Chapter 01

87 9 37
                                    

"Haoxuan... මට පරක්කු වෙනවා..." Uni යන්න ලෑස්තිවෙලා හිටපු Jiyang Haoxuanට කතා කරේ කෑම එක ඉල්ලගන්න...

"ටිකක් ඉන්න මේ ගේනවා..."
තවමත් හදපු කැම, පෙට්ටියට දාන ගමන් හිටපු Haoxuan උත්තර දුන්නා...

"පරිස්සමින් ගිහින් එන්න..." කෑම පෙට්ටිය Jiyangගේ අතට දීලා ඇගිලි තුඩු වලින් ඉස්සුනු Haoxuan Jiyangගේ කම්මුල ලාවට සිපගන්න ගමන් කිව්වා...

"හ්ම්... පරිස්සමින් ඉන්න මම රෑ වෙන්න කලින් එන්නම්කෝ..." Haoxuanගේ නලලට හාදුවක් දුන්නු Jiyang ගෙදරින් එලියට ආවා...

"බව්...බව්... බව්ව්...." Jiyang ගෙදරින් එලියට එද්දිම එහා ගෙදර පුංචි බලු පැටියා Jiyangව දැකලා දුවගෙන ආවේ බුරන ගමන්...

"ස්නෝවී මගේ බලු කොල්ලා..." ලගට ආපු ස්නෝවිගේ ඔලුව අතගාපු Jiyang ස්නෝවිව ටිකක් හුරතල් කරා... ගෙනාපු දවසේ ඉදලම සුදු පාට පුලුම් බෝලයක් වගේ හිටපු ස්නෝවි Jiyang එක්ක යාලුවුනේ හැමදාම හවසට Jiyang ස්නෝවිට මොනවමහරි ගෙනත් දෙන නිසා... ඒ අතර සෙල්ලම් බඩු කෑම ජාති වගේ දේවල් තිබුනා...

Jiyangගේ කකුල් දෙකේ ඉදලා පහුරු ගහහ Jiyangගේ ඇග උඩට නැගපු ස්නෝවී Jiyangව බදාගන්න උත්සහ කලා... පුංචියි කිව්වට මේකාට පස්සේ කකුල් දෙකෙන් හිටගත්තම සාමාන්‍ය උසක් තිබුනා...

"මෙන්න වැඩක්... ස්නෝවී... ඔය ඉන්නේ මගේ Husband..." Haoxuan දොර ළගට ඇවිල්ලා දෙන්නගේ කෝලම් දිහා බලන් ඉන්න ගමන් කිව්වා...

" Haoxuan දොර ළගට ඇවිල්ලා දෙන්නගේ කෝලම් දිහා බලන් ඉන්න ගමන් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ස්නෝවී මටත් වඩා ආදරේ Jiyangටලුනේ... මෙයා එන්න පැයක් දෙකක් පරක්කු උනොත් එදාට මම ගෙදර ඉදලා ඉවරයි..." Zhou ( Jiyangගේ අසල්වැසියා) හිනාවෙවී කිව්වේ Jiyang වගේම ස්නෝවිත් Jiyangට සෑහෙන්න ආදරේ බව හගවලා...

"මම හවස් වෙලා එන්නම්කෝ මගේ කොල්ලව බලන්න දැන් මම යන්න ඕන හොදද...?"
ස්නෝවිව බදාගෙන ආපහු බිමින් තියපු Jiyang හොදටම පරක්කු වෙලා නිසා ඉක්මනට කාර් එකට නැග්ගේ කලුපාට Suit එකේ තිබුනු සුදු පාට කෙස් අයින් කරන ගමන්...

PROFESSOR SJ 2 (COMPLETED)Where stories live. Discover now