"මම ජීවත් වෙලා ඉන්නකම් ඔයාට අත තියන්න කාටවත් මම ඉඩ දෙන්නේ නෑ..."
Haoxuanව ඇද උඩින් තියලා සියුම්ව නලල සිපගත්ත Jiyang කිව්වා...Haoxuanගෙන් ඈත් වෙලා බිම වැටිලා හිටපු Yanchenව කරෙන් තියාගත්තු Jiyang කාමරෙන් එලියට ගියේ කාමරේ දොර ලොක් කරලා ලොක් එකට පුටුවකුත් තියාගෙන මොකද Haoxuan ඇහැරුනොත් එලියට ඇවිත් කලබල කරනව කියලා Jiyang දැනගෙන හිටියා...
Lab එක ඇතුලට ආපු Jiyang Lab එකේ දොරත් ලොක් කරලා Lab එකේ අයිනකට ගිහින් Yanchenව බිමින් තිබ්බා... ඒ අයිනේ බිමට අල්ලලා තිබුනු තරමක් විශාල ටයිල් කැට හයක් අයින් කරපු Jiyang පින්තූරෙකින් ආවරණය කරලා තිබුනු Swich එකක් පහලට කලා... ඒ එක්කම ටයිල් කැටවලට යටින් දොරක් ඇරෙද්දි Yanchenව ආපහු කර උඩින් තියාගත්තු Jiyang පඩි එකින් එක පහලට බහින්න පටන් ගත්තා.... පඩි පෙල තරමක් මලකඩ බැදුනු යකඩ දොරක් ලගින් ඉවර වෙද්දි Jiyang නිදහස් අතින් සාක්කුවේ තිබුනු යතුරක් එලියට අරගෙන දොර ඇරියා...
දොර ක්රීස් හඩින් ඇරෙද්දිම පරණ ලේ වල ගද Jiyangගේ නහයට දැනෙද්දි Jiyangගේ නහය ඉබේම ඇකිලුනා... තරමක් අපහසුවෙන් කාමරේ ඇතුලට අඩිය තියලා ආපු Jiyang කාමරේ මැදම තියලා තිබුනු යකඩ මේසේ උඩින් Yanchenගේ සිරුර තිබ්බා... මුලු කාමරේම බිම දුබුරු පාට වේලුන් ලේ වලින් ආවරණය වෙලා තියෙද්දි ඒ දිහා ටික වෙලාවක් බලන් හිටපු Jiyang කබායේ පොකට් එකක තිබුනු මාස්ක් එකක් අරගෙන පැලදගත්තා...
"ආපහු එන්නේ නෑ කියලා අවුරුදු පහකට කලින් මමම වහලා දාපු කාමරේ..." Jiyang ලොකු හුස්මක් ගන්න ගමන් හිතුවා...
මොනවා උනත් මීට කලින් කෙමිකල් වල බස්සලා තිබුනු එක එක අවයව මේ වෙද්දි ඒ කාමරේ ඇතුලේ නොතිබුනේ Jiyang මේ කාමරේ වහලා දාන්න කලින් ඒ හැම දෙයක්ම විනාශ කරලා දාපු නිසා... කොහොම උනත් ඒ කාලේ පාවිච්චි කරපු ආයුධ ටිකක් තවමත් යකඩ මේසයක් උඩ තියෙනව දැකපු Jiyang සැනසුම් සුසුමක් හෙලුවේ මේ වෙලාවේ ඒ දේවල් සෑහෙන්න ප්රයෝජනවත් වෙනවා කියලා දන්න නිසා...
අත් දෙකට ග්ලව්ස් දෙකක් දාගත්තු Jiyang Yanchenගේ සිරුර තියලා තිබුනු යකඩ මේසේ ලගට ආවේ කලකිරීමෙන්... මොකද Yanchen එදා Haoxuan එක්ක ඒ විදිහට හැසිරුනේ නැත්තන් Jiyangගේ මනස අවුල් නොවී තියෙන්න තිබුනා... එහෙනම් කවදාවත්ම Jiyang තුලින් SJ කියලා කෙනෙක් ඉපදෙන්නේ නැතුව තියෙන්න තිබුනා... ඒ හැමදේමත් හරි ආපහු Yanchen මේ ගැන හොයන්න පටන් ගත්තේ නැත්තන් ආපහු Yanchen Haoxuanට කරදර කරන්න හැදුවේ නැත්තන් Haoxuanගේ හිතේ තමන් මිනිමරුවෙක් කියන හැගීම කවදාවත් ඇතිනොවෙන්න තිබුනා... එහෙනම් ආපහු Jiyangට තමන් අමතක කරපු මේ අපායට එන්න අවස්තාවක් හිමිනොවෙන්න තිබ්බා...
YOU ARE READING
PROFESSOR SJ 2 (COMPLETED)
Fanfictionසාක්ෂි විනාශ කිරීමට උපන් හපන් හැකියාවක් ඇති අපරාධ පරික්ෂක ආචාර්යවරයාට තම සැමියා බේරාගත හැකිවෙයිද..?