Chapter 07

34 8 5
                                    

"කලබල වෙන්න එපා Professor... මම හොදටම දන්නවා 2017 ජූනි 17 වෙනිදා රෑ ඔයයි Yanchenයි Haoxuanයි අතර ටිකක් ලොකු ප්‍රශ්නයක් ඇති වුනා කියලා..."

"මොනවගේ එකක්ද...?"

"ඒ ගැනනම් මට අදහසක් නෑ..."

"හ්ම්ම්... ජූනි 17 කියන්නේ මමයි Haoxuanයි කසාද බැදපු දවස ඒ කියන්නේ ඔය 2017 ජූනි 17 රෑ කියන්නේ අපි දෙන්නගේ Honeymoon එක... අපි දෙන්නගේ Honeymoon එක වෙලාවේ Yanchenට අපි දෙන්නා එක්ක කරන්න දෙයක් තිබුනයි කියලා මම හිතන්නෑ... අනික Mr.Luo... ඔයාලා කසාද බැදලා අවුරුදු 10කටත් වැඩී එහෙමනේ...? ඔයා ඉද්දී ඔයාගේ Wife මගේ Haoxuanව හොයාගෙන එන්න හේතුව මට දැනගන්න පුලුවන් වෙයිද...?"

Jiyangගේ ඒ කතාවෙන් පස්සේ Jiyangට වුවමනා උනු විදිහටම ඒ කාමරේ ඇතුලේ හිටපු නිලදාරීන් අතර කසුකුසුවක් නිර්මාණය උනා... කිසිම වෙනසක් නොපෙන්වපු Jiyang සාමාන්‍ය විදිහටම Mr.Luo දිහා බලන් ඉද්දි Luoගේ ඇස් කේන්තියෙන් පුපුරන්න පටන් ගත්තා... නමුත් සන්සුන් උනු Luo කාමරේ තිබුනු තිරයක් ලගට ගිහිම් අතින් ඒ පැත්තට හැරෙන්න කියලා සංඥා කලා... Jiyang Haoxuanව මේසෙන් ඈත් කරලා තිරය පේන තැනකින් තියලා තමනුත් ඊට එහායින් ඉදගත්තා...

"බොරු කියලා වැඩක් වෙන්නේ නෑ Mr.Jiyang අපි හැමදෙයක්ම දන්නවා..."

අතින් ඇදුනු කටු සටහනක් තිරයේ පෙන්නද්දි ඒ කටුසටහනේ එකින් එක Luo විස්තර කරන්න පටන් ගත්තා...

"මුලින්ම දෙපාර්තුමේන්තුවේ System එක Hack වෙනවා... ඉටපස්සේ Professor එතනට යනවා ඒ වෙලාව රෑ 8ත් 9ත් අතර... ඒ කියන්නේ Yanchen ගෙදරින් පිටත් වුනු වෙලාවට ගොඩක් ආසන්න වෙලාවක්... ඒ වුනත් Professor කොහෙවත් නතර නොවී කෙලින්ම දෙපාර්තුමේන්තුවට ගියා කියලා හිතන්න පුලුවන් මොකද පණිවිඩෙ ලැබිලා විනාඩි 20ත් 30ත් අතර Professor දෙපාර්තුමේන්තුවට ගිහින් තියෙන නිසා... ඊටත් පස්සේ හදිස්සියේ Professor ගෙදර යනවා... ඒ වෙලාව 12ත් 1ත් අතර... ඒ කියන්නේ Yanchen අතුරුදහන් වුනු වෙලාව... සමහර විට Professor ගෙදර යනකොට Yanchen Haoxuanව මරන්න උත්සහ කරන ගමන් ඉන්න ඇති... Mr.Jiyang එයා ලග තියෙන රාජකාරී තුවක්කුවෙන් වෙඩි තියල Yanchenව මරන්නත් ඇති... ඉටපස්සේ Body එක හංගන්න ඇති... එහෙම නේද Professor...?"

"හොද නිගමනයක්... හැබැයි Novel එකක් වගේ... තාත්වික මදි..."

"ඒක පිලිගන්න බෑ ඔය විදිහේ දෙයක් උනානම් ඒක මට ඇහෙන්න එපැයි..." Zhou මැද්දෙන් පැනලා කතා කරත් කිසිම කෙනෙක් ඒ ගැන තැකීමක් කලේ නෑ....

PROFESSOR SJ 2 (COMPLETED)Where stories live. Discover now