දෙපාර්තමේන්තුවෙන් එලියට ආපු Jiyang කෙලින්ම Car එක හැරෙව්වේ University එක පැත්තට... දැනටමත් පරක්කු වෙලා නිසා කතා කරලා Lectures වල Time එක ටිකක් පරක්කු කරපු Jiyang පුලුවන් ඉක්මනට Uni එක ඇතුලට ගියා...
"Good morning Students මම ටිකක් පරක්කුයි ඒකට Sorry..."
"Good Morning Sir..."
තමන්ගේ Bag එක පුටුවක් උඩින් තියලා Coat එක ගලවපු Jiyang ඒකත් පුටු ඇන්ද උඩින් තියලා Lecture එක පටන් ගත්තා...
"පොසිලකරණය අතිශයින් දුර්ලභ ක්‍රියාවකි... එයට හේතුව පෙර ජීවත්ව තිබූ බොහොමයක් ද්‍රව්‍ය මරණයෙන් පසු සාපේක්ෂව ඉක්මණින් දිරාපත් වීමට උත්සහ දරන බැවිනි... පටකයක් පොසිලකරණය සඳහා හැකිතාක් ඉක්මණින් අවසාදිත වලින් අවශේෂ ආවරණය විය යුතුය...
හරියට ඔයාලාට මේ තිරයේ පේන Photo එකේ විදිහට..."කෙසේ නමුත් මෙයට විශේෂ වූ අවස්ථා ද ඇත... එනම් පටකයක් මිදීම, වියලීම හෝ ඇනොක්සියානු ඒ කියන්නේ ඔක්සිජන් රහිත පරිසරයක විවේකයට පත් වීම... තව විවිධ වර්ගවල පොසිල හා පොසිලකරණ ක්‍රියාවලි ඇත...."
"එතකොට Professor පලවෙනියටම පොසිලයක් හොයාගත්තේ කව්ද..? ඒ ගැන විස්තර කරන්න පුලුවන්ද..?"
"ඔව් අනිවාරෙන්ම... 1677 දී Robert plot පළමු ඩයිනෝසර් පොසිලය සොයාගැනීමේ ගෞරවයට පාත්‍ර විය... නමුත් එය අයත් වන්නේ කුමකටදැයි ඔහුට හරි අවබෝධයක් නොවීය... ඒ නිසාම ඔහු එය යෝධ මිනිසෙකුගේ අස්ථියක් ලෙස නිර්වචනය කලේය..."
"ඇයි එයා ඒ විදිහට ඒක නිර්වචනය කලේ...?"
"මොකද ඒ වෙනකොට ඩයිනෝසර් කියන නමවත් හැදිලා තිබුනේ නැති නිසා... ඒ වෙනකොට කිසිම කෙනෙක්‍ට ඒ පිලිබදව අදහසක් තිබුනේ නෑ..."
YOU ARE READING
PROFESSOR SJ 2 (COMPLETED)
Fanfictionසාක්ෂි විනාශ කිරීමට උපන් හපන් හැකියාවක් ඇති අපරාධ පරික්ෂක ආචාර්යවරයාට තම සැමියා බේරාගත හැකිවෙයිද..?