(8).. The beginning of the story

16 3 0
                                    

ටේහ්‍යුයොන් රූම් එකට ආවෙ මහන්සියෙන්. ඒ ස්කූල් ටයිම් එකෙන් පස්සේ එහෙමම මීටින් එකට සම්බන්ධවෙන්න වුනු නිසා. කොල්ල ඇඳුම් ඔක්කොම ගලවල විසි කරල වොෂ් එකක් දාගත්තා...

ඇඟට දැනුන සනීපෙත් එක්ක, ටේහ්‍යුයොන් සැහැල්ලු ඇඳුමක් දාගෙන ආයෙමත් රූම් එකට ආවේ හොඳ නින්දක් දාන්න හිතාගෙන.

ඇඳේ හාන්සි උනාට ටිකක් වෙලා යනකම් නින්ද අහලකටවත් ආවෙ නෑ.. ටේහ්‍යුයොන් ට කල්පනා උනා තව මාස කීපයකින් උදාවෙන දහ අට වෙනි උපන්දිනේ ගැන... ඇත්තටම ටේහ්‍යුයොන් ගේ හිතේ ඒ ගැන තිබුනේ චකිතයක්...

වෘක ආත්මය අවදි වෙන වෙලාව ඇඟට ලොකු වේදනාවක් ගෙන දෙන වෙලාවක් කියල ටේහ්‍යුයොන් අහල තිබුනා. ඒත් එක්කම තමන්ගේ ඉතිරි ජීවිත කාලය තවත් ආත්මයක් එක්ක ගත කරන්න වෙන එක හරිම අමුතු විදියටයි ටේහ්‍යුයොන් ට දැනුනේ... ඒවගේම ශක්තිමත් වෘකයෙක් හැටියට ඇල්ෆා වුල්ෆ් පවුලට එකතුවෙන්න කොල්ලගෙ හිතෙ නොයිවසිල්ලකුත් තිබුනා...

ඊටත් පස්සෙ පරම්පරාවෙන් උරුම වෙන උසස්කම සහ බලවත් බවත් එක්ක ටේහ්‍යුයොන් ගේ හිස මත විශාල වගකීමක් පැටවෙන බව කොල්ල දැනගෙන හිටියා..

හැමදේකටම සූදානම් වෙන එක, එක හුස්මකින් කල්දාපු ටේහ්‍යුයොන් ඉරියව්ව වෙනස් කරල නිදාගත්තේ හිත සංසුන් කර ගන්න හිතාගෙන....

☘️☘️☘️☘️

තිර රෙදි අතරින් යාන්තමට එලිය වැටෙනකොට හ්වායොන් අවදි උනා... අවදි උනා නෙමෙයි අවදි කලා කිව්වොත් හරියටම හරි...

ඒ හාජින්.. හොස්ටල් එකේ නීති රීති වලට අනුව උදේම අවදි වුනු හාජින්, හ්වායොන් වත් ඇහැරව ගත්තේ කෙල්ලට ස්කූල් එකේ හැම තැනම පෙන්වන්න එක්කන් යන්න. සති අග නිවාඩු උනත් ඉස්කෝලේ ඇතුලේ වෙනදාටත් වඩා කාර්යබහුල බවක් තිබුනා...

බ්‍රෙක්ෆස්ට් එකට පස්සේ හාජින්, තව යාලුවෝ කීප දෙනෙක් එක්ක හ්වායොන්ව ඉස්කෝලේ වටේම එක්කන් ගියා.

හ්වායොන් ට පුදුමත් හිතුනේ ගෙදරටත් වඩා සැප පහසුකම් තියන ගොඩනැගිලි දැක්කාම.

ලයිබ්‍රි එක, ලැබ් එක, කම්පියුටර් ලැබ් එක, එක එක විදියේ ප්ලේ ග්‍රව්න්ඩ්ස්, ස්විමින් පූල්.... ලෙඩ උනාම නැවතිලා ඉන්න වෙනම නේවාසිකාගාර.... ඒ අස්සේ ජිම් එකක්. හ්වායොන්ට පුදුමයි. නැති දෙයක් නෑ... විශේෂ ම කාරනාව තමයි ඒ හැම තැනකම එක දූවිලි බිංදුවක් නැති ගානට පිරිසිදු කමට තියන එක.

The WoodnoteWhere stories live. Discover now