(9). on his eyes...

10 3 0
                                    

☘️☘️☘️☘️☘️☘️

නිදාගන්න කියල ඇඳට ආවත් කෙල්ලට නින්දක් ආවෙ නෑ... ආයෙ ආයේ කල්පනා උනේ මිසිස් ග්‍රේටා ට අහු වුනා නම් කොහොම වෙයිද කියලා...

ඒ එක්කම කෙල්ලට මතක් උනේ ලයිබ්‍රි එක ඇතුලේ සිද්ධ වුනු දේ....

ඒ වෙලාවෙ බයක් දැනුනත් ආයෙත් කල්පනා කරන කොට කෙල්ලගෙ හිතට දැනුනෙ වෙනස් හැඟීමක්..... ඒ රතු පාට ඇස් එක ඇහි පිල්ලමක් වත් ගහන්නැතුව බලන් හිටපු හැටි ගැන කෙල්ලට මතක් උනා... ඒත් ඒ ලස්සන ඇස් වලට හිමිකම් කියන මතකයක් හිත ඇතුලේ තියනව කියල හ්වායොන් ට දැනුනා....

සම්පූර්ණ නිමාඩු දවසක් වුනු ඉරිදා දවසත් හ්වායොන් ගත කලේ රූම් එකේමයි. මුලු දවසම මහන්සි වෙලා මග හැරුනු වැඩ ටික කවර් කර ගන්න කෙල්ලට පුළුවන් උනා. කලින් ඉස්කෝලෙත් වාරේ මැද හරියක් වෙනකම් නෝට්ස් තිබුන නිසා මහ ගොඩක් වැඩ කරන්න තිබුනත් නෑ...

හවස් වරුවේ හාජින් හ්වායොන් ව එක්කන් ගියේ ඉදිරියේදී හ්වායොන්ට චෙස් උගන්වන්න ඉන්න සෙන්සේනිම් ව හඳුන්වල දෙන්න....

ඒ මියොන් සෙන්සෙනිම්...

හ්වායොන්ට සෙන්සෙනිම් ව දැක්කම හිතුනේ නිළියක් වගේ කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හ්වායොන්ට සෙන්සෙනිම් ව දැක්කම හිතුනේ නිළියක් වගේ කියල. සෙන්සෙනිම් ඒ තරම් ලස්සනයි... ඒවගේම සෙන්සෙනිම් ගේ කටහඬත්... හරිය පොඩි ළමයෙකුගේ වගේ...

හ්වායොන්ට කලින් ඉඳලම චෙස් ගේම් එකක් විදියට කරල තිබුනු නිසා සෙන්සෙනිම් ට ගොඩක් මහන්සිවෙන්න ඕන උනේ නෑ... සතියේ බදාදා සිකුරාදා එක්කම සති අන්තරයේ ඉරිදා දවස් වල ඕනම වෙලාවක ස්කූල් ටයිම් එකෙන් පස්සේ තියන ටයිම් ටේබල් එකක් හ්වායොන්ට හම්බුනා.

" මේ දවස් ඔක්කොගෙම සෙල්ලම් කරන්න ඕනද සෙන්සෙනිම්....??" හාජින් ඇහුවේ හ්වායොන්ට හම්බුනු ටයිම් ටේබල් එක දිහා බලලා.

The WoodnoteWhere stories live. Discover now