හිටපු OIC Mrs.Zhou Yanchenගේ මරණය සම්බන්ධ නඩුවේ තීන්දුව දෙන්න පහුවදාම Jiyangව උසාවියට එක්කන් ඇවිත් තිබුනා...
නීතීඥවරු දෙදෙනාගේ තර්ක මැද උසාවිය උණුසුම් උනත් Jiyangගේ පැත්තට වැඩි අවාසියක් තිබුනේ එයාගේ පාපොච්චාරණය නිසා...
"Mr.Song Jiyang ඔබ මේ මරණය කල බවට පිලිගන්නවද..?" Jiyang පුල පුලා බලන් හිටපු මොහොත උදා වුනා මෙච්චරවෙලා විත්තුකූඩුවේ ඔලුව පහත් කරන් හිටපු Jiyang ඔලුව ඉස්සුවා...
"නැත ස්වාමීනී..."
"නමුත් ඔබගේ හඩින්ම ඔබගේ රූපයෙන්ම කොටින්ම ඔබම සිදුකල පාපොච්චාරණයක් අප සතුව පවතිනවා..."
"එසේයි ස්වාමීනී... අපරාද පරික්ෂණ අංශයේ ප්රධානී Mr.Luo Han ඔහුට පක්ශපාති පොලිස් නිලදාරීන් කිහිපදෙනෙකු සමග මා හා මාගේ ස්වාමිපුරුෂයාව කට උත්තරයක් දීමට දෙපාර්තමේන්තුවට ගෙන යන ලෙස පවසා පැහැර ගනු ලැබුවා..." උසාවිය ඇතුලේ කසුකුසුවක් නිර්මාණය වෙන්න මහ වෙලාවක් ගත උනේ නෑ...
"මොහු කතාව වෙනතකට හරවනවා ස්වාමීනී..." Yanchen වෙනුවෙන් පෙනී ඉදපු නීතීඥවරයා Jiyangට බාදා කරන්න උත්සහ කලා...
"ඔබගේ වෙලාව අවසන් නීතීඥතුමනී... කරුණාකර අසුන්ගන්න... ඔබ පවසන්න..."
"ඉන්පසු... ඔවුන්ම මවපු සිද්දියක් සත්යක් ලෙස විදහා දක්වා මාහට Yanchenගේ මරණය සම්බන්ධ වගකීම භාරගන්නා ලෙස පැවසුවා... නොකල වරදක් පිලිගැනීමට මා සූදානම් නොවුනු තැන මාහට පක්ෂව සිටි නිලදාරී Zanjinව කාමරයෙන් එලියට දමා ඔවුන් මට පහරදුන්නා... ඔබට මේ පෙනෙන්නේ ඒ පහරදීම් වලින් ඇතිවූ තුවාලයි... ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුනොවන බව දැනෙද්දි ඔවුන් මාගේ ආබාධිත සැමියාට පවා පහර දීමට තැත් කලා... ඒ අවස්තාවේදී මා හට මා නොකල මෙම ඝාතනය මා කලා යැයි පාපොච්චාරණය කිරීමට සිදුවූවා... එපමණයි ස්වාමීනී..."
"ඔබ මේ පැවසූ දේ සත්යක් කියන්න ඔබ සතුව සාක්ෂි තිබෙනවාද..?"
"මා සිටිනවා ස්වාමීනී..." උසාවීයේ කොනක ඉදගෙන හිටපු Zanjin නැගිටලා ඇවිත් විත්තිකූඩුවට නැග්ගා...
"මම පොලිස් නිලදාරී Zhu Zanjin... මේ සිද්දිය වෙන වෙලාවේ මම එතන හිටියා... Mr.Luo නීතිය තමන්ගේ අතට අරගෙන වැඩකලේ... Professor කිව්වා වගේම එයාට මේ වැරැද්ද බාරගන්න කියලා Mr.Luo බලකලා..."
YOU ARE READING
PROFESSOR SJ 2 (COMPLETED)
Fanfictionසාක්ෂි විනාශ කිරීමට උපන් හපන් හැකියාවක් ඇති අපරාධ පරික්ෂක ආචාර්යවරයාට තම සැමියා බේරාගත හැකිවෙයිද..?