්දුන් කුන්දුන් වෙලා ජිමින්ගෙන් අහද්දි එයා ඇතුලට යනකොටම වගෙ එයාට ඇහිච්ච දේවල් ටේට කියන්න ගත්තා....

Flashback

"ආශ්...තමුන්ලට හරියට වැඩක්වත් කරගන්න බැරිද ආ...ඌ පැනලා යනකම් බලන් හිටියද ප%#&..!!"

ජිමින් ගේ ඇතුලට අඩිය තියන්න යනවත් එක්කම එයා දැක්කෙ ලිවින් රූම් එකේ ඉදන් සෝහුන් කාටහරි ෆෝන් එකෙන් කෑ ගහනවා...එතන මිස්ට පාර්ක් වගේම මිසිස් පාර්කුත් ඉදගෙන හිටියා...

ජිමින් ඇතුලට නොයාම බිත්තියට මුවා වෙලා ඇතුලේ වෙන කතා බහ අහන් හිටියා...

"ආශ්හ්......"

ෆෝන් එක පොලවේ ගහන ගමන් සෝහුන් කෑ ගැහුවා...

"සෝ මොකද වුනේ...ඇයි මේ...."

මිස්ට පාර්ක් අහද්දි සෝහුන් සෝෆා එකෙන් වාඩි වුනා...

"උන්ට අරූව මගෑරිලා අන්කන්..."

"මොකක් ශිට්...අර පොඩි කොල්ලෙක්වත් මුන්ට අල්ලගන්න බැරිද..."

"ඒකනෙ අන්කල්...කොහොම උනත් ඌට වැඩි දුරක් යන්න වෙන්නෑ...තුවාල නිසා මගදිම ඇදගෙන වැටෙයි..."

සෝහුන් කටකොනෙ හිනාවක් රදවන් කිව්වම ජිමින්ට යාන්තම් තේරෙන්න ගත්තා මෙයාලා කතා කරන්නෙ කා ගැනද කියලා...

"ඔය ජන්කුක් කියන එකාත් ඉවර කරාම මට නිදහසේ ඉන්න පුලුවන්...!!"

ජිමින්ට එයාගෙ සැකේ තහවුරු වෙද්දි එයා ඇස් වලට ගලන කදුලු පිහිදාන්න කරදර නොවීම එතනින් දිව්වා...

Flashback End





:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now