දවසට තිබුනු අන්තිම Lecture එකත් ඉවර කරපු Jiyang ගෙදර යන්න හිතාගෙන Lecture Hall එකෙන් එලියට යන්න සැරසුනා...
"ඔයාලගේ Finale Exam එක ලබන මාසේ තියන්න තීරණය කරලා තියෙනවාලු නේද..?"
දොර ලගට ගිහින් ආපහු හැරුනු Jiyang ළමයින්ගෙන් ඇහුවා..."ඔව් Professor..."
"හ්ම්... පාඩම් කරන්නත් තියෙනවනේ... ඒ නිසා මම Assignment එකේ Dead Line එක තව සතියක් කල් දානවා... All The Best..."
"Thank You Professor..."
කෙටි හිනාවක් මූණට මවාගත්තු Jiyang ඔලුව වනලා සිසුන්ට සමුදීලා Exam Hall එකෙන් එලියට ආවා...
"මට අද Department එකේදි ඔයාගේ පරණ යාළුවෙක් හම්බවුනා..."
Haoxuan එක්ක රෑ කෑම ගන්න ගමන් හිටපු Jiyang කටහඩ අවදි කලා..."මගේ යාලුවෙක්..? කව්ද..?"
"Yanchen..."
"හ්ම් මට වැඩක් නෑ..."
"මොකෝ කේන්ති ගිහින්...?"
"ඔය ඇති... ඔයා දන්නවානේ එයා ගැන කතා කරනවට මම කැමති නෑ කියලා..."
"කොච්චි කරල... හම්බුනු නිසා නිකමට කිව්වේ... ඕකට ඔච්චර කේන්ති ගන්න ඕනද..?"
"විකාර..."
"පුහ්... සැර..."
Haoxuanගේ කම්මුලක් මිරිකන ගමන් Jiyang කිව්වේ කටත් ඇද කරලා...*ට්‍රිඃ... ට්‍රිඃ...* (Phone Ringing)
"කියන්න..."
"Professor... දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට කව්ද කෙනෙක් ඇතුල් වෙලා..."
"තේරුන් නෑ..."
"අපේ System එක කවුරුහරි Hack කරලා..."
"මම එනවා..." ඉදන් ඉන්න තැනින් හදිස්සියෙන් නැගිටින ගමන් Jiyang Call එක Cut කලා...
"මොකද උනේ කාලා යන්න..."
"මම ඉක්මනට එන්නම්කෝ... පරිස්සමින් ඉන්න..."
ඇදගෙන හිටපු ඇදුමට උඩින් කලු දිග කබාය ඇදගත්තු Jiyang Car එකේ Key එකත් අතට අරගෙන ගෙදරින් එලියට ගියා..."Files නැතිවෙලාද Officer..."
පුලුවන් ඉක්මනට Department එකට ආපු Jiyang Office එක ඇතුලට ඇතුල් වෙන ගමන්ම ඇහුවේ දැනටමත් Computer කීපයක් ඉස්සරහ ඉදගෙන නිලදාරීන් කීප දෙනෙක්ම බරටම වැඩ කියලා දැකපු නිසා...
YOU ARE READING
PROFESSOR SJ 2 (COMPLETED)
Fanfictionසාක්ෂි විනාශ කිරීමට උපන් හපන් හැකියාවක් ඇති අපරාධ පරික්ෂක ආචාර්යවරයාට තම සැමියා බේරාගත හැකිවෙයිද..?