17 . ඇමතුමක්

173 54 4
                                    

"ජිමින් අහන්න හ්‍යුන්ග්ව හොස්පිට්ල් ගෙනිච්චොත් සෝහුන්ගෙ කට්ටිය හොයාගනි...මේ ලග ගමක ඉන්නවා අපෙ අප්පා අදුරන වෙදකම් කරන කෙනෙක් අපි එයා ගාවට හ්‍යුන්ග්ව එක්කන් යමු..."

"දෙයියනෙ මට නිකමටවත් ඒක කල්පනා වුනේ නෑනෙ...තැන්කිව් ටේ....!!"

"මොනාද චිම් කියන්නෙ..ජන්කුක් හ්‍යුන්ග් මගෙත් හ්‍යුන්ග් තමා..."

වැඩි වෙලාවක් නොගිහින් ගෙවල් පහක් හයක් තිබුණ පොඩි ගමක් ගාවින් කාර් එක නතර කරපු ටේ ජිමින්ගෙන් උදව්වෙත් ජන්කුක්වත් එක්කන් අර කියපු වෙදකම් කරන කෙනා හොයන් ගියා...

ජන්කුක්ට ගොඩක් තුවාල වෙලා තිබුණ නිසා එයාට මේ වෙද්දි සිහිය තිබුණේ නෑ....

වෙදරාලව හොයාගන්න එච්චර මහන්සි වෙන්න ඕනෙ නැතිවුන නිසා ජන්කුක්ට ඉක්මනටම බෙහෙත් කරන්න ගත්තා...

"බය වෙන්න එපා දරුවෝ..මේ ලමයාට ඉක්මනට සිහිය එයි...තුවාල හොද වෙන්න නම් ටිකක් කල් යයි..."

"බොහොම ස්තූතියි මාමේ මේ කරපු උදව්වට...."

"ඕක මොකක්ද පුතාලා...ටේ පුතාගෙ තාත්තාගෙත් තාත්තා මගෙ හොද යාලුවෙක්...එයා මට කරලා තියෙන උදව් වල හැටියට මේක මගෙන් පුන්චි දෙයක්..."

එහෙම කියලා වෙදරාල ඒ පුන්චි ගෙදරින් එලියට ගිහාම ඇතුලේ ඉතුරු වුනේ ටේයි ජිමිනුයි පුන්චි පන් ඇදක් උඩ වැතිරිලා ඉන්න ජන්කුකුයි විතරයි....

ජිමින් හිස් බැල්මකින් ජන්කුක් දිහා බලන් ඉද්දි ජිමින්ට කෝල් එකක් ආවා...



:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now